හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා. (Sri Lanka Latest News)
මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය, පේරාදෙණිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ විසින් සිදු කිරීමෙන් පසු අදාළ විවෘත තීන්දුව ලබාදෙමින් මෘත ශරීරයේ කොටස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය පීඨය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තිවින් සාහිත්‍යයන් නමැති 23 හැවිරිදි සිසුවා හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය 22 වනදා මියගොස් තිබුණා.
මන්නාරම – මුරුක්කන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම සිසුවා පේරාදෙණිය – ඊරියගම ප්‍රදේශයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් දෙදෙනෙකු සමඟ රැඳී සිට තිබෙනවා.
නේවාසිකාගාරයේ සිටිය දී හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් පසුගිය 22 වනදා අලුයම 2.00ට පමණ මොහු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
එලෙස රෝහල්ගත කර සිටිය දී පැය දෙකකට පමණ පසු සිසුවා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
dasathalankanews









