අපි දැක්කා පාර්ලිමේන්තුවට තියන මුදල් බලය ජනාධිපති තුමාට පවරා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කළා.ඊයේ නිවාඩු දවසක් හදිසියේ පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා ප්‍රංශයේදී තමයි හෙළිදරව් කළේ එහිදී විශේෂයෙන් ආණ්ඩුව සාමාන්‍ය සම්ප්‍රදායට එහා ගිහින් හදිසි කටයුත්තක් සඳහා සැරසෙනවා වගේ රටට ලෝකයට පෙන්න පාර්ලිමේන්තුව කැඳෙව්වා එය ආණ්ඩුව කියලා තිබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා යෝජනාවක් ගෙනත් එය සම්මත කරගන්න ඒක ගැන විවාදයක් පවත්වනවා කියලා. නමුත් ආණ්ඩුව ලහිලහියේ සෙනසුරාදා දවසේ පාර්ලිමේන්තුව රැස් කර තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරණය ටත් එහා ගිහිල්ලා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තිබෙන මූල්‍ය බලය තීන්දු තීරණ සීමාවකින් තොරව ජනාධිපතිතුමාට අවසරය ලබා දෙන්න.එහිදි අපි අහන්නේ ඇයි හදිසියේ සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳෙව්වේ අපි අහනවා.මොකද නැවත අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් වෙන්න නියමිතයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක් රැස් කරන්න මිලියන දහයකට වඩා වියදම්ක් එක දවසකට යනවා සෙනසුරාදා දවසට සේවකයින්ට අතිරේක දීමනාවක් ගෙවන්නත් ඕන ඒ අනුව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයට මුදල් බලය පවරන්න පාර්ලිමේන්තුව රැස් කළේ. Sri Lanka Latest News
දැන් රට බංකොලොත් වෙලා තියෙනවා කියලා නායකයෝ ප්‍රකාශ කරලා තියෙනවා ලෝකෙ වටේ ණය ගන්න හිඟා කනවා ජනතාවට දරාගන්න බැරි තරම් බදු ගහලා ආදායම් මාර්ග පහළ වැටිලා අද වෙනකොට ජනතාව ඉතා මාරුවෙන් ජීවත් වෙන්නේ ඒ තත්ත්වය තුළ පාලකයන් අපට කියනවා පටි තද කරගන්න කියලා සෙනසුරාදට පාර්ලිමේන්තුව රැස් කරලා කෝටි දහයකට වැඩි මුදලක් වියදම් කරනවා ඔය යෝජනාව අඟහරුවාදාට සම්මත කරගන්න තිබුණා එහෙම නැතුව සෙනසුරාදා නිවාඩු දවසට සේවකයන්ට අතරේක දීමන ගෙවලා කෝටියකට වඩා මුදල් වියදම් කරලා ඇයි මේ හදිස්සිය කියන එක අපට තේරුම් ගන්න බැහැ.
ජනාධිපතිතුමා කැබිනට් අනුමැතිය ගත්තා එතුමාට ණය ප්‍රතිව්‍යුහගත කරණයට වෙන්න පුළුවන් ආර්ථික සංවර්ධනය හෝ ඉදිරියට ගෙන යෑමට වෙන්න පුළුවන් ඒ සියලු දේවල් එකතු කරලා යෝජනාවක් ගෙනල්ලා පාර්ලිමේන්තුවට තියෙන මූල්‍යමය බලතල ජනාධිපතිතුමාට පැවරීමේ යෝජනාව ඊයේ ගෙනාවා එහිදී මොකටද පාර්ලිමේන්තුවක් විධායක ජනාධිපතිවරයා හැටියට එතුමාට විධායක බලතල තියෙනවා පාර්ලිමේන්තුව රටේ ව්‍යවස්ථාදායකය දැන් ව්‍යවස්ථාදායක මේ රටේ ජනතාව නියෝජනය කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයත් රට පිළිබඳවත් තීන්දු තීරණ ගන්න තැන ඒ ව්‍යවස්ථා දායකයට තමයි මුදල් බලය හිමි වෙලා තියෙන්නේ මූල්‍යමය වශයෙන් ලබා ගන්නා වූ තීන්දු තීරණ හැම එකක්ම පාර්ලිමේන්තුවෙන් තමයි ලබාගන්නේ එහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැති කෙනෙක් එතුමට ව්‍යවස්තාවේ තියෙන්නේ මාස තුනකට එක සැරයක් පාර්ලිමේන්තුවට ඇවිත් වාඩිවෙලා කතාවක් කරල යන්න එතුමා මුදල් ඇමැතිවරයා හැටියට ඒ බලය ලබාගෙන පාර්ලිමේන්තුවට තියෙන මූල්‍ය බලයත් එතුමාට සහයෝගය දෙන පොදු ජන පෙරමුණ හරහා යෝජනාවක් සම්මත කරලා ඒ බලතලත් ලබාගන්නවා.එහිදී පාර්ලිමේන්තුව නිෂේධ වෙනවා දැන් පාර්ලිමේන්තුවක් වැඩක් නැහැ මොකටද අපි රටේ ජනතාවගේ බදු මුදල් දවසකට කෝටියකට වඩා වියදම් කර ගන්නේ. අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුව නිෂේධ කරලා පාර්ලිමේන්තුවේ බලතල පවරා ගෙන තියෙනවා ඒක බරපතලම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් මේ ගමන් කරන්නේ දරුණු භයානක තැනකට රට ඒකාධිපති පාලනයකට ගෙනයන්න රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය උත්සාහ කරනවා. අද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වස්ථාදායකය ගැන කතා කරනවා ඒ සියලු දේවල් ඊයේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් ගෙනාපු ඒ යෝජනාවට ඡන්දය දීලා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ඊයේ තීන්දු කළා කියලා මතක තියාගන්න ඊයේ දිනය ඉතාම අඳුරු දිනයක් බවත් මේ අවස්ථාවේ කියනවා.
ඒ වගේම කතානායක තුමා මොන පක්ෂෙන් ආවත් ස්වාධීන වැඩ කරන්න ඕන සියලුම මන්ත්‍රීවරුන්ගේ කතානායක වරයා විදියට නමුත් ඊයේ දිනයේ පොදුජන පෙරමුණේ කතානායක වරයා විදිහට හැසිරීම දැක්කා. පාර්ලිමේන්තුව විවාදය යන අතරතුරදී පක්ෂ නායකයන් හා ලේකම්වරු සියලු දෙනා එකඟත්වයකට ආවා කථානායකතුමා ඇතුළුව විවාදයේ කාලය දික් කරන්න සෙනසුරාදා හා ඉරිදා පාර්ලිමේන්තුව දවස් දෙකකට දාපු එක අන්තිමට ආණ්ඩු පක්ෂයේ විසින් එක දවසකට සීමා කලා. ඒ සීමා කිරීම විවාදයේ කාල සීමාව වැඩි කරන්න රාත්‍රී 9:30 දක්වා පාර්ලිමේන්තුව ගෙනයන්න ඊයේ දවසේ පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තු ලේකම්වරුන් තීන්දු ගත්තා කතානායක වරයා ද එය දැනගත්තා එහෙම කියලා අන්තිමට විපක්ෂයේ හත් දෙනෙක් කතා කරන්න සිටිය දී බලහත්කාරයෙන් කතානායක තුමා පාර්ලිමේන්තු විවාදය හත හමාරට අවසන් කළා ඒ බලවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙතක්. රටේ ඉදිරිගමන හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් ලෙස මේ කතානායක තුමාගේ හැසිරීම බරපතළ කාරණයක් විදිහට පේනවා. මම හිතනවා කථානායකතුමා ඔහුව කවුරුහරි මෙහෙයවනවා කියලා ඒ වගේම නොපෙනෙන හස්තයක් විසින් දිගින් දිගටම මෙහෙයවනවා කියන එක කථානායකවරයාගේ හැසිරීම තුළ අපට පේනවා අපි දැක්කා මුදල් කාරක සභාවේ සභාපති පත් වෙනකොට ඒ සභාපතිවරයා ස්ථාවර නියෝග යටතේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕන කියන එක සඳහන් කර තිබියදී කතානායක වරයා දිගින් දිගටම එය කරේ නැහැ අන්තිමට ජනාධිපති වරයාට ඇවිල්ලා මුදල් කාරක සභාවේ වාඩිවෙන්න ඉඩ දුන්න ජනාධිපතිවරයාට මුදල් කාරක සභාවේ හෝ වෙනත් කාරක සභාවට බලපෑම් කරන්න බැහැ නමුත් අපි දැක්කා පහුගිය කාලේ ජනාධිපතිවරයා ඇවිත් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ක්‍රියාවට සෘජු ලෙස මැදිහත් වීම මීට පෙර අපි දැක්කා ඒ මැදිහත්වීම ලබා දුන්නේ කතානායක වරයා එහිදී අපි දන්නවා කතානායක වරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ කතානායක හැටියට නෙමෙයි ඒක පාර්ශිකව පොදුජන පෙරමුණ නියෝජනය කරන කතානායකවරයා හැටියට ඔවුන් කියන කියන දේවල් කරන්න ඔවුන්ව සන්තෝෂ කරන්න ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කළ බව කථානායකවරයාගේ කලාප යනු අපිට පේනවා. කතානායක වරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගරු නොකර හැසිරෙනවා කියලත් පේනවා.
ඊයෙ ගෙනාපු යෝජනාවෙන් පේන දෙයක් තමයි සියලු දෙනාටම ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබඳ විවාදයක් කියලා එය කරන්නේ කොහොමද සමාජයට එයින් ඇතිවෙන බලපෑම ආර්ථිකයට ඇතිවෙන බලපෑම ජනතාවට ඇතිවෙන මූල්‍යමය බලපෑම අර්ථසාධකය වැනි අරමුදල්වලට ඇතිවෙන බලපෑම ගැන තමයි මාධ්‍ය තුළ පහුගිය සතිය තුළ දැක්කේ නමුත් ඒ සියලු දේවල් යටපත් කරලා සියලු දේ හංගලා අන්තිමට ජනාධිපතිතුමාට ඒ පිළිබඳව සීමාවකින් තොරව තනි තීන්දු ගන්න පුළුවන් යෝජනාවක් ගෙනල්ලා ඊයේ පාර්ලිමේන්තුව සම්මත කළා අපිට අහන්න තියෙන්නේ විශේෂ දෙයක් තමයි රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ ඡන්දය දෙන්න හිටියේ නැහැ ඇයි ඒ. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වැනි අය හිටියේ නැහැ අපි දන්නේ නැහැ රාජපක්ෂවරු අලුත් ගේමක් ගහන්න යනවද කියලා.මහින්ද රාජපක්ශ මතිතුමා කාලයෙන් කාලයට ඒගොල්ලො පත්කළ ජනාධිපතිවරයා කරන කියන දේවල් ගැන ඒ අයට යම් කිසි ආකාරයක ගැටළු තියෙනවද කියලා දන්නේ නැහැ නමුත් ඊයේ රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුවට ඡන්දය දෙන්න ආවේ නැහැ ගෝල බාලයො ටික නම් ඡන්දය දුන්නා ඒ නිසා සමහරවිට හැමදාම කරන දේ ගෝලයෝ යවලා ඒගොල්ලො ගෙවල් වල ඉන්න ඇති උඹලා ගිහිල්ලා ඡන්දය දීපන් අපි එන්න ඕන නැහැ කියලා මතයක් හදාගෙන.එහිදී අපිට පේන්න තියෙන දෙයක් තමයි මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක් . රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලිබරල් වාදියෙක් කියලා පෙන්වනවා ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන පුද්ගලයෙක් බවට සමාජය ඉදිරියේ පෙන්වනවා නමුත් ඒ සියලු දේ පෙන්නුවේ විපක්ෂයේ ඉන්නකොට නමුත් ජනාධිපතිවරයා වුණාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ ලිබරල් වාදී චින්තනයෙන් එහාට ගිහිල්ලා වැඩවසම් මානසිකත්වය හා ඒ චින්තනය තුල එතුමා ගමන් කරනවා කියන එක මනාව පැහැදිලි වෙනවා. නැවත වතාවක් වික්‍රමසිංහ මැතිතුමා ඔප්පු කළා එයා ලිබරල් වාදියෙක් වත් ප්‍රජාතන්ත්‍රවාදයට හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුද්ගලයෙක් නෙමෙයි තවමත් ඉන්නේ වැඩවසම් යුගයේ කියන එක.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මේ අදහස් දැක්විය.










