වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුම්වත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ඊයේ (29) පස්වරුවේ වැඩබලන පොලිස්පතිවරයා ගේ නම තමාට ලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍ය වෙත තහවුරු කොට ඇත.
ඒ අනුව කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව රැස් වී වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා සඳහන් කර තිබේ.
පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දුන් සේවා දිගුව පසුගිය 24 වැනිදා අවසන් වීමත් සමඟ පොලිස්පති ධුරය පුරප්පාඩු වී පැවතිණි.










