පසුගිය දිනෙක සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයන් කිහිපයකට පිළිතුරු ලබා දීමට අද දිනයේ සජබ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
විපක්ෂ නායක කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මෙසේද කීය.
අපි දැක්කා පසුගියදා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කිව්වා සමගි ජන බලවේගය තානාපති වරුන්ට කේලම් කියලා තමයි ලංකාවට සංචාරක සීමා පනවල තියෙන්නේ කියලා එම අමාත්‍යවරයාට මම කියන්න කැමතියි තානාපති කාර්යාල වැඩ කරන්නේ කොහොමද කියලා මුලින් හොයලා බලන්න. මේ රටේ වෙන දේවල් ලෝකයේ රටවල් වලට විවිධ අංශ වලින් වාර්තා වෙනවා එසේ වාර්තා වුනාම ඒ රටවල් වල ඉන්න පුරවැසියන්ගේ ආරක්ෂාවට තමයි යම්කිසි සංචාරකයෙක් අපේ රටට එනවා නම් ඒ රටෙන් උපදෙස් ලබා දෙන්නේ. පහුගිය දා ලංකාවේ නැවතත් වෙඩි තැබීම් වලින් ජනතාව මිය ගියා පසුගිය දා මීගමුවේ වැඩි තැබීමක් හා තංගල්ල ,දික්වැල්ල වෙඩි තැබීම් සිදු වුණා එහිදී ආණ්ඩුවට හරියට පොලිස්පති වරයෙක් වත් පත් කරගන්න බැරුව රටේ පාතාලය හරියට මර්දනය කරගන්න බැරුව කොහොමද කියන්නේ සංචාරකයන්ට ආරක්ෂාවක් දෙනවා කියලා. හරීන් ඇමතිතුමා කැබිනට් එකේ කතා කරලා පොලිසිය හරියට ක්‍රියාත්මක කරලා සංචාරකයන්ට විතරක් නෙමෙයි රටේ ජනතාවටත් ආරක්ෂාවක් ඇතිවන ආකාරයට වැඩපිළිවෙළක් හදන්න ඕන. එහෙම නැතුව සමගි ජන බලවේගය ට ඇවිත් දොස් කියලා සමගි ජන බලවේගය තානාපතිවරුන්ට කේලම් කියලා විදේශ රටවල් වඩා විදේශ ප්‍රතිපත්තිය පාලනය කරනවා කියන එක කොයි තරම් මෝඩ වැඩ ද කියලා අපිට අහන්න සිදු වෙනවා. ඒ නිසා හරියට පොලිස්පති කෙනෙක් පත් කරන්න ඒ වගේම අපි දකිනවා පාතාලය නායකයන් වෙනත් රටවල් වලට ගිහිල්ලා ඒ රටවල්වල ඉදන් පාතාලය මෙහෙයවනවා ඒ පාතාල නායකයෝ ලංකාවට ගෙනල්ලා නීතිය ක්‍රියා කරන්නෙ නැතුව විවිධ කතා කියමින් දේශපාලන වාසි ගන්න කටයුතු කරනවා. ඒ වගේම එතුමාට තවත් දේකට හිත රිදිලා තියෙනවා වෙලා ඒ තමයි සංචාරක සීමා ගැන තානාපතිවරුන් කියනකොට ත්‍රස්ත ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියලා නිවේදන දාලා කියලා එහිදී හරීන් ගෙන් අපිට අහන්න තියෙන්නේ එදා ඔහු සොනික් සොනික් ඕනි ගැන කතා කළා ඒ පරීක්ෂණ ඉවර ද, අද ඔහු හොයා ගෙන ද තියෙන්නේ ඒ නිසා කරුණාකරලා කැබිනට් එකට ගිහිල්ලා ජනාධිපතිතුමා සහ ඇමැතිවරුන් සමග සොනික් සොනික් හොයාගෙන තානාපතිවරුන්ගේ නිවේදන ගැන කතා කරන්න කියලා අපි මතක් කරනවා.
ඒ වගේම මේ අවස්ථාවේ අපි කියනවා ඔව් අපේ විදේශ ප්‍රතිපත්තියක් හැටියට සමගි ජන බලවේගය සියලුම රටවල් සමග ගණුදෙනු කරනවා මිත්‍රකම් පවත්වනවා ඒ රටවල්වලට අපේ රටේ ජනතාවට උදවු කරන්නේ කියලා අපි කියනවා එසේ කියනකොට අපිට කියන්න වෙනවා මේ රටේ වංචාව සහ දූෂණ තවමත් තියෙනවා කියලා. මේ රජය ඇතුලේ හොරු ඉන්නව කියල අපි තානාපතිවරුන්ට කියන්නේ නැතුව මොනවද කියන්නේ හොරුන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රජය හොරුන් රකිනවා නම් අපි මොනවද කියන්නේ කියලා හරීන් ගෙන් අහන්න කැමතියි ඒ වගේම අපට කියන්න සිද්ධ වෙනවා හෙට දිනයෙත් අපි ලෝක බැංකුව අපි හමු වෙනවා එහිදී අපි කියනවා අස්වැසුම හරියට සිදු වන්නේ නැහැ කියලා අද එහි සභාපතිවරයාව අස් වෙලා තියෙනවා මොකද ජනතාව කිව්වම එය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ජනතාව විරෝධතා අභියාචනා දැම්මම ඒවා ගණන් නොගෙන උද්දච්ච අන්දමින් රජය හැසිරිලා රටේ දුප්පතා ගේ බඩට ගහලා සාධාරණයක් කරන්නේ නැතිව වැඩ කරලා තමයි මේ ප්‍රශ්න ඇති වුණේ. අද ඇතැම් තරුණ ඇමැතිවරු ඉන්නවා උද්දච්ච විදියට වැඩ කරනවා ඇතැම් වෙලාවට ඔවුන් හිතෙනවා ඒ අයගේ මතය තමයි හරි කියලා ඒක මේ රජය පාලනය කරනවා නමුත් ඒ තුළින් රටේ ජනතාවට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා ඒ ජනතාවට ලැබෙන්න ඕන සේවය රජයෙන් ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි මේ සේවාවන් විවිධ ආයතන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව විවිධ රටවල් වලින් ණය ආධාර අරන් තමයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ජනතාව ඇවිල්ලා අපිට පැමිණිලි කරාම ඒ ආයතන වලට ගිහිල්ලා කියන්නේ වෙනවා හරියට වෙන්නේ නැහැ කියලා නැතුව අපිට බොරු කියන්න බැහැ ඒ නිසා අපි ජනතාව මූලික කරගත් විදේශ ප්‍රතිපත්තියක් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරනවා. ඒ සදහා හැම වෙලාවෙම ජනතාවගේ පැත්තේ ඉදන් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා .ඒ ජාත්‍යන්තර රටවල්වල කණ්ඩායම් වල සියලු දෙනා එකතු කරගෙන සියලුම අරන් මුලින් වෙනකොට සාධාරණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැනත් විවිධ රටවල් වලට අපේ මතයක් ප්‍රකාශ කළා අපි කිව්වා එම වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ඕන විදේශ ණය ගෙවන්න විතරක් නෙවෙයි දැන් කරන්නේ අපේ රටේ ජනතාවට බදු ගහලා සූරා කාල ඒ බදු වලින් විදේශ ණය ගෙවන්න වැඩපිළිවෙළක් රන බව රජයෙන් පේනවා මේ වෙන විට ගොවියාට වී ටික හරියට විකුණගන්න බැහැ විශාල අලාභයක් ගොවියා ධීවරයා ලබනවා ඔවුන්ට හරියට මාළු ටික විකුණගන්න බැහැ මේ වෙනකොට ලංකාවේ බහුදින යාත්‍රා වලින් බාගයක් මුහුදු යන්නේ නැහැ අලුත් ධීවරයෙක් ට බෝට්ටුවක් එළියට දාලා යන්න ලක්ෂ 25ක් පමණ යනවා දුප්පත් ධීවරයෙක් කොහොමද එහෙම රකියාවක් කරන්නේ එම නිසා අපි කියනවා අලාභ ලබන තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය විවසාය ලාබ ලබනවා කියන එක විතරක් නෙමෙයි ආර්ථිකය හදනවා කියන්නේ රටේ ජනතාවට කොහොමද ආදායම් මාර්ග හදාගෙන ඒ ආදායම්වලින් කොහොමද ජීවත් වෙන්නේ කියන එකයි ආර්ථිකය ඒ ප්‍රතිපත්තිය උඩයි රජය යන්න ඕන. රජය කරන්නේ බදු පිට බදු ගහලා වෛද්‍යවරුන් පවා රටට අහිමි කරන එකයි රජය කරන්නේ ආචාර්යවරුන් රටේ නැති කරන එක රජය කරන්නේ නිසා අපි කියනවා වහාම ඒ ප්‍රතිපත්තිය වෙනස් කරලා ජනතාවාදි ප්‍රතිපත්තියක් හැටියට පරිවර්තනය කරන්න ඒක තමයි අපි ජාත්‍යන්තරයට දෙන උත්තරය .මොකද අනිවාර්යෙන්ම සමගි ජන බලවේග රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි ජනතාවට සහන දෙන පරිදි නැවතත් සමාලෝචනය කරන්න බලාපොරොත්තු වෙනවා ඒක තමයි සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා ජාත්‍යන්තරයට කියල තියෙන්නේ .ඒ නිසා මේ අයි.එම්.එෆ් වැඩසටහන ගැන දිනෙන් දින රටේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙමින් තිබෙනවා ඒ වගේම රටේ ජනතාවට සහන දෙන්න ඉදිරියට ගෙන ආපු අස්වැසුම වැනි වැඩසටහන් බිඳී යාමේ තර්ජනයට මුහුණ දීල තියෙනවා ඒක විශේෂයෙන්ම රජය ජනතාවට සංවේදී නැහැ රජය ජනතාවගේ දුක හඳුනන්නේ නැහැ රජයට ඕන ඉලක්කම් ටික හරියට බැලන්ස් කරලා ජාත්‍යන්තරයට පෙන්නලා හරියට කරා කියලා ලකුණු දාගන්න විතරයි. ඒ නිසා ජනතාව මොන කරදරයට පත් වුණත් ජනතාවට කන්න නැති වුනත් එකම මාවතක රජය සහ උද්දච්ච ඇමතිවරු ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි කියනවා වහාම මේ විනාශකාරී ප්‍රතිපත්තිය වෙනස් කරල රටක් හැටියට කොහොමද අපනයනය පදනම් කරගෙන මේ රටේ සාමාන්‍ය ගොවියගේ, ධීවරයාගේ සුළු සහ මධ්‍ය පරිමාන ව්‍යවසායකයගේ ආදායම් මාර්ග වැඩි කරගෙන යන ආර්ථිකයක් හදන්න කොහොමද අඩිතාලම දාන්න කියලා වහාම අවධානය යොමුකර පාර්ලිමේන්තුවේ විපක්ෂයත් එකතු කරගෙන වැඩපිළිවෙළක් හදලා නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කර මේ ජනතාවට ඉදිරියට යන්න පුළුවන් ආර්ථික ක්‍රමයක් හදන්න ඕනේ කියන එකයි අපේ මතය.
ඒ වගේම මේ වන විට ඉන්දියන් මාධ්‍යවල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා චීනයේ පර්යේෂණ නෞකාවක් හම්බන්තොට වරායට සහ කොළඹ වරායට එනවා කියලා.මේ වෙනවිට ෂිංයෑං 6 කියන ඒ නැව පිටත් වූ බව වාර්තා වෙනවා මේ රටේ නාරා ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය කියනවා ඔවුන් තමයි ආරාධනා කළේ කියලා නමුත් නාවික හමුදාව කියනවා අය දන්නේ නැහැ කියලා. මම හිතනවා මේ රටේ විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී රජය පාඩම් ඉගෙනගෙන නැහැ මොකද යුවංයෑං නැව මීට පෙර හම්බන්තොට ආපු වෙලාවේ විශාල ප්‍රශ්නයක් ඇතිවුණා එයට ඉන්දියාව චීනය මැදිහත් වුණා පසුව ඒ රටවල් දෙක අතර අපි කොටු වුණා ඒ වෙලාවේ රජයේ කිව්වා මේකට ප්‍රතිපත්තියක් හදනවා කියලා මේ ෂිංයෑං කියන සිද්ධිය දැන් පටන් අරන් අපට තේරෙනවා රජයට මේ ගැන ප්‍රතිපත්තියක් නැහැ එක්කෝ තමන් යටතේ තියන ආයතන වලට කියන්න ඕන ආරක්ෂක අමාත්‍යංශයෙන් තීරණයක් ගන්න කම් අදහසක් දෙන්න එපා කියලා. එහෙම නැතිව ඉන්දියන් මාධ්‍ය ඇතුළු විදේශ මාධ්‍ය වල ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා ඒ නිසා වහාම රජයට කියනවා චීනයත් ඉන්දියාවත් අපේ මිතුරන් ඒ මිතුරු කම නැති කරගන්නේ නැතුව මේවට හරි ක්‍රමවේදයක් හදන්න කියලා අපි රජයට අවධාරණය කරනවා. ඒ වගේම රටේ විදේශ ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක වීමේදී බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන මොකද මේ වෙනකොට ජාත්‍යන්තර දේශපාලනය ඉතා සංකීර්ණ වෙලා. විවිධ තැන් වල ගැටුම් ඇති වෙලා ඒවා බල කඳවුරු එක්ක යුක්රේනය, අප්‍රිකානු වැනි විවිධ රටවල් වල හැලහැප්පීම් වලට ලක්වෙනවා එහිදී ලංකාවත් හැලහැප්වීම් වලට ලක්වන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගන්න ඕන නැහැ. අපට සෑම රටක් එක්කම ආර්ථික ,සමාජීය ,සංස්කෘතික බැඳීම් තිබෙනවා එවාට විශාල ඉතිහාසයක් තියෙනවා ඒ වගේ රටට හානියක් වෙන නැතුව ඉස්සරහට යන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයි. මේ රජය ගන්නා ඇතැම් මෝඩ තීරණ නිසා අපේ රටේ ජනතාවට වන්දි ගෙවන්න සිදුවෙලා තියෙනවා. අපි කියනවා මේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න නම් හරියට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න එය හරියට ක්‍රියාත්මක කළොත් සංචාරක සීමා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සංචාරක සීමා ගැන කතා කරනකොට කරුණාකරලා ඡන්දය ගැන කටයුතු කතා කරන්න රජය කියනවා ඡන්ද තියන්න බැහැ වාතාවරණයක් නෑ සල්ලි නැහැ කියලා අනිත් පැත්තෙන් කියනවා සංචාරකයන්ට මෙහෙය මම සියලු පහසුකම් තියෙනවා කියලා ඒ නිසා මේ රජයේ ප්‍රතිපත්තිය වළක්වා ඉදිරියට යා යුතුයි කියලා අපි රජයට කියනවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු ආංශික අධීක්ෂණ කාරක සභාව නියෝජනය කරමින් ලංකාවේ ජනතාවට විදේශ සංචාරයන් සඳහා වීසා පහසුකම් අවම කර ගැනීම සදහා අවධානය යොමු කර තිබෙනවා අපි බලාපොරොත්තු වෙනවා ගිවිසුම් ගණනාවක් ප්‍රමාද වෙලා තියෙනවා ඒවා කඩිනම් කරන්නත් වීසා ප්‍රශ්න වලට දමා තිබෙන කොන්දේසි ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ අයට වෙනත් රට වලට ගිහිල්ලා බාධාවකින් තොරව සංචාරය කරන්න පුළුවන් වාතාවරණයක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මෝල්ටාව වැනි රටවල් මේ අපේ වමේ සහෝදරවරුන්ට ගනුදෙනු කරන්න වීසා පහසුකම් ලබා දෙන්න ඉල්ලීම් කරනවා එම නිසා විදේශ වෙළදාම විදේශ ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරලා ඉදිරියට යන්න අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් රජය දැනුවත් කරනවා.
ඒ වගේම විපක්ෂ නායකවරයා තානාපතිවරුන් මුණගැහුණු අවස්ථාවේ ප්‍රථමයෙන්ම කියන්නේ රජය මොන දේ කලත් අපේ රටට ලබාදෙන සහන අඩු කරන්න එපා කියලා විවිධ අවස්ථාවල ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරන්න යටිතල පහසුකම් දියුණු කරන්න ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඒ රටවල් ධෛර්යමත් කරලා සමගි ජන බලවේගය සහයෝගය දෙන බවත් තානාපතිවරුන් සහ රටවල් දැනුවත් කරනවා. මේ අවස්ථාවේ අපි කියන්නේ මේ රටේ ප්‍රශ්න හංගගෙන වැඩ කරන්න බැහැ මොකද විවිධ රටවල් අපේ රටේ ප්‍රශ්න දන්නවා ඒවා මාධ්‍ය පළවෙලා තියෙනවා ඒ තොරතුරු රටවල් ගන්නවා අපිට රටක් හැටියට කරන්න ඕන අපි යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා විසඳීමට කටයුතු කිරීමයි ඒ විසඳුම හොඳ පණිවිඩය ඒ රටට ගිහිල්ලා සහයෝගය ලැබෙනවා මට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනම් ඒවා විසඳීම යි හොඳම දේ. විපක්ෂය කවදාවත් කියන්නේ නැහැ සංචාරකයන්ට මේ රටට එන්න එපා කියලා නමුත් රටේ ඇත්ත තත්ත්වය පහදා දීම විපක්ෂයේ වගකීමක්. ඒ වගේම විපක්ෂයේ ඕන නැහැ රටේ ඇත්ත තත්ත්වය තේරුම් කරල දෙන්න ගූගල් සර්ච් කරාම ඒ අයට දැනුවත් වෙනවා රටේ තියෙන තත්ත්වය.
සරත් ෆොන්සේකා මැතිතුමා සමගි ජන බලවේගය සභාපති වශයෙන් පක්ෂ ප්‍රතිපත්ති සමග සිටිනවා එතුමා රටේ වෙනසක් විය යුතුයි කියන තැන ඉතාම සංවේදීව කටයුතු කරනවා සහ රටේ වංචා දූෂණ නතර කර ඉදිරියට යන්න ඕන කියන මතයේ ඉන්නවා විවිධ අදහස් ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගය එක්ක කටයුතු කරනවා.
ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ රටේ ජනතාව වෙනුවෙන් කවුරුත් දැක්කා බෙහෙත් නැතිව ජනතාව මිය යනවා ජනතාවට හරියට ඖෂධයක් ගන්න වැව් දුක්විඳිනවා ඒ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන සෞඛ්‍ය කඩා බිඳ දමලා අමාත්‍යවරයෙක් කොහොමද ඉන්නේ කියලා මට තේරෙන්නේ නැහැ පාර්ලිමේන්තුව තුළත් සුළුවට උත්තර දෙනවා ජනතාව මිය යන එක ගැන සංවේදී නැහැ පොඩි දරුවන් ඉපදෙන විට මිය යනවා ඒ ගැන සංවේදී නැහැ බාල ඖෂධ ගෙනල්ලා සෞඛ්‍ය සේවය විස්වාසය නැති කරපු ගැන සංවේදී නැහැ හැබැයි පුටුවෙ ඉන්න ඇමතිවරු සෞඛ්‍ය ඇමතිවරයා ආරක්ෂා කරාවි දිගටම මේ ඇමතිවරයා හිටියොත් විශාල විනාශයක් වෙනවා ඒ වෙනුවෙන් තමයි විශ්වාසභංග අපි ගෙනාවේ අපිට අවශ්‍ය දින තුනක විවාදයක් එහිදී විශාල කරුණු කාරණා අපේ රට වෙනුවෙන් ඉදිරිපත් කරනවා හැකිතාක් ඉක්මනින් එය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.
දහතුන්වන සංශෝධනය පිළිබඳව සජිත් ප්‍රේමදාස මැතිතුමා සෑම අවස්ථාවකම ඒකීය රාජ්‍යයක බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටියා කවදාවත් එතුමා ඒක වෙනස් කළේ නැහැ පසුගිය ජනාධිපතිවරණයේ උතුරු නැගෙනහිර ඇතුළු සුළු ජාතීන්ගේ විශාල ඡන්ද ප්‍රමාණයක් එතුමාට ලැබුණ එතුමා නැවතත් ප්‍රතිපත්ති වෙනස් කරලා ඡන්ද ලබා ගැනීමේ අරමුණක් එතුමාට නැහැ අපි දකිනවා වත්මන් ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් තියෙනවා එතුමත් එක්ක ඉන්න පොහොට්ටුවේ කණ්ඩායම 13 ට විරුද්ධව ඉතිහාසයේ ඉඳන් දෙක දිගට ප්‍රශ්න ඇති කළා දැනුත් 13 ට විරුද්ධව යම් බලවේගය උගන්වමින් දේශපාලන වාසි ලබාගන්න පොහොට්ටුව ක්‍රියාකරන බව අපිට පේනවා නමුත් සියල්ලට පෙර ඡන්දයක් තියන්න එකෙන් අපි කියනවා. එහිදී ජනතාව රජයට උත්තර දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් අවධාරණය කරනවා.










