• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික ලොතරුයි මණ්ඩලය කුලියට ඉන්න ගොඩනැගිලිවලට කෝටි 40ක් වැය කරලා! මණ්ඩලේටම ගොඩනැගිල්ලක් හදාගන්න සල්ලි වෙන්කළත් ඒක හදාගන්න හිතලාවත් නෑ! I Sri Lanka Latest News

July 24, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජාතික ලොතරුයි මණ්ඩලය කුලියට ඉන්න ගොඩනැගිලිවලට කෝටි 40ක් වැය කරලා! මණ්ඩලේටම ගොඩනැගිල්ලක් හදාගන්න සල්ලි වෙන්කළත් ඒක හදාගන්න හිතලාවත් නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ලොතරැයි මණ්ඩලය කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යෑමට  පසුගිය වසර හතේදී  පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.Sri Lanka Latest News

ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සහ ඒ වෙනුවෙන් උපදේශාත්මක සේවා ලබා ගැනීමට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැය කිරීමට අනුමැතිය ලබාදී තිබුණද එම ගොඩනැගිල්ල ඉදි කර නොතිබූ බව එහි දැක්වේ.

මේ අතර මණ්ඩලය නීති විරෝධි ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන  2020 මැයි මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා රුපියල් කෝටි දෙකකට ආසන්න කුලියක් ගෙවා තිබූ බව පවසන ජාතික විගණන කාර්යාලය මෙම ගොඩනැගිල්ල විධිමත් අනුමැතියකින් තොරව සිදුකෙරුණු අනවසර ඉදිකිරීමක්  බවද සඳහන් කරයි.

මෙම ගොඩනැගිල්ල සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේදී එහි යථා ස්වභාවය පිළිබඳව දැනුවත් කර නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර මණ්ඩලයේ ව්‍යාපාරික පරිශ්‍රය ඉදිකිරීම වෙනුවෙන් උපදේශාත්මක සේවා ලබාගැනීමට 2016 වර්ෂයේ සිට 2021  වර්ෂය දක්වා රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂය පමණ මුදලක් වැය කර ඇතැයි එහි සඳහන් වේ.

මණ්ඩලය අලෙවි ප්‍රවර්ධන සහ ප්‍රචාරක කටයුතු සඳහා මිලදීගෙන තිබූ ලක්ෂ 63 කට  වැඩි වටිනා භාණ්ඩ  ගබඩාවල නිෂ්ක්‍රීය පැවතුණු බව සඳහන් කරන විගණන කාර්යාලය  ලොතරැයි තෑගි ලෙස ලබාදීම සඳහා මිලදීගෙන තිබූ රුපියල් ලක්ෂ 18 කට ආසන්න වටිනා රත්රන් කාසි, මාල ඇතුළු රන් භාණ්ඩ  53 ක් එම කටයුතු සඳහා යොදා නොගෙන සේප්පුවල තැන්පත් කර තිබූ බවද  සඳහන් කරයි.

මේ අතර මණ්ඩලය  2016 වර්ෂයේදී මුද්‍රණය කළ ඩොලර් ෆෝචූන් ලොතරැයිපත් තිස්දාහක් අතුරින් ලොතරැයිපත් 569 ක් අස්ථානගත වී තිබූ බවත්  එම ලොතරැයිපත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පාර්ශ්වයන්ගෙන්  අලාභ අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බවත් වාර්තාවේ සඳහන් වේ.

මෙම ලොතරැයිය 2016 වර්ෂයේදී  දිනුම් ඇදීමට නියමිතව තිබුණත් පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා  වනවිටත්  සිදුවී නොතිබූ බව විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

SendShareShare
Previous Post

දැන් එකපාරට ඊයෙ ඉපදුණ බබෙක් වගේ සර්වපාක්ෂික සමුලු තියලා රනිල් අපෙන් අහන්න හදනවා මම 13 දුන්නට කමක් නැද්ද කියලා! අපෙන් අහන්න කලින් ඔබතුමා ඒක අගමැතිගෙනුයි පොහොට්ටුවන්ගෙනුයි අහලා ඉන්න! ජනාධිපතිතුමනි නිකම් TV ෂෝ දාන්න එපා! මිනිස්සුන්ව රවට්ටන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

උදේ ඉඳන් රෑ වෙනකන් කතාව ලංකාවට එන සංචාරකයෝ ගැන! මෙන්න සුද්දන්ට සලකන හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.