ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනකුගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් තත්පර 66 කින් හඳුන්වා දී ජාත්‍යන්තර වර්තාවක් තැබීම හැටන් කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් සමත් වි ඇත. (Sri Lanka Latest News)
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සඳහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස (06) දින ඉදිරිපත් වී ඇත.
සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර 06 ක් ඇතුළත ප්‍රකාශ කරමින් අදාළ වාර්තාව තැබු බව එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් පවසයි.
තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතේ වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බව ද ඔහු කීය.
කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි තමන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන බවත්, බිරිද ගුරු වෘත්තියේ නියැලි සිටින බවත් කී ඔහු, වාර්තාව පිහිටවනු ලැබුවේ තම වැඩිමහල් දියණිය බව ද ප්‍රකාශ කළේය.
කොටගල ප්‍රදේශයේ තුන් හැවිරිදි දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තැබිම සම්බන්ධයෙන් කොටගල වෙළෙඳ සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා ඇතුළු වෙළෙඳ සංගමයේ සමාජිකයින් ඇගේ නිවසට ගොස් උපහාර දැක්විමක්ද සිදු කරනු ලැබීය.
lankasara










