විදුලි සැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. (Sri Lanka Latest News)
පුස්සැල්ලාව, මායිප්පල ප්‍රදේශයේ ඊයේ (29) උදෑසන මොවුන් දෙදෙනාට විදුලිසාර වැදී ඇති අතර, ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේ දී දෙදෙනාම මියගොස් ඇති බවට පුස්සැල්ලාව පොලිසිය සදහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වන අයෙකු සහ අවුරුදු 05යි මාස 08ක් වයසැති කුඩා දැරියකි.
මරණකරු විසින් තම එළවළු කොටුව සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එම විදුලි රැහැනේ දෙදෙනාම පැටලී සිටියදී අසල්වාසීන් විසින් විදුලි රැහැන් ඉවත් කර ගම්පොල රෝහලට ඇතුලත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
dinamina










