ශ්‍රී ලංකාව දරිද්‍රතා උගුලෙන් මුදවාගෙන සංවර්ධනය කරා ගමන් කිරීමට හැකි සියලුම සහායන් අඛණ්ඩව ලබාදීමට චීනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං මහතා පවසයි.Sri Lanka Latest News
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබු උත්සවය පෙරේදා (28) රාත්‍රීයේ කොළඹදී පැවැත්වුණි.
මෙරට චීන තානාපති චී ෂෙන් හොං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන වන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ද එක්වී තිබුණි.
එමෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක්ද මෙම අවස්ථාවට එක්විය.
පසුගිය සතියේ පැවැති බණ්ඩාරනායක අනුස්මරණ උත්සවයේදීද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව සිටි ආකාරයක් දැකගත හැකිවිය.










