ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්ටන ප්‍රදේශයේ සිට යාපනය කන්කසන්තුරේ වරායට අධිවේගී මගී ප්‍රවාහන සේවා නෞකාවක් ලබන ඔක්තෝබර් 20ට ප්‍රථම සිදු කරන බව තමිල්නාඩු සාගර කටයුතු පිළිබද අමාත්‍ය ඊ. වේලු පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඇති කරගත් එකගතාවන්ට අනුව මෙය සිදු කරන බවකි.
මෙහිදී එක් වරකට මගීන් 150කට ආසන්න පිරිසක් ගමන් කළ හැකි අධිවේගී බෝට්ටු යොදාගන්නා බවද අමාත්‍යවරයා කීය.










