වසරකට 30000ක් පිළිකා රෝගීන් බිහිවන බවත් ඔවුන්ට විකිරණ ප්‍රතිකාර ලබා දීම ලාභදායී බවත් මේ සදහා ලිනැක් කියන උපකරණය භාවිත කරන නමුත් අප රටේ ක්‍රියාත්මක වන්නේ කෝබෝල්ඩ් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බවත් එය විදෙස් රටවල සතුන්ගේ පිළිකා තත්ත්ව සදහා වත් යොදා නොගන්නා බැවින් මෙම ලිනැක් කියන යන්ත්‍ර භාවිතයට ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
යාපනය, මඩකලපුව, මහනුවර හා කරාපිටිය යන රොහල්වලට ලබා දී ඇති බවත් එම යන්ත්‍ර බදුල්ල, රත්නපුර, කුරුණැගල, අනුරාධපුර, හම්බන්තොට ආදී දෙවැනි වටයේ රෝහල් වලට ලබා දෙන්න ඩොලර් මිලියන 2ක් වැය වන නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින් පිරිසක් කෝබෝල්ඩ් යන්ත්‍ර දිගටම පවත්වා ගැනීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ හේතුවෙන් ලිනැක් යන්ත්‍රයකට වැයවන මුදලින් හරි අඩක් වියදම් කර යල්පැනගිය විදෙස්රටවල සතුන්ට පවා යොදා නොගන්නා යන්ත්‍ර ගෙන්වීමට සූදානම් බවත් මේ යල්පැන ගිය යන්ත්‍ර වෙනුවට ලිනැක් යන්ත්‍රය භාවිත කරන ලෙස ද ඉල්ලා සිටියේය.
ඊට අමතරව පැනසියා යන විකිරණ යන්ත්‍රයක් ඉන්දියාවෙන් ගෙන්වීමට සූදානම් නමුත් එම යන්ත්‍රය ඉන්දියාවේවත් භාවිතයට නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.










