රජයේ සෑම අතකින්ම ජනතාවගේ කතා කිරීමේ නිදහස අහෝසි කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරිමටත් සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (3) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
ප්‍රතිත්‍රස්ත පනත තුළ යම් පුද්ගලයකු රජයට විරුද්ධව මතයක් දැරුවොත් සිරගත කිරීමේ හැකියාවක් පවතින බවත් සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත හරහා ද එවැනිම දඩුවම් පැනවීමේ හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත සම්බන්ධයෙන් ඇපල්, ඇමසන්, මෙටා, ප්‍රින්ටර්ස් ගූගල්, ලින්ක්ඩින්, බුකින්.කොම් ආදී සමාගම්වල Asia Internet Coalition බරපතල විරෝධය පළ කර ඇති බවත් ඔවුන් රටින් ගියහොත් විදේශ ආයෝජන කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ පනත් හරහා රජයේ හා ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට උත්සාහ කිරිමක් බවත් මෙය ආඥාදායක ඒකාධිපති දරුණු වැඩපිළිවෙළක් බැවින් මෙය ඉල්ලා අස් කර ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.









