රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.
එහි උත්තරකරු ලෙස නීතිපතිවරයාට නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ, අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු සෙසු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.










