• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව කියලා ගේන්න යන්නේ ජනාධිපති තනතුර ආරක්ෂා කරගැනීමේ පනතක්! අපි උසාවි යනවා! දුර්දාන්ත මාධ්‍ය මර්දන ප්‍රතිපත්තිය පරද්දන්න ජනතාව එක්ක පාරට බහිනවා! සජිත් මාතර පළාත්පාලන නියෝජිතයන්-අපේක්ෂකයන් අමතයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 24, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව කියලා ගේන්න යන්නේ ජනාධිපති තනතුර ආරක්ෂා කරගැනීමේ පනතක්! අපි උසාවි යනවා! දුර්දාන්ත මාධ්‍ය මර්දන ප්‍රතිපත්තිය පරද්දන්න ජනතාව එක්ක පාරට බහිනවා! සජිත් මාතර පළාත්පාලන නියෝජිතයන්-අපේක්ෂකයන් අමතයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය විසින් සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය වාරණය කිරීමේ අරමුණින් මර්දනය කිරීමේ පනතක් ඉදිරිපත් කිරිමට නියමිත බවත් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන නම පෙරටු කර ගත්තත් එහි කිසිදු ආරක්ෂාවක් නොමැති බවත් එහි ඇත්තේ මර්දනය බවත් එහි අරමුණ පොදුජන හඩ, ජනතා හඩ හා විපක්ෂය නිහඩ කිරිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මේ සඳහා කොමිසමක් පත් කිරිමට නියමිත බවත් එහි සභාපති හා සාමාජිකයන් පත් කරන්නේ සහ ඉවත් කරන්නේ ජනාධිපති බවත් තමන් කියන ආකාරයට කටයුතු නොකරන්නේ නම් එම සාමාජිකයන් ඉවත් කළ හැකි බවත් තමන්ට හිතවත් අතකොලුවන් පත් කර මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පෙරටු කර ගෙන තමන්ගේ තනතුරේ, තමන්ගේ හා තමන් හිතවත් පුද්ගලයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරුන්, වරියන් හා අපේක්ෂකයින් සමඟ පැවැත්වූ හමුවකදී ය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ මේ පනතට නොරැවටෙන ලෙසත් විකාශන අධිකාරි පනත සම්බන්ධයෙන් ගරු අධිකරණය පවා කියා සිටියේ නියාමනයක් අවශ්‍ය වුවත් ඒ සඳහා විධායකයට බලයක් නොමැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවන් පෙර ලබා දුන් තීන්දු තීරණවලට පටහැනිව වත්මන් රජය ඉදිරිපත් කරන මාධ්‍ය මර්දන පනතේ කිසිදු වලංගුභාවයක් නොමැති බවත් පැවසීය.

ජනාධිපති නම් කරන මේ කොමිසම අධිකරණයේ බලය පවා අභිබවා යන බවත් මෙය මෙරට ජනතාවගේ මූලික අයිතිය උල්ලංඝනය කිරිම බවත් මිලියන 230කට වැඩි ජනගහනයක් සිටින පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් මෙවැනි පනතක් ගෙන ඒමට සූදානම් වුවත් ඔහුට එය හකුලා ගැනීමට සිදුවූයේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන ඉවත්වීමට සූදානම් වූ නිසා බවත් පැවසීය.

මේ පනතේ වසර 5ක සිරදඩුවම් ලබා දෙන බලයක් ඇති නිසා අන්තර්ජාල කේන්ද්‍රස්ථාන මෙරට හැරයාමේ අවධානමක් ඇති බවත් දැන්ටමත් ෆේස්බුක් ට්විටර් ඉන්ටර්ග්‍රෑම් ගූගල් වැනි ආයතන පවා අනතුරු අගවා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

වත්මන් රජය ඩිජිටල් ආර්ථිකයක් ගෙන එනවා යැයි පුරසාරම් දොඩමින් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වාරණය කිරිමට උත්සාහ කරන බවත් මේ සෑම දෙයක්ම සිදු කරන්නේ ජනාධිපති පට්ටම්, තනතුරු ආදිය ආරක්ෂා කර ගැනීමටත් බවත් තමන්ට රිසි නොවන මත සම්පූර්ණයෙන්ම බැහැර කර රාජ්‍ය ත්‍රස්තවාදයක් හරහා මාධ්‍ය මර්ධනය කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙවැනි අනපනත් තුළ අපේ රටට නව තාක්ෂණය නොපැමිණෙන බවත් සෘජු විදේශ ආයෝජන පවා නැති වන බවත් මේ අන පනතේ බොහෝම පැහැදිලි අරමුන වන්නේ ජනතා හඩ නිහඩ කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විනාශ කිරිම බවත් වෙනස් වෙනස් මත යටපත් කිරීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ රජයට විරුද්ධව මතයක් දැරුවොත් දඩුවම් කිරීමටත් මත දැරීමේ නිදහස සිතිමේ නිදහස එකතුවීමේ නිදහස අහෝසි වන බවත් පැවසීය.

එම නිසා සමගි ජන බලවේගය මෙවැනි අනපනතක් ගෙන ආවොත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බවත් ඊට අමතරව මේ මාධ්‍ය මර්දන දුර්දාන්ත ප්‍රතිපත්තිය පරාජය කරන්න මහපාරට බහින බවත් පැවසීය.

රට තුල ඒකාධිපතීත්වයකට ආඥාදායකත්වයකට ඉඩක් නොමැති බවත් මර්දනය වෙනුවට ජනතාවට නිදහස හා සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය තිබිය යුතු බවත් මේ අනපනත් සම්මත වුවහොත් පාස්කු ප්‍රහාරය පිටුපස ඇති මහමොලකරුවන් සම්බන්ධයෙන් පවා සොයා බැලීම සිදු කළ නොහැකි බවත් දේශපාලන කුමන්ත්‍රණ කිසිවක් සොයා ගැනිමට නොහැකි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ත්‍රීවීල්වල යද්දී දෙන දේවල් කන්න බොන්න යන්න එපා! මෙන්න එහෙම කාපු බීපු අයට වෙච්ච වින්නැහිය! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මේ වෙනකම් කළේ බොරු!’ පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයට නොයන්න නම් කාදිනල් හිමියන්ගෙන් කොන්දේසියක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.