ඊශ්‍රායලයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී සිදුවූ අනතුරකින් ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා අනූනවයෙන් ගැලවෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක්කොට ඇත.Sri Lanka Latest News
ඒ, ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු විසිනි.
ඊශ්‍රායලයේ පැවැති එම සංගීත ප්‍රසංගයට සංගීතය සපයා තිබුණේ ෆ්ලෑෂ් බැක් කණ්ඩායම විසිනි.
සංගීතය අතරතුරදී වේදිකාව පිටුපස තබා තිබූ විශාල පුවරුවක් ඉදිරියට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබිණ.
එහිදී කණ්ඩායමේ කිහිප දෙනකු සුලුතුවාල ලබා තිබූ අතර රයිනි චාරුකා අනූනවයෙන් බේරෙන ආකාරයක් දැකගත හැකි විය.










