අලුත උපන් බිලිඳකුගේ මළ සිරුරක් ඇළ මාර්ගයක තිබි අද (24) සොයාගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
හැටන් බගවන්තලාව සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබී මෙම බිලිඳාගේ සිරුර සොයාගත් බවයි නොර්වුඩ් පොලිසිය සඳහන් කළේ.
කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසින ඇළ මාර්ගයේ පොලිතින් උරයක දමා ඇති බිලිඳු සිරුරක් පාවෙමින් තිබෙන බව දුටු වතු කම්කරුවන් පිරිසක් ඒ බව නොර්වුඩ් පොලිසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව පොලිසිය විසින් සිරුර සොයාගෙන ඇත.
බිලිඳාගේ මව සොයා නොර්වුඩ් පොලිසිය විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.
lankadeepa









