වත්මන් පාලකයින් රට ආර්ථික වශයෙන් පරිහානියට පත්කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරති. Sri Lanka Latest News
අද (02) පමුණුගම ප්‍රදේශයේ ආශිර්වාද පූජාවකට එක් වෙමින් උන්වහන්සේ එම අදහස් පළ කළහ.
“අපේ රට හිඟාකන තත්ත්වයට පත්කරන නායකයෝ පිරිසක් තමයි අද මේ රටට පත්වෙලා ඉන්නේ. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා කොළඹ වරාය දිගු කරනවාලු දික්ඕවිට. මොනවද මේ සිහින ? මේවා කරන්න පුළුවන් දේවල්ද ? අපේ දැන් තියෙන වරායවත් ඒ අයට පාලනය කරගන්න බැරුව එක එක රටවලට දෙනවා. ඉලක්කයට මේ මුළු පමුණුගම තීරයම. මේවගෙන් මුදල් හම්බකරලා කාල බීලා ජොලි කරලා ඊට පස්සේ ඒ අය මැරිලා යයි. රටේ මිනිස්සුන්ය රොඩු විතරයි ඉතුරුවෙන්නේ මේ ක්‍රමවේදය තුළ. 2048ක් එන්නේ නැහැ. 2048 එන්න කලින් මෙහෙම ගියොත්නම් විනාශ වෙනවා.”










