මහ බැංකුවේ අනුමැතිය තිබූ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි (UB finance) ආයතනයේ තැන්පත්කරුවන් 2650කට වැඩි ප්‍රමාණයක් රුපියල් බිලියන 1.36ක මුදලක් පොලි ආදායම ලබා ගැනිම සදහා තැන්පත් කළ ඇති නමුත් මහබැංකුවෙි හා එහි සිටි අධිපතිවරුන්ගේ ක්‍රියකාරකම් තුළ මෙම තැන්පත්කරුවන්ගේ තැන්පතු සදහා අසාධාරණයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද සවස විපක්ෂ නායක කාර්යාලයේදී අසාධාරණයට පත් UB Finance තැන්පත්කරුවන් සමග පැවැති සාකච්ඡාවකදී ය.
රට බංකොලොත් කිරීමට හේතු වූ පුද්ගලයන් නිසා මෙම පිරිසට අසාධාරණයක් සිදු වූ බවත් වත්මන් රජය පවා දිගින් දිගටම කරන්නෙ රැවටීම බවත් එම නිසා මෙ සම්බන්ධයෙන් පාර්ලිමෙින්තුවේදී හඩක් නගා මේ සදහා සාධාරණයක් ඉටු කර දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

















