• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුණාත්මක බව සහතිකයිද? දෙන එන්නතෙන් මොනවා වෙයිද? බෙහෙත් ගෙනාපු රට මොකක්ද? මේ මොනවත්ම නොදන්න දොස්තර කෙනෙකුගෙ පීඩනය I Sri Lanka Latest News

July 24, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මට පහුගිය දවසක එක්තරා වෛද්‍යවරයෙක් එක්ක කතාකරන්න ලැබුණා. ඇත්තටම අපිට අපේ ජීවිතේ වෛද්‍යවරු එක්ක කී වතාවක් නම් කතාකරන්න ලැබෙනවද කියන එක මේ ලිපිය ලියන මොහොතේ මම කල්පනා කළා.(Sri Lanka Latest News)

ඒ වෛද්‍යවරයා මාත් එක්ක කියපු කතාවත් එක්ක මේ ලිපිය ලිවිය යුතුයි කියලා තීරණය කළේ මේක කාටවත් කඩේ යන එකක්වත්, කාවවත් විවේචනය කරන එකක්වත්, හොඳ සහ නරක ඉරි ගහලා වෙන්කරන අවස්ථාවක් නෙවෙයි.

අපි දන්නවා පහුගිය කාලේ රෝහල්වල අතපසුවීම්වලින් පුද්ගලයෝ කිහිප දෙනෙක් මියගිය බව. ඒ බොහෝ අතපසුවීම් ඇතුළේ බෙහෙත් සම්බන්ධව ප්‍රශ්නයක් තිබුණා. සමහරු චෝදනා කළා වෛද්‍යවරු මේ බෙහෙත් ගැන හොයා බලන්නේ නැද්ද කියලා. අපි කලින් සතියෙත් ලිපියකින් ලිව්වා. ඇත්තට වෛද්‍යවරුන්ට මේ බෙහෙත් සම්බන්ධයෙන් හොයා බැලීමේ දැනුම හෝ ඊට අවශ්‍ය පහසුකම් තියෙනවද කියලා අපි දන්නේ නෑ.

වෛද්‍යවරයෙක්ට සහජ දැනුමෙන් පෙත්තක් හඳුනාගැනීම වගේ දෙයක් කරගන්න පුළුවන් ඇති. නමුත් මේ බේත් ගෙනාවේ කොයි රටෙන්ද, ඒ බෙහෙත්වල අන්තර්ගතය මොකක්ද, ඒ බෙහෙත් බිව්වට පස්සේ ශරීරයේ සිදුවෙන වෙනස්කම් මොනවද වගේ දේවල් මැන බැලීමේ හැකියාවක් මේ අයට නැතුව ඇති. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකිනෙකාගේ ශරීර වෙනස්.

මේ බෙහෙත් එකිනෙකාට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. ඇත්තටම බෙහෙත් පරීක්ෂා කරනවා කියලා කියන්නේ පරීක්ෂණාගාර මට්ටමක කරන විශාල පරීක්ෂණයක් කියලා අපි දන්නේ. මේක වැරැදි නම් අපේ නොදන්නාකමට සමාව දෙන සේක්වා.

කොහොම නමුත් මේ වෛද්‍යවරු වෙලාවකට අපට දෙවිවරු වගේ පේනවා. වෙලාවකට යක්කු මළපෙරේතයෝ වගේ පේනවා. වෙලාවකට හරි හොඳයි කියලා හිතෙනවා, තවත් වෙලාවකට හරි නකරයි කියලා හිතෙනවා. ඕක තමයි තත්ත්වෙ. අසීරු අවස්ථාවක ලෙඩෙක්ට පිහිටවෙලා බේරගත්තට පස්සේ අපිට දොස්තරලා දෙවියෝ. හැබැයි ලෙඩාට ප්‍රතිකාර හරියට නොලැබුණොත්, ලෙඩා මියගියොත් අපි දොස්තරට යක්ෂයෙක්ට වගේ තමයි සලකන්නේ.

ඒ නිසා අපි මේ ලිපියෙ කොහෙවත් එයාලා දෙවියොද, එයාලා යක්කුද කියලා කියන්නේ නෑ. මොකද දෙවියෝ වගේ දොස්තරලා වගේම මළපෙරේතයෝ වගේ දොස්තරලත් අපට මුණගැහිලා තියෙනවා. කොහොම නමුත් මේ ලිපිය ලියන්නේ දොස්තර කෙනකුගේ හෘදය සාක්ෂිය පිළිබඳ කතාවක් ඔබට කියන්න.

පහුගිය දවසක එක වෛද්‍යවරයෙක් කියනවා ඇත්තටම මේ තියෙන තත්ත්වෙත් එක්ක ලෙඩෙකුට බෙහෙතක් දෙන්න අපිට බයයි. ලෙඩෙකුට බෙහෙත් නියම කරන්න අපිට බයයි. ලෙඩෙකුට ප්‍රතිකාරයක් කරන්න අපිට බයයි. අපි දන්නේ නෑ ඇත්තටම මේ බෙහෙත් ගෙනල්ලා තියෙන්නේ කොහෙන්ද කියලා. අපි දන්නේ නෑ මේ බෙහෙත්වල අන්තර්ගතය මොනවද කියලා.

මේ බෙහෙත් ඉන්දියාවෙන් ගෙනාවද, වෙන කොහෙන් ගෙනාවද, ක්‍රෙඩිට් ලයින් එකෙන් ගෙනාපුවද, හොර පාරෙන් ගෙනාපුවද, කොමිස් දීලා ගත්තද, කොමිස් නොදී ගත්තද කියලා අපි දන්නේ නෑ. අපිට තියෙන වැඩ රාජකාරිත් එක්ක ඒවා හොයන්න වෙලාවකුත් නෑ. ඇත්තටම වෛද්‍යවරයා කියන වෘත්තිකයාට විශාල වැඩ රාජකාරි ප්‍රමාණයක් පැවරිලා තියෙනවා. ඔවුන් ඒකෙන් සල්ලි හම්බ කරන එක වෙනම කතාවක්.

ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් නොකර ඉන්නවා නම් ඔවුන්ට නිදහසක් තියෙයි. හැබැයි ඔවුන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක කරනවා. අපි ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන දොස්තරලට බැන්නට ගමේ බෙහෙත් දෙන දොස්තර මහත්තයා සතියක් නිවාඩු දැම්මොත් ලෙඩ්ඩු කී දෙනෙක් මියයයිද? ලෙඩ්ඩු කී දෙනෙක් ප්‍රශ්නවලට මුහුණ දෙයිද? අපි කී දෙනෙක් අවදානම්වලට මුහුණ දෙයිද කියන එක අපි තේරුම් අරගන්න ඕනේ. ඒක නිසා අපිට කියන්න බෑ කිසිසේත්ම වෛද්‍යවරයා නරකයි, හොඳයි, මේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක නරකයි වගේ දේවල්.

කොහොම නමුත් මේ වෛද්‍යවරු කියන්නේ මෙහෙම කතාවක්. දැන් අපි බයෙන් ඉන්නේ. අපි දන්නවා ප්‍රාදේශීය රෝහල්වල ඉන්නේ සමහර වෙලාවට දොස්තරලා එක්කෙනයි දෙන්නයි. ඒ අය ඉන්නේ විශාල ගම්මාන මැද්දේ. වතුකරේ තියෙනවා සමහර රෝහල්. මන්නාරම, යාපනේ වගේ ප්‍රදේශවල රෝහල් තියෙනවා. ඒ රෝහල් වටකරගෙන ඉන්නේ එකම කුලයක, එකම වර්ගයක, එකම ජාතියක මිනිස්සු.

ඒ අය පුදුමාකාර සමගියකින් ඉන්නේ. ඒ මිනිස්සුන්ගෙන් කෙනෙක් රෝහල ඇතුළෙදී මියගියොත් සමහර විට මේ අය පහරදීලා දොස්තරව මරලා දාන්න වුණත් පුළුවන්. දැන් චිත්‍රයක් මැවිලා තියෙනවා දෙන බෙහෙත් නරකයි කියලා. ඒ බෙහෙත් නියම කරන්නේ වෛද්‍යවරු, වෛද්‍යරයා ඒ ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑ කියලා. දැන් දොස්තර කෙනෙක් ඉන්ජෙක්ෂන් එකක් රෝගියකුට විදින්න නියම කරන්න කලින් ඔහුගේ පපුව ගැහෙන්න ගන්නවා දඩ දඩ ගාලා. රෝගියා ඇවිල්ලා තියෙන්නේ අසීරුවෙන්. ඔහුට හොඳටම අමාරුයි. වහාම බෙහෙත් දුන්නේ නැත්නම් ඔහුගේ ජීවිතේ ආරක්ෂා කරගන්න බෑ.

වහාම සැත්කමකට ගත්තේ නැත්නම් ඔහුගේ ජීවිතේ පරිස්සම් කරගන්න බෑ. හැබැයි මේ වෛද්‍යවරයා කියනවා අපි කොහොමද සැත්කමකට ගන්නේ? අපි ගාව තියෙන්නේ පහසුකම්වලින් අතිශය කුඩා ප්‍රමාණයක් විතරයි. මෙහෙම තත්ත්වයක් යටතේ අපි කොහොමද රෝගියාව ආරක්ෂා කරගන්නේ? අපි කොහොමද රෝගියාට බෙහෙත් ටික හරියට දෙන්නේ? ඔහුව නිර්වින්දනය කරන්න විදින බේත කොයි රටෙන් ගෙනාපු එකක්ද කියලා අපි දන්නේ නෑ. බෙහෙත්වල නම්ගම්, පෙට්ටි මේ සියල්ල බොරුවට හදන්න පුළුවන්. එහෙම හදනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි දන්නේ නෑ හදනවද නැද්ද කියලා.

හැබැයි ඔහු කියනවා එහෙම නම් මේ නිර්වින්දන එන්නත දුන්නට පස්සේ මේ රෝගියාට මොන විදියේ හානියක් වෙයිද කියලා අපි කී පාරක් හිතන්න ඕනෙද? ඔහුව නිර්වින්දනය නොකර සැත්කම කරන්න බෑ. සැත්කම නොකළොත් රෝගියා මියයනවා. සැත්කම කළ රෝගියා මියගියොත් ඒ චෝදනාවත් එන්නේ අපිට. මෙන්න මේ ප්‍රශ්නය අද වෙද්දී රෝහල්වල පිරිලා ඉතිරිලා තියෙන ප්‍රශ්නයක්. අපි හය හත් වතාවක් හිතනවා මේ ඉන්ජෙක්ෂන් එක විද්දොත් මොනවා වෙයිද? අපිට විදගෙන බලන්න බෑ. අපිට ඒක තව කෙනකුට විදලා බලන්නත් බෑ. ඒ වගේම ඔබ දන්නවද දන්නෙ නෑ, මේ වෛද්‍යවරයා කියනවා රෝහල්වල මුත්‍රා බට නෑ කියලා. රෝහල්වල වේදනා නාශක බෙහෙත් නෑ කියලා. මේවා නැතුවයි අපි ප්‍රතිකාර කරන්නේ. රෝගියෝ ඉන්නේ වේදනාවෙන්. රෝගීන්ට අමාරුයි.

වේදනා නාශක නොදී ඔපරේෂන් කරපු ලෙඩ්ඩුන්ට හරි අමාරුයි. ඒත් වෛද්‍යවරු විදියට අපි මොකද කරන්නේ? අපි ගෙදරින් බේත් ගේන්නද? අපි ඉන්දියාවේ ගිහිල්ලා බේත් ගේන්නද? අපිට කරන්න දෙයක් නෑ. අපි දෙන්නේ අපිට දෙන බෙහෙත. අපි දෙන්නේ අපිට ලබාදෙන පහසුකම්. අපි ගාව නැත්නම් අපිට කරන්න දෙයක් නෑ. ඉතිං මේ තත්ත්වෙ යටතේ අද අපි ඉස්පිරිතාවල ඉන්නේ ඊළඟට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව. ඒක නිසා මේ වෛද්‍යවරයා කියන කතාව හරියට තේරුම් අරගන්න. කරුණාකරලා වෛද්‍යවරයෙක්ට ඇඟිල්ල දික්කරන්න කලින් ඔහුත් මනුෂ්‍යයෙක් කියන එක හිතන්න.

පහුගිය කාලේ ස්වභාවික ආපදා සිද්ධ වුණාම, බස් එකක් පෙරලුණාම අපි දැක්කා ගෙවල්වල ඉන්න වෛද්‍යවරුත් වාහනවල නැගලා රෝහලට එනවා. සමහර වෛද්‍යරු කොට කලිසම් ඇඳගෙන බෙහෙත් කරන්නේ. අපි දැක්කා සමහර වෛද්‍යවරු කෙළින්ම බස් එක පෙරළිච්ච තැනට ඇවිත් බෙහෙත් කරනවා. මේ නිසා වෛද්‍යවරුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් තවපාරක් හිතන්න. මේකෙ වැරැද්ද තියෙන්නේ කොතැනද කියලා අපි හොයමු.

දැන් වෛද්‍යවරු ඉන්නේ විශාල පීඩනයකින්. අපි ඒ තත්ත්වයෙන් ඔවුන්ව මුදාගන්න ඕනේ. එහෙම නැතුව ඔවුන් ලංකාව අතහැරලා ගියාට පස්සේ ‘ආං අරුත් ලංකාවෙන් ගියා’ කියලා බැණඅඬගහන එක නෙවෙයි කරන්න ඕනේ. අපි මේ වෛද්‍යවරුන්ට ලංකාව අතහැරලා නොගිහින් ඉන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරමු. ඇත්තම කතාව තමයි මේ ගතවෙලා යන්නේ අතිශය දුෂ්කර කාලයක්. හුඟක් අමාරු කාලයක්. කාටත් අමාරු කාලයක්. ලියුම්කරු වෙච්ච මටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න සිදුවෙන අවස්ථාවලදී තාමත් රෝහලකට යනවද නැද්ද කියන එක ගැන හය හත් වතාවක් හිතන තැනට පත්වෙලා.

වෛද්‍යවරයා ලබාදෙන බෙහෙත සම්බන්ධයෙන් කිසිවෙක් වගකියන්නේ නෑ. මේවා ගෙනාවේ කවුද, මේවාට අනුමැතිය දුන්නේ කවුද, මේවායේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මොකක්ද කියන මේ කරුණු වහාම නිරවුල් විය යුතුයි. එහෙම නැතුව ඉස්පිරිතාලෙ ඉන්න දොස්තර මහත්තයා නෙවෙයි වැරැදි. ඉස්පිරිතාලේ ඉන්න හෙදිය නෙවෙයි වැරැදි. ඒගොල්ලෝ කරන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය යටතේ වැඩකරන එක.

අවාසනාවකට ඔවුන් කියන විදියට මේ සාම්ප්‍රදායික ක්‍රමවේදය යටතේ ප්‍රතිකාර කිරීමත් ඔවුන්ව තිගස්සවන සුලු දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඒක නිසා ඇතැම් වෙලාවට මේ බොහෝ දෙනෙක් ලංකාව අතහැරලා යයි. ඒ අය බයයි මොනවා වෙයිද කියල දන්නේ නැති නිසා. ඒ නිසා වෛද්‍යවරයා වෙත පීඩනය මුදාහැරීමෙන් වැළකිලා අපි හරි තැනට මේ පීඩනය මුදාහරිමු.

වෛද්‍යවරුන් ඔබේ දරුවාව, බිරියව, ස්වාමිපුරුෂයාව, මව, පියා මරාදැමීමේ චේතනාවෙන් කිසිම ප්‍රතිකාරයක් කරන්නේ නෑ. ඔවුන්ට අතපසුවීම් සිදුවෙන්න පුළුවන්. නමුත් ඔවුන් හිතාමතා මනුෂ්‍ය ඝාතනය කරන්නන් නෙවෙයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බිමටම සමතලා වුණා! දැන් වේගයෙන් දූවිලි මතින් පොහොට්ටුව නැගිටිනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

වැවිලි හා කෘෂිකර්ම කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර අලුත් පර්යේෂණ විශ්වවිද්‍යාලයක්! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.