දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකරන්නේ නම් එය ප්‍රමාණවත් බවත්, එවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.Sri Lanka Latest News
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට අද (24) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යය, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ඊට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
“විමර්ශන කරන්නට නායකයෝ නායකත්වය ගන්වානම්, ඒකට ක්‍රියා කරනවානම්, හැබැයි අවංක ලෙස, දේශපාලන බලපෑම්වලට යටවෙලා එයාලව මෙයාලව ආරක්ෂා නොකර ඇත්තටම මොකද්ද වුණේ කියන එකේ ඇත්ත සොයාගන්න අවංක නිලධාරීන් හරහා යම් ප්‍රයත්නයක් දරනවා නම් අපිට ඒකෙන් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නැහැ. අපි කියන්නේ විනිවිඳපෙනෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කරන්න කියලා.”










