මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ කැණීම් කටයුතු සඳහාත් එම කැණීම් හා පරීක්ෂණ කටයුතු සඳහාත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය ලබාදීමට ඊයේ (15) තීරණය කොට තිබේ. (Sri Lanka Latest News)
මේ බව යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයාබලන සංවිධාන විසින් කරන ලද ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම තීරණයට එළඹ ඇත.
ශ්‍රී ලංකාවේදී මේ වන විට මිනිස් සුසාන භූමි 32ක් තිබී හමුවූ බවත්, කොක්කුතුඩුයි සුසාන භූමිය 33 වැනි මිනිස් සුසාන භූමිය බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් කොට ඇති අතර, මීට පෙර හමු වූ කිසිදු සමූහ මිනී වළක කැණීම් හා පරීක්ෂණ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සිදු නොවූ බවද සඳහන් කොට තිබේ.
ඒ අනුව මුලතිව් කොක්කුතුඩුවායි සුසාන භූමියේ කැණීම් කටයුතු හා පරීක්ෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය දෙන බව යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන සංවිධාන වෙත දැනුම් දී ඇති අතර, ඔවුන්ගේ එම ලිපිය මේ වන විට ශ්‍රී ලංකා රජය වෙතද යොමු කොට තිබේ.
lankasara









