• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව රනිල්ට බාරදෙයි! Sri Lanka Latest News

October 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව රනිල්ට බාරදෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.Sri Lanka Latest News

විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුබසාධනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2023 අප්‍රේල් 19 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පිහිටුවන ලදී.

“දිරි පියස” භාරකාර අරමුදලේ සහ ඇග්‍රොමාර්ට් අවුට්රිච් පදනමේ හිටපු සභාපතිනී නීතීඥ ඒ. කේ. වීරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු, කැනඩාවේ ගෝලීය විශ්වවිද්‍යාල සේවයේ අධ්‍යක්ෂ මුම්ටාස් ෆලීල්, පොලිටික්ස් එස්එල්කේ ආයතනයේ උපායමාර්ගික විශේෂඥ මලිතී හේරත්, කාන්තා විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ අධ්‍යාපන විශේෂඥ නිර්මාලි වික්‍රමසිංහ, වෛද්‍ය දිල්ශානී බෝගොල්ලාගම, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ළමා ආරක්ෂණ සංවර්ධන සහ විශේෂ අවශ්‍යතා වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවමල්ගේ, හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂ ශිරෝමි මාසකෝරාළ, “සේව් ද චිල්ඩ්‍රන්” හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක බුද්ධිනී විතාන, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ විද්‍යාල කවුන්සිලයේ සාමාජික වෛද්‍ය අස්විනි ඩී. ප්‍රනාන්දු සහ යුනිසෙෆ් ආයතනයේ ළමා ආරක්ෂණ විශේෂඥ, නීතීඥ හා වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් කටයුතු කරති.

විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ ප්‍රායෝගික නිර්දේශ සකස් කිරීම සඳහා පසුගිය මාස පහකට ආසන්න කාලය තුළ මෙම කමිටුව සාකච්ඡා වාර 21ක් පවත්වමින් කරුණු විමර්ශනය කළේය.

ආයතනික පරිසරයන්, මාපිය රැකවරණය නොමැතිකම, පවුල් විරසකවීම, සමාජ මධ්‍ය භාවිතය, ළමා ශ්‍රමය ආදී ගැටලු මෙන්ම ළමා ආරක්‍ෂාව පිළිබඳ පුළුල් පරාසයක පවතින කරුණු පිළිබඳව මෙම වාර්තාවෙන් අවධානය යොමු කර තිබේ.

එසේම නවීන සමාජයේ පවතින ඉල්ලීම් සපුරාලීම ඉලක්ක කර ගනිමින් ළමා ආරක්ෂාව සඳහා පවතින ආයතනික, පරිපාලන සහ නෛතික ආරක්‍ෂාවන්හි ප්‍රමාණාත්මකභාවය ද එහිදී ඇගයීමට ලක් කර ඇත.
තවද, විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයට, අපයෝජනයට සහ නොසලකා හැරීම්වලට මුහුණ දුන් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා වූ උපාය මාර්ග පිළිබඳව ද මෙම වාර්තාව මගින් නිරීක්ෂණයට ලක්කර ඇත. එමඟින් ළමයින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යොමුවන ප්‍රවණතාවය පිළිබඳව අධ්‍යයනයට ලක්කර ඇති අතර ළමා ආරක්ෂණ මුලපිරීම් වෙනුවෙන් ප්‍රජා සහභාගීත්වය සඳහා ගත යුතු නව්‍ය ප්‍රවේශයන් පිළිබඳව ද අධ්‍යයනය කර තිබේ.

ළමුන් සඳහා සිදු කරන ආයතනිකගත ආරක්ෂණය අවම කිරීම සහ පවුල් පාදක ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව ද කමිටුව අවධානය යොමු කර ඇත.
මීට අමතරව, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පරිවාස නිවාසවල, රැඳවුම් මධ්‍යස්ථානවල සහ රජයේ අනුමත විශේෂ පාසල්වල සිටින ළමුන් සාර්ථක ලෙස නැවත සමාජගත කිරීමේ අරමුණින් “ප්‍රතිසාධන පුනරුත්ථාපන ක්‍රියාවලියක්” පිළිබඳව ද මෙම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ජීවන කුසලතා සංවර්ධනය සහ පුද්ගල ආරක්ෂණ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරමින් ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සාර්ථකව සමාජගත කිරීම සඳහා වන නිර්දේශ ද මෙහි ඇතුළත්ය.
ළමුන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වන සාධක වැළැක්වීම සහ අවම කිරීම, එවැනි දරුවන් මුහුණ දෙන ප්‍රතිවිපාක හඳුනාගැනීම සහ වාර්තාකරණය, කළමනාකරණය සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති හා නිර්දේශ ද මෙහි ඇතුළත් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-04

SendShareShare
Previous Post

ඊයේ කිව්වේ නම් ‌පොඩි ගණනකින් ඉහළ යනවා කියලා! ඒත් අද ගෑස් සිලින්ඩරය රුපියල් 343කින් ඉහළ දාලා! Sri Lanka Latest News

Next Post

ලිනැක් යන්ත්‍රවලින් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර නොකර සතුන්ටවත් ප්‍රතිකාර නොකරන කෝබෝල්ඩ් යන්ත්‍ර දිගටම තියාගන්න හදන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.