• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද අපි හෙළිකළා ලංකාවට 4-MMC කියලා අලුත්ම කුඩු වර්ගයක් අරන් ඇවිත් කියලා! දැන් ඔක්කොම තොරතුරු එළියට ඇවිත්! අයිස්වලට වඩා 6 ගුණයක් භයානකයි! අරන් ආවේ මොරටුවේ කෝටිපතියෙක්ගේ පුතෙක්! මහමොළකරු අත්තිඩියේ තවත් කෝටිපතියෙක්! දෙන්නටම අවුරුදු 32යි! පොඩි ඔත්තුවකින් OIC ඉන්දික වීරසිංහ මහා කුඩු ජාලයක් වැටලූ සම්පූර්ණ මෙහෙයුම මෙන්න! I Sri Lanka Latest News

July 8, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
මතකද අපි හෙළිකළා ලංකාවට 4-MMC කියලා අලුත්ම කුඩු වර්ගයක් අරන් ඇවිත් කියලා! දැන් ඔක්කොම තොරතුරු එළියට ඇවිත්! අයිස්වලට වඩා 6 ගුණයක් භයානකයි! අරන් ආවේ මොරටුවේ කෝටිපතියෙක්ගේ පුතෙක්! මහමොළකරු අත්තිඩියේ තවත් කෝටිපතියෙක්! දෙන්නටම අවුරුදු 32යි! පොඩි ඔත්තුවකින් OIC ඉන්දික වීරසිංහ මහා කුඩු ජාලයක් වැටලූ සම්පූර්ණ මෙහෙයුම මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය යටතේය. පොලිස්පති ධූරය දින ගණනාවක් තිස්සේ හිස්ව තිබුණත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ක්‍රියාත්මකය. ඒ එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර යටතේය. ඔහුට හයියක් වී සිටින්නේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ය. බුද්ධි අංශයේද කාලයක් සේවය කර ඇති නිලධාරියෙක් වන ඉන්දික වීරසිංහට රට වටේම තොරතුරුකරුවෝ බොහෝය. ඒ එක් තොරතුරුකරුවෙක් මඟින් ඉන්දික වීරසිංහට පසුගිය දිනක ලැබෙන්නේ අමුතුම ආකාරයේ තොරතුරකි. ඒ මොරටුව ලක්ෂපතියේ අඟුලාන දුම්රිය පොළ පාරේ පිහිටි නිවසකට මෑතක සිට සුඛෝපභෝගී වාහන වලින් තරුණ කණ්ඩායම් එන යන බවය. ඒ අය නිවෙස් හිමියාගේ පුතාව මුණගැසී ඒ ආ සැණින්ම පිටත්ව යන බවද තොරතුරුකරු කීවේය. එන යන වාහන සාමාන්‍ය පුද්ගලයකුට මිලදී ගැනීමට පවා හිතාගන්නට බැරි වටිනාකම් ඇති ඒවා බැවින් සහ එහි එන යන වැඩිදෙනෙක් තරුණ පිරිස් වූ බැවින් තොරතුරුකරු ඉන්දික වීරසිංහට කියන්නට උත්සාහ ගත්තේ එහි නීති විරෝධී යම් ජාවාරමක් සිදුවන බවකි.Sri Lanka Latest News

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරය බළකාය විසින් මෑත කාලයේ කළ සුවිසල් වැටලීම් රැසකටම මුල් වූයේ මෙවන් ආකාරයට ලද තොරතුරුය. තමන්ට ලැබෙන පුංචි තොරතුර පස්සේ පවා පැන්නීමෙන් විශාල ජයග්‍රණයන් අත්පත් කරගන්නා මධ්‍යම දූෂණ මර්දන බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මෙම තොරතුර ගැන පවා වැඩි යමක් සොයා බැලීමේ වගකීම පවරන්නේ බුද්ධි අංශයේ කොස්තාපල් උදය කුමාර (84889)ටය.

උදය කුමාර තමාට පැවරුණු වගකීම අකුරටම ඉටු කරමින් දින ගණනාවක්ම මොරටුව ලක්ෂපතියේ කරකැවෙමින් බොහෝ තොරතුරු රැස්කර ගත්තේය. තොරතුරුකරු විසින් කී දේවල්වලට එහා ගිය යමක් මෙහි ඇති බව උදය කුමාරට ද පෙනී ගියේ මෙම නිවෙසට මිල අධික සැප වාහනවලින් යන එන අය දිහා බැලූ කලය.

මෙකී නිවෙස තෙමහල් සුවිසල් ගොඩනැඟිල්ලකි. ඉහළම මහලයේ සවිකර ඇත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ ජංගම දුරකතන සමාගමක සන්නිවේදන කුලුනකි. නිවෙස් හිමියා පාරම්පරික ධනවතෙකි. ඔහු කරන රැකියාවක් ගැන තොරතුරු පැහැදිලි නැතත් බිරිය නම් හඳුන්කූරු නිෂ්පාදන සමාගමක ලොකු තනතුරක් දරන බව පෙනී ගියේය. එම හඳුන්කූරු සමාගමේ වැඩි කොටස් අයිතියක් ඇතැයිද කියැවෙන්නේ එම කතටය. ඇයට දරුවන් දෙදෙනෙකි. ඒ පුතකු සහ දියණියකි. මිල අධික සුඛෝපභෝගි වාහනවලින් විවිධ පුද්ගලයන් හමුවන්නට නිවෙස අසලට එන්නේ පුතාව මුණගැසෙන්නටය. පවුලේ වැඩිමලා ඔහුය. තරු පන්තියේ හෝටල්වල සාද සඳහා යමින් එමින් විශාල වශයෙන් මුදල් වියපැහැදම් කරමින් කෙළිලොල් ජීවිතයක් ගත කරමින් සිටි ඔහු ඒ වන විටත් සිටියේ අවිවාහකවය.

මෙම පවුලේ වැඩිහිටි දරුවා එසේ රැකියාවක් නොකර සිටියත් මුදල් නම් යහමින් ඔහු අත ගැවසෙමින් තිබුණේය. පරම්පරාගත සල්ලිකාරයෝ බැවින් ඒ ගැන සැකයක් සිතන්නට පවා කිසිවකුටත් ඉඩක් නොවීය. එහෙත් උදය කුමාරට නම් පෙනී ගියේ අසාමාන්‍ය ලෙස වැය කරන්නට තරම් දැන් ඔවුන් මූල්‍ය අතින් ශක්තිමත්දැයි කියාය. ඒ සිය නිවසේ වහලය පවා දුරකතන සමාගමකට බදු දී ඇති බැවිනි.

තොරතුරු සොයමින් ගිය උදය කුමාර දුටුවේ මෙම පවුලේ දියණිය පවා ඒ වන විට රැකියාවක නිරතව සිටින බවය. කොළඹ පිහිටි ප්‍රසිද්ධම තරු පන්තියේ හෝටලයක ඇය සේවය කළාය. ඇය ජීවත්වූයේ ද මොරටුව ලක්ෂපතියේ පිහිටි නිවෙසේමය.

රැස්කරගත් මේ හැම තොරතුරක්ම සිය ප්‍රධානියා වූ ඉන්දික වීරසිංහගේ කනෙහි ඔහු තැබුවේය. උදය කුමාර නම් සැකකරන්නට වූයේ මෙම නිවස තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවය. එන යන වාහනවල හැඩය හා එහි එන යන පුද්ගලයන් කවුරුන්දැයි අධ්‍යයනය කරමින් උදය කුමාර අනුමානය වූයේ මෙහි කුෂ් නමැති මත්ද්‍රව්‍ය අලෙවි කිරීමක් සිදුවෙන බවය. මෙම ජාවාරම සිදු කරනු ලබන්නේ මෙම නිවෙස හිමි පවුලේ වැඩිමහල් පිරිමි දරුවා විසින් බව ද කොස්තාපල් උදය කුමාර විශ්වාස කළේය. ඒ බවද ඔහු සිය ප්‍රධානියා වූ ඉන්දික වීරසිංහව දැනුම්වත් කළේය.

මෙම තොරතුරු සම්බන්ධයෙන් ඉන්දික වීරසිංහ දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලබන්නේ සිය ප්‍රධානියා වූ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර සමඟිනි. අවසානයේදී දෙදෙනා එකඟතාවකට එන්නේ මෙම නිවෙස පරීක්ෂා කිරීමටය. එහි වගකීම පැවරෙන්නේ උප පොලිස් පරීක්ෂක සඳරුවන්ටය.

එම දිනය උදාවන්නේ පසුගිය 05 වෙනිදාය. සැරයන් බටුවත්ත (1445), කොස්තාපල්වරුන් වන බාලසූරිය (77090), අකිල (92890), ලකීෂ (104555), තිලකරත්න (104644) සහ සැරයන් රියැදුරු අජිත් (11919) ද පෙරටුකරගත් සඳරුවන් මෙදින උදෑසන මොරටුව ලක්ෂපතිය වෙත යන්නේ එම සුවිසල් නිවසක් වැටලීමටය. ඒ ඊට අවශ්‍ය නීතිමය පසුබිම ද සකස් කර ගැනීමෙන් අනතුරුවය. මෙම නිවසේ ජීවත් වෙන තරුණයාව මුණගැසීමට සුඛෝපභෝගී වාහන වලින් විවිධ පුද්ගලයන් එන යන වේලාව ගැන පවා ඒ වන විටත් සඳරුවන් ඇතුළු නිලධාරීන් දැන සිටියේය. එබැවින් වැඩි වෙහෙසක් නොමැතිව නිවැසියන්ව ද පුදුම කරමින් නිවස තුළට කඩා පැනීමට සඳරුවන් ඇතුළු නිලධාරීන්ට එතරම් අපහසු වූයේ නැත.

නිවෙස් හිමියාගේ වැඩිමහල් පුතාගේ නිදන කාමරය ඇත්තේ දෙවැනි මහලේ බවට තොරතුරු ඒ වන විටත් සඳරුවන් දැන සිටියේය. තමා සමඟ පැමිණි නිලධාරීන්ගෙන් කොටසක් පහත මහලේ ආරක්ෂාවට තබා නිවෙසට ඇතුළු වූ සැණින් නිලධාරීන් කිහිප දෙනකු සමඟ ඔහු දිව යන්නේ නිවෙසේ ඉහළ මහලටය. ඒ ඉලක්කය බවට පත්ව සිටි නිවෙස් හිමියාගේ පුතාව සොයාය. ඒ වන විටත් ඔහු සිටියේ සිය නිදන කාමරයේය. පොලිස් නිලධාරීන් දුටු ඔහු පුදුමයෙන් මෙන් නිලධාරීන් දෙස බලා සිටියේය.

“ ඇයි මේ“ ඔහු විමසන විට “ අපි ආවේ ඇයි කියල ඔයා දන්නවනේ“ යැයි සඳරුවන් කීවේය. ඒ තම කණ්ඩායම වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බළකායේ බව හඳුන්වාදීමක්ද කරමිනි.

“මම මුකුත් වැරැද්දක් කරල නැහැනේ“ යැයි ඔහු කියන විට කාමරය පරීක්ෂාකර සඳරුවන් ඇතුළු නිලධාරීන් මුලින්ම සොයා ගන්නේ කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01කි. කුෂ් යනු ගංජා ප්‍රභේදයකි. රුසියානුවන් පිරිසක් මෙරට සංචාරයකට පැමිණ හබරාදූව පැත්තේ ඔවුන්ගේ නවාතැන් පොළේද කුෂ් වවා තිබියදී පවා මෑතකදී අත්අඩංගුවට ගත්තේය. ගංජා භාවිත කරන ආකාරයට භාවිත කරන මත්ද්‍රව්‍යක් වන කුෂ් නමැති මත්ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි තිබී හමු නොවූවත් සඳරුවන් ඇතුළු නිලධාරීන්ට ඒ ගැන ගෙන දුන්නේ දැඩි සැකයකි. එම සැකය තීව්‍ර වන්නේ අවුරුදු 32ක් වයසැති මෙම පුද්ගලයාගේ කාමරයේ තැන තැන කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු රැසක් ගොඩගසා තිබීම හේතුවෙනි. මෙම සෙල්ලම් බඩු අස්සේ ඔහු තවත් කුෂ් මත්ද්‍රව්‍ය සඟවා තිබේදැයි සොයා බලන්නට සිතක් නිලධාරීන්ට පහළ වන්නේ ඒත් එක්කමය. ඒ අනුව සඳරුවන් ඇතුළු නිලධාරීන් සෙල්ලම්බඩු එකින් එක ගලවමින් ඒවායේ කුෂ් මත්ද්‍රව්‍ය සඟවා තිබේදැයි පරීක්ෂා කරන්නට ගත්තේය. එහිදී ආගන්තුක මත්ද්‍රව්‍ය පාර්සලයක් හමුවන්නේ එසේ එකින් එක සෙල්ලම් බඩු පරීක්ෂා කරනවිට සෙල්ලම් ජිප් රථයක් තුළ සඟවා තිබියදීය. එම ජිප් රථය ඇතුළේ මෙම මත්ද්‍රව්‍ය පාර්සලය සඟවා තිබෙන්නේ ද ඉතා සූක්ෂම ලෙසිනි. නිලධාරීන් ඒ අයුරින් සොයාගත් ද්‍රව්‍ය මත්ද්‍රව්‍යක් බව දැනගන්නේද ඒ වන විටත් පොලිස් භාරයේ සිටි නිවෙස් හිමියාගේ පුතාගෙන් කළ දිර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේදීය.

ඊට අනුව මේ සොයාගත් මත්ද්‍රව්‍ය මෙයට පෙර මෙරටින් සොයාගත් මත්ද්‍රව්‍ය වර්ගයක් නොවීය. මෙවැනි මත්ද්‍රව්‍යක් මෙරට භාවිත වන්නේදැයි කියාවත් පොලිසිය පවා දැන සිටියේ නැත. මෙම මත්ද්‍රව්‍ය වර්ගය හඳුන්වනු ලබන්නේ 4-MMC (Methyl meth cathinone) ලෙසිනි. මෙය හෙරොයින්, කොකේන් වැනි ස්වභාවික ශාඛවලින් නිපදවන වර්ගයේ මත්ද්‍රව්‍යක් නොවීය. එය අයිස් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍යකි. රසායනික ප්‍රතික්‍රියා මගින් නිෂ්පාදනයකරනු ලබන මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ මේ වන විට ලෝකයේ ඇති භයානකම මත්ද්‍රව්‍යක් ලෙස සැලකෙන අයිස්වලට වඩා 06 ගුණයකින් මෙම මත්ද්‍රව්‍ය භයානක බවය. මිනිස් සිරුරට ඒතුළින් සිදුවන අහිතකර ප්‍රතිඵලය ද ඒ අනුව අයිස්වලට වඩා භයානක වනු ඇත.

මෙහි තිබී මෙම මත්ද්‍රව්‍ය හමුවන්නේ ග්‍රෑම් 112යි මිලිග්‍රෑම් 800ක් වැනි ප්‍රමාණයක් පමණි. සෙසු මත්ද්‍රව්‍යවල මෙරට වටිනාකම ගැන පොලිසියට යම් වැටහීමක් තිබුණද, මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එවැනි වැටහීමක් තවමත් නොමැත. එබැවින් මෙම මත්ද්‍රව්‍යවල වටිනාමක ගණනය කිරීමක් පවා මෙතෙක් සිදු වී නැත.

මෙම මත්ද්‍රව්‍ය වර්ගයේ ඉතිහාසය පිරික්සීමේදී 1929 වසර දක්වාම එය දිව යන්නේය. මෙහි ආරම්භය සටහන් වන්නේ එම වකවානුවටය. ඖෂධයක් වශයෙන් පරීක්ෂණාගාරවල නිර්මාණය වූ මෙම මත්ද්‍රව්‍ය වර්ගය මත්ද්‍රව්‍යක් ලෙස ව්‍යාප්තවීමට ගැනෙන්නේ 1999 සහ 2000 වකවානුවලදීය. ඒ අන්තර් ජාලය ඔස්සේ ඉතා සූක්ෂම ලෙස අලෙවි කිරීමෙනි. 

අන්තර්ජාලය පිරික්සීමේදී කියැවෙන ආකාරයට අනුව මෙහි ඇත්තේ නැඟෙනහිර අප්‍රිකාවේ ඛාට් ශාකයේ ඇති කැතිනෝන් සංයෝගවලට රසායනිකයට සමාන රසායනිකයකි. ඇම්ෆෙටමින් සහ කැතිනෝන් කාණ්ඩවල කෘත්‍රිම උත්තේජක ඖෂධයක් වූ මෙය මත්ද්‍රව්‍යක් ලෙස භාවිතයට ගැනීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල දැනටමත් මෙය තහනම් කර ඇත්තේ මත්ද්‍රව්‍යයක් ලෙස ලේඛනගත කරමිනි.

අපේ රටේ තරුණ පරපුර 70 දශකයේදී හෙරෝයින් මත්ද්‍රව්‍ය ගිලගත්තේ සංචාරකයන් ලෙස මෙරටට පැමිණි හිප්පියන් හරහාය. මුල් කාලයේ හෙරොයින් භාවිතා කරනු ලැබුවේ ඉහළ පැලැන්තියේ ධනවතුන්ගේ දරුවන්ය. ඒ ආරම්භක අවදියේ හෙරොයින් මිල අධික මත්ද්‍රව්‍යයක් වූ බැවින් මධ්‍යම පාන්තික තරුණයන්ට එවැනි මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට හෝ භාවිතයට වත්කමක් නොවූ බැවිනි. ඒ නිසාම මධ්‍යම පාන්තික තරුණයන් මුල් වකවානුවේදී හෙරොයින් වලින් ගැලවී සිටියත් වැඩි කල් යන්නට මත්තෙන් වැඩි වශයෙන් හෙරෝයින්වලට ගොදුරු වූයේ මධ්‍යම පාන්තික හා දුප්පත් ගොන්නට වැටෙන පවුල්වල තරුණයන්ය. 2000 අවුරුද්ද වන විට නාගරික තරුණ ප්‍රජාව වේගයෙන් හෙරෙයින් මත්ද්‍රව්‍යට ගොදුරුවී සිටියත් අද වන විට ගම්මානවල සිටින තරුණයන්ව ද මත් රකුසා බිලිගෙන හමාරය. ඒ කොපමණ තරුණ පිරිසක් බිලිගෙන තිබේදැයි නිසි සංඛ්‍යා දත්තයක්වත් කියන්නට බැරි තරමටය. පොලිසිය හමුදාව මෙන්ම සමාජයේ වෙනත් ඉහළ තැන්වල රැඳී සිටින්නන් පවා මත්ද්‍රව්‍ය භාවිතයට අදවන විට ඇබ්බැහි වී ඇත්තේ රට ගමන් කරන්නේ කුමන දිශානතියකටදැයි සිතා ගන්නටත් බැරි වෙන තරමටය.

2000 වසරේ ආරම්භක අවදියේදීත් පොලිසියට ජාවාරම්කරුවන් සතුව තිබී අල්ලන්නට හැකියාව ලැබෙන්නේ හෙරෝයින් කිලෝවක් දෙකක් පමණි. එයින් වසර දෙක තුනක් ගෙවී යන විට හෙරෝයින් අල්ලන්නේ කිලෝ තිහ හතළිහේ ප්‍රමාණවලිනි. අද ඒ තත්ත්වය පත්ව ඇත්තේ කිලෝ සිය ගණන් දක්වා වර්ධනය වෙමිනි. ඒ අනුව පැහැදිලි වන්නේ මත්ද්‍රව්‍ය ජාලය විශාල වශයෙන් වර්ධනය වී ඇති බවය.

මුල් කාලයේ ධනපති පුතුන් භාවිත කළ හෙෙරා්යින් තුන්වැනි පන්තිය හා දිළින්දන් අතර ව්‍යාප්ත වන විට එහි මිල ද ඒ හා සමාන ලෙස පහත වැටුණේය. එවිට ධනපති පන්තියේ දරුවන් කොකේන්වලට විතැන් වූයේය. හෙරොයින් වලට වඩා එය සිය තත්ත්වයට ගැළපෙන මත්ද්‍රව්‍යක් බවට ඔවුන් පත්කර ගත්තේය. අදටත් ඉහළ පැලැන්තියේ ඇතැම් උදවිය අතර ප්‍රචලිතව ඇති මත්ද්‍රව්‍යක් වන්නේ කොකේන්ය. හිතාගන්නවත් බැරි ඉහළ සහ ජනප්‍රිය චරිත අද වන විට කොකේන්වලට ඇබ්බැහි වී සිටිති. ඒ අතර එම සමාජයේ තවත් ප්‍රචලිත මත්ද්‍රව්‍යක් බවට පත්ව ඇත්තේ ඇම්පිටමින් නමැති කෘතිම මත්ද්‍රව්‍ය වර්ගයයි. ඒවා විවිධ හැඩතල ඇති පෙති ආකාරයට හුවමාරු වන මත්ද්‍රව්‍යකි. 2002 වසර වන විට මෙම පෙති වර්ගය බහුල වශයෙන් භාවිත වූයේ රාත්‍රී සමාජ ශාලා තුළය. එම පෙති මෙරටට ගෙන්වන්නේත් සමාජ ශාලා ආශ්‍රිතව බෙදා හරින්නේත් දේශපාලඥයෙකුගේ පුතකු විසින් බවට චෝදනාවක් පවා එකල එල්ල විය. ඒ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශන ගොනුවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අදත් ඇත්තේය. හෙරොයින් මෙන්ම ආරම්භක අවධියේදී ඉහළ පැලැන්තියේ ධනවතුන්ගේ දරුවන් අතර පමණක් හුවමාරු වූ මත්පෙති පවා පසුකාලයේ සුලභව තරුණ ප්‍රජාව අතර හුවමාරු වන්නට වූයේ රුපියල් දහ දොළොස්දහසක් වූ මත්පෙත්තක් රුපියල් දාහ දෙදාහ දක්වා පහත වැටෙමිනි. එකල සමාජ ශාලාවල මෙම මත්පෙති හෙර රහසේ අලෙවි වෙමින් තිබුණේ 4-MMC මත්ද්‍රව්‍ය මෙන්ම එවැනි මත්ද්‍රව්‍යයක් මෙරට තිබේදැයි පවා වගකිවයුත්තන්ටත් නොදැනීය.

දැන් මේ හැම මත්ද්‍රව්‍යයකටම වඩා තරුණ ප්‍රජාව ගිල ගනිමින් ඇත්තේ අයිස් නමැති මත්ද්‍රව්‍යයි. කෘත්‍රිමව නිෂ්පාදය කරන මත්ද්‍රව්‍යයක් වන මෙම මත්ද්‍රව්‍ය පවා මෙරටට ජාවාරම්කරුවන් රැගෙන එන්නේ කිලෝ සිය ගණනින්ය. මෙම මත්ද්‍රව්‍ය මෙරට තරුණ පරපුර බිලි ගන්නට පටන් ගෙන දසකයකට වැඩි කාලයක් ගෙවී ගොස් නැත. 4-MMC මත්ද්‍රව්‍ය මෙන් එකල මිල අධිකම මත්ද්‍රව්‍යයක් බවට පත්ව තිබුණේ අයිස්ය. එහෙත් අද වන විට හෙරෝයින්වලටත් වඩා අයිස් මිල අඩුවී ඇත්තේ මෙරට තරුණ පරපුර විනාශයටම ඇද දමමිනි. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල ඇතැම් සමාජිකයන් පවා ඇබ්බැහි වී සිටින්නේ අයිස්වලටය. අද වන විට අයිස් ජාවාරම්කරුවෙක් නොමැති ගමක් නගරයක් වීදියක් නැති තරම්ය. ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ට ඉල්ලමක් බවට ද පත්ව ඇත්තේ අයිස්ය. ඒ බව මෑතකදී මාධ්‍යයට නිරාවරණය වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පොලිස් නිලධාරියෙක් අතර පැවති හඬ පටයකින් ද පැහැදිලිය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රැඳී සිටින්නේ ඩුබායි හිය. ඔහු මත්කුඩු ජාවාරම මෙහෙය වන්නේ ඩුබායි සිටය. පොලිස් නිලධාරීන්ගේ සාක්කු ඔහු පුරවන්නේද එහි සිටය. ඒ වෙනුවට ඔහු පොලිස් නිලධාරීන්ගෙන් අපේක්ෂා කරන්නේ නිදහසේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට අවස්ථාවකි. මෙම හඬ පටයට මුල්වන පොලිස් ස්ථානය තිබෙන්නේ බස්නාහිර පළාත තුළය. ඒ බව පොලිස් ප්‍රධානීහු පවා දනිති. ඒ මෙම හඬපටය විශේෂ පොලිස් අංශයක් මගින් වගකිවයුතු තැන්වලට යොමුකර ඇති බැවිනි. එහෙත් අදටත් ඒ ගැන විමර්ශනයක් ඇත්තේම නැත. රටේ ඇති බොහෝ පොලිස් ස්ථානවල අද තත්ත්වය මෙයට වෙනස් නැත. පොලිසිය ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සාක්කුවේදැයි ජනතාව අසන තරමට මත්කුඩු ජාවාරම රටේ උඩුදුවා හමාරය.

අයිස්වලින් පසු රටේ තරුණ පරපුර බිලිගන්නේ 4-MMC දැයි තවම ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. අන්තර්ජාලය ඔස්සේ ඉතා සූක්ෂ්ම ලෙස යුරෝපාකරයේ අලෙවි වෙමින් තිබුණු මෙම මත්ද්‍රව්‍ය විශේෂය ගැන එම කලාපයේ පමණක් නොව, මත්ද්‍රව්‍යවලට එරෙහිව නීතිය බලාත්මක කිරීමේ ලෝකයේ ප්‍රබල ආයතන පවා මෙවැනි මත්ද්‍රව්‍යයක් ඒ වන විට සංසරණය වෙමින් ඇතැයි දැනුම්වත් වන්නේ 2008 වසරේදීය. ඒ වන විටත් එක්සත් රාජධානිය තුළ පවා මෙම මත්ද්‍රව්‍ය තිබී ඇත්තේ වේගයෙන් ව්‍යාප්තවය. මෙම මත්ද්‍රව්‍ය නීති විරෝධි බවට මුලින්ම ප්‍රකාශයටපත් කර ඇත්තේ ඊශ්‍රායලයයි. ඒ 2008 වසරේදීය. ඒත් එක්කම යුරෝපීය රටවල් බොහොමයක්ම මෙය තහනම් කරනුයේ එහි ඇති බලපෑම ගැන සලකා බලාය. යුරෝපා සංගමයේ පවා අවධානය ඊට යොමු වී තිබුණු අතර, යුරෝපා සංගමය තුළ 4-MMC මත්ද්‍රව්‍යයට තහනමක් පනවන්නේ 2010 වසරේදීය. ඒත් එක්කම ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ එක්සත් ජනපදය පවා 4-MMC නීති විරෝධි මත්ද්‍රව්‍යයක් ලෙස නම් කරනු ලැබීය. 

කාටත් හොරා මෙරටට ඇතුළු වී ඇත්තේ ලෝකයම දන්නා මෙන්ම ලෝකයේ බොහෝ රටවල මේ වන විටත් තහනම් කර ඇති මත්ද්‍රව්‍යයකි. මෙම මත්ද්‍රව්‍ය මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් මොරටුවෙන් සොයා ගන්නේ පොඩි තොරතුරක් පස්සේ පන්නමින් කුෂ් මත්ද්‍රව්‍ය අල්ලන්නට ගොසිනි. සෙල්ලම් ජිප් රථයක් තුළ සඟවා තිබියදී සොයා ගන්නේ කුඩු වශයෙන් තිබුණු 4-MMC මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් පමණි. හොරොයින්, අයිස්, කොකේන් වැනි මත්ද්‍රව්‍ය පවා මෙරට තරුණ ප්‍රජාව මුලින්ම ගිල ගත්තේ මේ ආකාරයට සුළු වශයෙන් රැගෙන විත්ය. මෙය කුඩක් වශයෙන් තිබී හමුවූව ද එය පෙති කරල් වැනි ස්වරූපයෙන් ද තිබිය හැකිය. ඒ නිශ්චිත හැඩයක් ඊට නැති බැවිනි. මේ නිසාම මෙම අලුත් මත්ද්‍රව්‍ය මෙම ව්‍යාපාරික පුතාට හමුවූ ආකාරය ගැන ගැඹුරෙන් සොයා බැලීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් අමතක නොකළේය. එබැවින් දැඩි ප්‍රශ්න කිරිම්වලට පවා ඔහුව යොමු කරන්නට සිදු වී තිබුණේය. 4-MMC මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන මහ මොළය ගැන තොරතුරු එළියට එන්නේ එහිදීය. එම පුද්ගලයා අත්තිඩිය බෙල්ලන්තර පදිංචිකරුවෙකි. ව්‍යාපාරිකයෙක් වන ඔහුත් 32 හැවිරිදි වියේ පසුවන්නෙකි. බෝට්ටු හිමිකරුවෙක් මෙන්ම බෝට්ටු අමතර කොටස් සම්බන්ධ ව්‍යාපාරිකයෙක් වන ඔහු ද අත්තිඩියේ ජීවත් වෙන්නේ සුවිසල් නිවසකය. මේ පුද්ගලයා ගැන සොයා බැලීමේදී හෙළි වන්නේ ඔහුගේ ව්‍යාපාර රැසක් ක්‍රියාත්මකව ඇත්තේ මාලදිවයින ආශ්‍රිතව බවය. ඒ වන විට ඔහු සිය නිවසේ රැඳී සිටින බව මොරටුවේදී අත්අඩංගුවටගත් තරුණයා පවසන්නට වූ බැවින් වහාම ක්‍රියාත්මක වූ සඳරුවන් ඇතුළු කණ්ඩායමක් එම නිවසට ද පැන්නේ ඒ වන විටත් ඔවුන් භාරයේ සිටි තරුණයාව මත්ද්‍රව්‍ය සමඟ තවත් කණ්ඩායමක් එහි කැඳවා ඔවුන්ට භාර දෙමිනි.

එම වැටලීම ද සාර්ථක එකක් බවට පත්වන්නේ 4-MMC මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන මහ මොළකරු අත්අඩංගුවට ගැනීමෙනි. එහිදී ඔහු සතුව ද තිබී කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13ක් සොයා ගත්තේය. ඒත් එක්කම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරාගේ නායකත්වයෙන් පොලිස් සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන සංජීව (91287), සියන්ත (94009), වෙන්මදිරාජා (104914), ප්‍රනාන්දු (105103) සහ කොස්තාපල් රියැදුරු තිසර (80501) යන නිලධාරීන් කළුබෝවිල ඇන්ඩසන් පාරේ වැටලීමක් කරනුයේ අත්තිඩියේදී අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයාගේ සගයෙක් කොටුකර ගන්නටය. මෙම වැටලීම සිදුවන්නට වූයේ අත්තිඩියේදී ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට සමගාමීවය. එහිදී ඉලක්කගත පුද්ගලයාව කොටුකර ගනු ලබන්නේ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සමඟිනි. ඔහු 37 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මෙසේ තැන් තුනකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වෙන් වෙන්ව තබාගෙන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් කරන්නට වූ උපක්‍රමශීලි දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවන්නට වූයේ 4-MMC නමැති මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එනු ලබන්නේ ගුවන් තැපෑලෙන් බවය. මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එන රටක් ගැන පැහැදිලි අනාවරණයක් මෙම ලිපිය සටහන් තබන මොහොත වන තුරුම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට අනාවරණය වී නොතිබුණි. එහෙත් මෙහිදී සුවිශේෂී කරුණක් හෙළි කර ගැනීමට හැකියාව ලැබී තිබුණේය. එනම් ගුවන් තැපෑලෙන් රැගෙන එන මෙම මත්ද්‍රව්‍යවලින් කොටසක් අත්තිඩියෙන් අල්ලාගත් ව්‍යාපාරිකයා විසින් මාලදිවයිනට කූරියර් කරන බවය. ඔහු එම මත්ද්‍රව්‍ය මාලදිවයිනට කූරියර් කරනු ලබන්නේ සෙල්ලම් බඩු තුළ සඟවාය. මොරටුවේ නිවසින් හමුවන්නේ එසේ මාලදිවයිනට කූරියර් කිරීමට සූදානම් කර තිබුණු මත්ද්‍රව්‍ය කොටසය. මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ගුවන් තැපෑලෙන් මෙරටට ගෙන්වන 4-MMC නමැති මත්ද්‍රව්‍ය හා කුෂ් ආරක්ෂිතව සඟවා තැබෙන්නේ මොරටුව ලක්ෂපතියේ පිහිටි නිවෙසේ බවය. සුඛෝපභෝගී මෝටර් රථවලින් ධනවතුන්ගේ දරුවන් එහි පැමිණෙනුයේ කුෂ් සමඟ 4-MMC මත්ද්‍රව්‍ය මිලදී ගන්නටය. ඒ හැම ගනුදෙනුකරුවෙක්ම මෙහෙයවනු ලබන්නේ යැයි කියැවෙන්නේ අත්තිඩියෙන් අල්ලා ගත් ව්‍යාපාරිකයාය.

ඔහු බොහෝ දේවල් ප්‍රශ්න කිරීම් හමුවේ සඟවමින් පොලිස් අත්අඩංගුවෙන් මිදීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට අල්ලස් පවා ලබා දෙන්නට සූදානම් වී තිබුණේය. ඒ එක් අයකුගේ නිදහස වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 බැගිනි. මුදලට ගිජුවී ආත්මය පවා දෙන නිලධාරීන්ගෙන් මිදුණු පොලිස් අංශයක් වූ බැවින් මේ කිසිවකුටත් එදා නිදහසක් උරුම වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් තිදෙනාව රඳවා ගැනීමේ නියෝගයකින් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ රඳවාගෙන විමර්ශන පැවැත්වෙන්නේ 4-MMC මත්ද්‍රව්‍ය ජාවාරම ගැන මෙතෙක් හෙළි වී නොමැති තොරතුරු ඔවුන්ගෙන් වමාරා ගන්නටය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ජෝති සොයාගෙන අවුරුදු 36ක් තිස්සේ බොරැල්ල කනත්තට එන රසිකයෝ ! VIDEO I Sri Lanka Latest News

Next Post

චීන අසූචි පොහොරවලට ‌නිකම් ගෙවූ ඩොලර් මිලියන 6.9 යළි ගන්න බැරි හේතුව විගණකාධිපති හෙළිකරයි! කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුලු ආයතන වගකීම පැහැර හැරලා! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.