• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය දිනපතා ඇසීම ඇරඹෙයි! ‌ෂැංග්‍රිලා හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ගත් ෆොටෝ එකක සහරාන් ඉඳලා! නඩුව බලන්න අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීනුත් ඇවිත්! I Sri Lanka Latest News

October 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය දිනපතා ඇසීම ඇරඹෙයි! ‌ෂැංග්‍රිලා හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ගත් ෆොටෝ එකක සහරාන් ඉඳලා! නඩුව බලන්න අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීනුත් ඇවිත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ දිනයේදී ෂැංග්‍රිලා හෝටලයේදී ලබා ගත් ඡායාරූපයක තමා පිටුපසින් සහරාන් නමින් හඳුන්වන තැනැත්තා සිටි බව එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක වන නිශංකා හංසමාලී ඇන්තනී මහත්මිය කොළඹ මහාධිකරණයේදී ඊයේ (10) පැවසුවාය.Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ විභාගය කොළඹ මහාධිකරණයේදී ඊයේ (10) ආරම්භ වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් ඇය මේ බව සඳහන් කළාය.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල කොළඹ මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වේ.

2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට අධිචෝදනා ගොනු කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ 2021 වසරේ අගෝස්තු 10දා නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව අධිචෝදනා භාර දෙන ලද අතර, නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මිය ගොස් ඇති බව පසුව අනාවරණය විය.

දීර්ඝ පූර්ව නඩු විභාගයෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම ඊයේ (10දා) ආරම්භ විය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ලේ දේශනය කරමින් චෝදනා පත්‍ර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කොට ඇති විත්තිකරුවන්ට එහි දමිළ පරිවර්තන ද ඉංග්‍රීසි භාෂාවෙන් චෝදනා පත්‍ර ඉල්ලා සිටි මොහොමඩ් අක්‍රම් අහක්කම් නමැති විත්තිකරුට එයට අතිරේකව දෙමළ භාෂාවෙන් ද චෝදනා පත්‍ර දුන් බව කියා සිටියාය.

ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ මෙහෙයවීම යටතේ ෂැංග්‍රිලා හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක වන නිශංකා හංසමාලී ඇන්තනි මහත්මිය (අවු:33) සාක්ෂි දුන්නාය.

2017 වසරේ සිට 2020 දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස හා එහි ආහාරපාන අංශයේ සේවය කළ බව ඇය පැවසුවාය. 2019 වසරේ අප්‍රේල් 21දා පාස්කු දිනය නිමිත්තෙන් හෝටලයේ අමුත්තන් සඳහා ඊස්ටර් බ්‍රස්ට් නමින් විශේෂ දිවා භෝජනයක් පැවැත් වූ බවත් එවැනි විශේෂ වැඩසටහන් පැවැත්වෙන දිනවල කාන්තා සේවිකාවන් සඳහා පෙර දින ආයතනයේ නවාතැන් ලැබෙන බවත් කීවාය. ඒ අනුව තමාද එදින නැවතී උදෑසන 6.00 වන විට සේවයට වාර්තා කළ බව කීවාය.

එදින උදෑසන තමා සේවය කළ කොටසට හෝටලයේ නැවති සිටි විදේශීය අමුත්තන් 50ක් පමණ ද එයට අමතරව දේශීය අමුත්තන්ද ආහාර ගැනීමට පැමිණ සිටි බව කීවාය. පෙ.ව. 10.15ට පමණ අවන්හලේ එක් කොටසක බෝම්බ පිපිරීමක් සිදුවූ බවත් ඒ සමඟ දුමාරයකින් හෝටලය වැසී ගිය අතර, විදුලි පහන් නිවී අඳුරු ස්වභාවයක් ගත් බව කීවාය. තමන් අවන්හලේ මුහුද දෙසට වූ බාර් එක දෙසට ඇවිද යන අතර, එම ස්ථානයේ ද නැවත පිපිරීමක් සිදුවූ බව කීවාය. ඉන්පසු තමන් සාමාන්‍යයෙන් භාවිතා කරන දොරටුව වෙනු‍වට සේවකයන් භාවිත කරන දොරටුවෙන් චීන ජාතික අමුත්තන් පිරිසක්ද සමඟ පිටවූ බව කීවාය.

පහළ මහලට පැමිණි විට එහි ලොබියේ ප්‍රහාරයට ලක්වූ අයගේ විසිරී තිබුණු ශරීර කොටස් දුටු බව කීවාය. අනතුරෙන් තමන්ගේ හිසටද සුළු තුවාල වූ බවත් එයට ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගත් බවද සාක්ෂිකාරිය කීවාය. පසු අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ඡායාරූප දෙකක් පෙන්වා එහි සිටි අය හඳුනාගත හැකි දැයි විමසා සිටි බව කීවාය. ඉන් එක් ඡායාරූපයක තමා පිටුපස සහරාන් නමින් හඳුන්වන තැනැත්තා සිටි බව නිශංකා හංසමාලී මෙය සාක්ෂි දෙමින් කියා සිටියාය. නඩු විභාගය අද (11දා) යළි සිදුවේ. එහිදි සීසීටීවී දර්ශන ඇසුරෙන් සාක්ෂි විමසීමට නියමිතය.

නඩුව 12දා දක්වා දිනපතා විභාග කිරීමට දින නියමව තිබේ.

අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ද නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විවෘත අධිකරණයට පැමිණ සිටියහ.

දිනමිණ

SendShareShare
Previous Post

‘අපි කියන දේ අහන්නේ නැතිනම් අපි මොකටද මේකට අත උස්සන්නේ? අපිට තීන්දුවක් ගන්න වෙනවා!’ ආණ්ඩුවේ අයවැයට එරෙහිව පොහොට්ටුවේ රෝහිත පළමු ප්‍රසිද්ධ ප්‍රහාරය එල්ල කරයි! I Sri Lanka Latest News

Next Post

මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුවුණේ නෑ! උතුරේ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් වෙයි! දේශපාලන පක්ෂ හතක් ඒකාබද්ධව තීන්දු කරයි! Sri Lanka Latest News

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper