• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැනට සති දෙකයි කෝ පොලිස්පති? I Sri Lanka Latest News

July 8, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා ඉතිහාසයේ කවදාවත් පොලිස්පතිවරයෙක් නැතිව මෙපමණ කාලයක් රට පාලනය වෙලා නැහැ. ලෝක4 ඉතිහාසය තුළවත් පොලිස්පතිවරයෙක් නොමැතිව මෙපමණ කාලයක් රටක් පාලනය වෙලා නැහැ. පොලිස්පතිවරයාගේ වැදගත්කම කොච්චරද කියලා හොඳට තේරෙන්නේ රට කිසියම් බිහිසුණු අනතුරකට මුහුණ දුන් අවස්ථාවක. හොඳම නිදසුන පාස්කු ප්‍රහාරය.(Sri Lanka Latest News)

පාස්කු ප්‍රහාරයේදී ජනාධිපතිවරයා මුලින්ම වගකීම භාරගන්න කිව්වේ එවක හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට. එවක ජනාධිපති මෛත්‍රිපාල කිව්වේ බුද්ධි අංශ වාර්තා සියල්ල භාරව ඉන්නේ පොලිස්පතිවරයා කියලා. රටට සිදුවන අනතුරක් පිළිබඳ පොලිස්පතිවරයා, ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපතිවරයාව දැනුවත් නොකළේ නම් හෝ එය වළක්වන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් එහි වගකීම සම්පූර්ණයෙන් බාරගත යුත්තේ පොලිස්පතිවරයා බවයි ජනාධිපතිවරයාගේ මතය වුණේ. එවිට පොලිස්පතිවරයා එයට දුන් පිළිතුර වුණේ තමාව කිසිම දිනක ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව පිළිබඳ තොරතුරු අහන්න කැඳවූයේ නැති බවත්, තමාව ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට සහභාගි කර නොගත් බවයි. ඔහු ඔහුගේ නිදහසට කාරණය වශයෙන් තමයි එය කිව්වේ.

පූජිත් ජයසුන්දර කිව්ව ඒ කතාව බොරුවක් නෙවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පූජිත් ජයසුන්දරව පොලිස්පති ලෙස පත් කළාට ඔහුට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහු පොලිස්පති පූජිත් ජයසුන්දරව දුටුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ හිතවතෙක් ලෙසයි. මේ නිසා පොලිස්පතිවරයාත්, ජනාධිපතිවරයාත් අතර ලොකු ප්‍රශ්න ඇතිවුණා. මේ අවස්ථාවෙන් විපක්ෂය ප්‍රයෝජන ගත්තා. විපක්ෂය නාමල් කුමාර කියලා චරිතයක් එළියට අරගෙන ඔහු ලවා ප්‍රකාශ කෙරෙව්වා පොලිස්පතිවරයාත්, ජනාධිපතිවරයාත් ගෝඨාභය රාජපක්ෂත් ඝාතනය කරන්න යන කුමන්ත්‍රණයක ආධාර අනුබල දෙන පොලිස් ප්‍රධානියකු නාලක සිල්වාව ආරක්ෂා කරනවා කියලා. ඔවුන් වක්‍රව කිව්වේ ජනාධිපතිවරයාත්, ගෝඨාභය රාජපක්ෂත් ඝාතනය කරන කුමන්ත්‍රණයට පොලිස්පතිවරයා සම්බන්ධයි කියලායි. විපක්ෂය මේ කතාව ගෙතුවේ ජනාධිපතිවරයාගේත් අනුදැනුම මතයි.

ජනාධිපතිවරයාට වුවමනා වුණා විපක්ෂය ලවා ප්‍රකාශ කරවා ගන්න පොලිස්පතිවරයාව ඉවත් කිරීමට හේතුවක්. මෙතැනදී බයිට් එක වුණේ නාලක සිල්වා කියන පොලිස් නිලධාරියායි. ඔහු පාස්කු ප්‍රහාරයේ බෝම්බකරු සහරාන්ලා ගැන විමර්ශන කරමින් සිටි නිලධාරියෙක්. නාමල් කුමාරගේ මේ ගොතපු කතා නිසා නාලක සිල්වාගේ විමර්ශන සියල්ල කඩාකප්පල් වෙලා ඔහු අත්අඩංගුවට පත්වෙනවා. ඊට පස්සේ විපක්ෂය කියන්නේ පූජිත් ජයසුන්දරවත් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති ධුරයෙන් ඉවත් කළ යුතුයි කියලයි. මේ අර්බුදය දිගට ඇදෙද්දී තමයි සහරාන් බෝම්බ ගහන වැඩේ හොඳට සැලසුම් කරන්නේ. මේ වෙනකොට ජනාධිපතිවරයා පොලිස්පතිවරයා සමග කතා කරන්නේ නැහැ. ඒ වෙලාවෙත් තිබුණේ රටේ පොලිස්පතිවරයෙක් නැති තත්ත්වයක්. මේ අවස්ථාවෙන් තමයි සහරාන් ප්‍රයෝජන අරගෙන පාස්කු බෝම්බය සැලසුම් කළේ.

අදත් ඇතිවෙලා තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. අද තියෙන්නේ ජනාධිපතිත් පොලිස්පතිත් අතර ප්‍රශ්නයක් නෙවෙයි. අද තියෙන්නේ ජනාධිපතිවරයා, පොලිස්පතිවරයාව පත්කරන්න ගන්න පමාව පිළිබඳ ප්‍රශ්නයක්. එදා ජනාධිපති පොලිස්පතිව හමුවුණේ නැති නිසා, ඔහු ආරක්ෂක මණ්ඩලයට නොකැඳවූ නිසා ඔහු සතුව තිබුණු බුද්ධි අංශ වාර්තා හමස් පෙට්ටියට ගියා. අද පොලිස්පතිවරයෙක් නැති නිසා පොලිසියට ලැබෙන බුද්ධි අංශ වාර්තා සම්බන්ධයෙන් ජනාධිපතිත් පොලිසියත් අතර සම්බන්ධීකරණය කරන්නේ කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේක හරි භයානක තත්ත්වයක්. එන සතියේ පොලිස්පතිවරයා පත්වෙන්න පුළුවන්. නමුත් පහුගිය සති දෙකේ පොලිස්පතිවරයා අතුරුදන්ව සිටි කාලයේ මොන බුද්ධි අංශ වාර්තා ලැබුණාද, ඒවා සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවාද කියන එක රටටම අබිරහසක්.

Sri Lanka Latest News

අලුත් පොලිස්පති කෝ…

ලංකාවේ පැරැණිතම දෙපාර්තමේන්තු අතර පොලිස් දෙපාර්තමේන්තුවද එකකි. බි්‍රත්‍යාන්‍ය කිරීටයට මෙරට නතුව තිබූ සමයේ සිය පාලනය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරිම පහසු කරවනු වස් පිහිටවනු ලැබු පොලිස් දෙපාර්තමේන්තුව අදවන විට ලාංකිකයාගේ ජන ජීවිතය හා ගහට පොත්ත මෙන් බැඳී ඇති ආයතනයකි. නීතිය සහ සාමය රැකීම පොලිසියේ මූලික වගකීමක් යැයි කීවාට ගෙවල් දොරවල්වල දෙන්නා දෙමාල්ලන්ගේ ආරවුල්, පිළිකන්නේ තිබූ කෙසෙල් කැන හොරෙන් කපාගෙන යාම, දෝණියන්දෑ තරුණයකු කා පලායෑම වැනි දහසකුත් එකක් සිවිල් ආරවුල් විසඳීමද පැවරී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට. එහෙව් වගකීම් බහුල පොලිස් දෙපාර්තමේන්තුව අද වන විට පත්ව ඇත්තේ නායකයකු නැතිව අයාලේ යන තත්ත්වයකටය.

කඩිනමින් පොලිෂ් කළ යුතුව තිබූ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ අවසානයට සිටි පොලිස්පතිවරයා චන්දන වික්‍රමරත්නය. ඔහු සිය දෙවැනි සේවා දිගුවද නිමාකරමින් පසුගිය ජූනි 26 වැනිදා විශ්‍රාම ලැබුවේය. සම්මත ක්‍රමයට නම් ඔහුගේ විශ්‍රාම යාමට දිනයකට හෝ දෙකකට පෙර නව පොලිස්පති කවුරුන්දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රකාශයට පත්කළ යුත්තේය. එහෙත් මෙවර එවැනක් සිදු නොවූයේය. ඒ පිළිබඳ බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කළේ ව්‍යවස්ථාදායක සභාවටය. එහෙත් ව්‍යවස්ථාදායක සභාවට සුදුසන් නම්කර යැවිය යුත්තේ ජනාධිපතිවරයාය. නමුත් වත්මන් පොලිස්පති විශ්‍රාම යන දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටියේ විදේශගතවය. මේ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශ පමාවීම මත නව පොලිස්පති පත්කිරීම දිගින් දිගටම පමාවූයේය.

චන්දන වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමත් සමග ඊළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙක් තරග කරන්නට වූහ. ඔවුන් පොලිසියට බැඳුණු සහ වර්තමාන තනතුරට උසස් කරන ලද දිනයන් අනුව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුපිළිවෙළින් පහත පරිදි වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු, රජිත ශ්‍රී දමින්ද, අජිත් රෝහණ, කමල් සිල්වා සහ මහින්ද ගුණරත්න එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දොළොස් දෙනාය.

එහෙත් මෙතෙක් පොලිස්පතිවරයා තෝරාගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අනුගමනය කරන ලද ක්‍රමවේදය අනුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිටින නිලධාරීන් තිදෙනා මේ සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයයි. මේ අනුව දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටින නිලධාරීන් තිදෙනා වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස කටයුතු කරන නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත ලෙස කටයුතු කරන ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත භාරව කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් යන තිදෙනාය. මෙම නිලධාරීන් තිදෙනා සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස එකම දින සේවයට බැඳුණු අය වන අතර, එහෙත් ජ්‍යෙෂ්ඨත්වය සකස් කිරීමේදී මුලින්ම නිලන්ත ජයවර්ධනත් දෙවැනුව ලලිත් පතිනායකත් තෙවැනුව දේශබන්දු තෙන්නකෝනුත් මේ වන විට පොලිස්පති තරගය සඳහා ඉදිරිපත් වීමට මුලින්ම සුදුසුකම් ලබා ඇති නිලධාරීන් ලෙස සැලකිය හැක.

කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන සන දේශබන්ධු තෙන්නකෝන් යන දෙදෙනාටම පාස්කු ප්‍රහාරය වළකා නොගැනීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත. එවක රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධනට මෙහිදී වැඩි බරක් දැරීමට සිදුවෙයි. දේශබන්දු තෙන්නකෝන් හට මැයි 09 වැනිදා ගාලුමුවදොර අරගලයට එල්ලවු ප්‍රහාරය වළකා නොගැනීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත. ඒ, පාස්කු ප්‍රහාරයේ චෝදනාවන්ට අමතරවය.

මේ ආකාරයේ සන්දර්භයක් රට තුළ නිර්මානය වී තිබියදී දෙසතියකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පොලිස්පති ධුරය පුරප්පාඩු වී තිබේ. එහෙත් ආණ්ඩුවේ කිසිවකුට ඒ ගැන වගේ වගක් නැත. පාස්කු ප්‍රහාරයෙන් පසු එවක හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවන ලදී. එහෙත් එවක ක්‍රියාත්මක වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිගේ තනි කමැත්තට පූජිත් ජයසුන්දර ධුරයෙන් ඉවත් කළ නොහැකි විය. එහෙයින් පසුගියදා විශ්‍රාම ගිය චන්දන වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ලෙස පත්කරනු ලබීය.

එදා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වත්මන් ආණ්ඩුවේ බහුතරයක් එම තත්ත්වය ගැන බරපතළ ලෙස විස්සෝප වූහ. පොලිස්පතිවරයෙක් පත්කර ගන්නටවත් බැරි පාර්ලිමේන්තුව කුමකටදැයි ඔවුහු ප්‍රශ්න කළහ. එහෙත් අද වැඩබලන පොලිස්පතිවරයෙක්වත් පත්කර නැත. වාර්තා වන ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස කටයුතු කරන නිලන්ත ජයවර්ධන පොලිස්පති ධුරයේ රාජකාරි යම් මට්ටමකට ආවරණය කළද එම ධුරයේ සියලු රාජකාරි ආවරණය කිරීම පහසු නැත.

මේ දිනවල ලංකාවේ බිඳ වැටී ඇත්තේ ආර්ථිකය පමණක් නොවේ. වඩාත් දරුණු බිඳවැටීම ඇත්තේ සමාජයේය. ලංකාව එක වෙලාවකට චිකාගෝව පාරදවන තරම්ය. නාඳුනන තුවක්කුකරුවෝ රට පුරා වෙඩි තබමින් මිනී මරමින් සිටිති. පාසැල් දරුවන් පවා බිහිසුණු ලෙස ප්‍රචණ්ඩව ඇත. දින හතරක කාලයක් තුළ වයස 18ට අඩු තරුණියන් හයදෙනකු දූෂණය වී අති බව වාර්තා වූයේ පසුගිය සතියේය. වාර්තා නොවන ඒවා කෙතරම්ද? හොරකම්, මංකොල්ලකෑම් ඉහවහා ගොසිනි. ප්‍රබල දේශපාලනඥයෙක් වන දයසිරි ජයසේකරගේ පුත්‍රයා අග නගරය මැද මංකොල්ලකෑවේ මහ දවල්ය.

එහෙව් රටක දෙසතියක් පොලිස්පති ධුරය හිස්ව තැබීම කෙතරම් අනුවණ ක්‍රියාවක්දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ අපරාධ පැත්තෙන් ගත් විටය. පොලිස්පති කරන්නේ අපරාධ මඬින්නට නායකත්වය දීම පමණක් නොවේ. පොලිස් දෙපාර්තමේන්තුවේ සුවහසක් පරිපාලන රාජකා‍රි පොලිස්පතිගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. පොලිස්පති සහන මැදිරිය ඉන් එකකි. තවත් එවන් ව්‍යුහයන් රාශියකි. මේ සියල්ල මුළුමනින් බිඳවැටී ඇතැයි අප නොකියනමුත් ඒවා සෑහෙන තරම බිදවැටී ඇති බව මේ වන විටත් තහවුරුවෙමින් පවතී. එ සියල්ලේ අවසාන වින්දිතයා වන්නේ අන් කවුරුත් නොව දෙකෝටිය ඉක්මවන මෙරට ජනතාවය.

පොලිස්පති ධුරය පිවවීම වඩාත් හදිසි කාර්යයක් බවට පත්ව තිබෙනමුත් ඇතැම් ආගමික නායකයන් තමුන් නොරුස්සන උදවිය පොලිස්පති පුටුවෙන් ඈත් කරන්නට උත්සාහ ගනිමින් සිටිම පුදුමසහගතය. මේ වන විටත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ සහ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ පොලිස්පති පත්කිරීමට සක්‍රීයව මැදිහත්වීම් කර ඇති බව අද රටම දන්නා කරුණකි. චෝදනාවලින් තොර රටටත් ජනතාවටත් පිළිගත හැකි නිලධාරියකු පොලිස්පති ධුරයට පත්කිරීම පිළිගත හැකි අවශ්‍යතාවයකි. එහෙත් ඒ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ලිපි ලියමින් බලපෑම් කිරීම කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැක.

පොලිස්පති ධුරය පිරවීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙන්ක් පිළිබඳ සලකා බලන්න්නටවත් එපා යැයි අගරදගුරු හිමිපාණෝ ව්‍යවස්ථාදායක සභාවට ලිඛිතව දන්වා ඇති බව කියැවේ. රහස්‍ය ලේඛනයක් ලෙස එම සභාවේ සභාපති කතානායක වෙත යවා ඇති එම ලිපියේ කියවෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා අන් කවරකුවත් නොව නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් බව වටහා ගන්නට මහ ලොකු මොළයක් අවශ්‍ය නැත. කාදිනක් හිමිපාණන්ට මේ දෙදෙනා ගැන ඇත්තේ පාස්කු ප්‍රහාරය ගැන ඔත්තුව නොතකා හැරීමේ චෝදනාව බව රහසක් නොවේ.

තම බැතිමතුන්ට එල්ලවූ නින්දිත ප්‍රහාරය ගැන උන්වහන්සේගේ කෝපය සාධාරණය. එහෙත් ස්වාධීන කොමිෂන් සභාවකට බලපෑම් කිරීමට තරම් එම කෝපය සාධාරණීකරණය කිරීමට කිසිවකුටත් නොහැක. කාදිනල්තුමන්ගේ මැදිහත් වීම නොකළ යුතු ක්‍රියාවක් බව මේ වන විටත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසා ඇත. මේ මොහොතේ පවතින උග්‍ර ආණ්ඩු විරෝධය නොවන්නට මේ වන විටත් ඒ පිළිබඳ සමාජ සංවාදයක් ආරම්භ වීමට ඉඩ තිබිණි.

පළාත් සභා මැතිවරණය කල්දැමූ ආණ්ඩුව එම ආයතන සතුව පැවැති බලතල සියල්ල ආණ්ඩුකාරවරු හරහා තම පාලනයට නතුකරගෙන සිටී. පළාත් පාලන ආයත සඳහා මැතිවරණය කල්දැමීම මගින් එම ආයතන සතුව පැවැති බලතලද ලේකම්වරුන් හරහා අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇත. ඒ අනුව පොලිස්පති ධුරය නොතකා හැරීම මගින් අනගතයේ පොලිසියේ පාලනය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට ආණ්ඩුව උත්සහ ගන්නේදැයි යන සැකය සමාජයට ඇත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කුඩුකාරයෝ ගෙදර බඩු ඔක්කොම විකුණලා කුඩු ගහනවා වගේ රනිල්-රාජපක්ෂ ආණ්ඩුවත් රටේ සියලු සම්පත් විකුණනවා! අන්තිමේදී අපිට සැකයි අටමස්ථානයත් විකුණයිද කියලා! භික්ෂුන් වහන්සේලා ආණ්ඩුවේ විකිණිල්ලට එරෙහිව අනුරපුරෙන් පාරට බසී! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් 20 වැනිදා ඉන්දියාවට යන්න කලින් ඉන්දියාව විදේශ ලේකම් ලංකාවට එවයි! I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.