• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ බැංකුව නම් බැඳුම්කර… බැඳුම්කර නම් මහ බැංකුව I Sri Lanka Latest News

July 3, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එදා වගේමයි අදත්… අද වගේමයි හෙටත්…

මෙය දැන්වීමක් නොවේ… ප්‍රවේසමෙන් කියවන්න…

බැංකු ගැන දැන සිටි ලංකාවේ මිනිසුන් මහ බැංකුව දැන සිටියේ මුදල් නෝට්ටු නිකුත් කරන්නට බලය ඇති ආයතනය ලෙසය. එමෙන්ම එය තම තමන්ගේ ගමේ හෝ නගරයේ ඇති බැංකුවලට වඩා ආරක්ෂාව සහිත තැනක් ලෙස ඔවුහු විශ්වාස කළහ.(Sri Lanka Latest News)

එහෙයින් මහ බැංකුව යනු උපරිම ආරක්ෂාව සහිත තැන ලෙස සාමාන්‍ය ජනයා විශ්වාස කළහ. ලේසියෙන් පහසුවෙන් සල්ලි හොලවන්නේ නැති මසුරු මිනිස්සු සමාජයේ උපමා කරන්නේද මහ බැංකුවටය. ‘මිනිහාගේ අතට සල්ලි ගියාම ඉතින් මහ බැංකුවට ගියා වගේ තමයි’ ඇතැමුන් පවසන්නේ එහෙමය. එහෙත් මේ සියල්ල අයත් වන්නේ අතීතයටය.

අතීතයේ බැංකු මංකොල්ලකෑවේ සන්නද්ධ මැරයන් විසිනි. ගිනි අවිවලින් සන්නද්ධව පැමිණ නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් කොතැනකට හෝ ගාල්කර බැංකුව සුද්ද කරගෙන යෑම ඒ කාලේ ක්‍රමය විය.

එහෙත් මේ කාලේ වෙනස්ය. දැන් බැංකු කඩන්නේ ටයි කෝට් ඇඳගත් නම්බුකාරයන් විසිනි. අද වන විට බැංකු කොල්ලකෑම වූකලී ගෙඩිය පිටින් සුදු කරපටි අපරාධයක් බවට පත්ව ඇත්තේය. මේ ආකාරයේ කොල්ලයට මෑත කාලයේ ලක්වනුයේ අන් බැංකුවක් නොව ශ්‍රී ලංකා මහ බැංකුවය.

ඒ පසුගිය මැයි 31 සහ ජූනි 01 වැනිදාය. එක වරක් නොව පිට පිට දෙවරක් මහ බැංකුව කොල්ලකෑ සුදු කරපටි අපරාධකාරයෝ රැගෙන ගිය මුදල තවමත් නිශ්චිතවම ගණන් බලා නැතත්, එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 30ක් පමණ වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසන්නේය.

මේ වූ කලී ලංකාවේ සිදුවූ මුල්ම මහ බැංකු කොල්ලය නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව යනු බැඳුම්කර අලෙවිය මගින් 2002 වසරේ සිට 2015 දක්වා අඛණ්ඩව කොල්ලකන ලද ආයතනයක් බව 2015 දී ලෝප්‍රකට විගණන සමාගමක් වන බී.ඩී.ඕ. සමාගම සැකසූ වෝහාරික විගණනයක් ඇසුරෙන් සැකසූ වාර්තාව මගින් තහවුරු වෙයි.

එම වාර්තාවට අනුව 2002 – 2015 අතර කාලයේ සිදුවූ බැඳුම්කර නිකුත් කිරීම් මගින් සිදුකර ඇති වංචාව රුපියල් බිලියන 10.62ක් බව පවසන ලදී. 2002 – 2015 යනු මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති ධුරය දරමින් සිය ඥාති මිත්‍රාදීන් සමග රාජ්‍ය පාලනය කළ සමය වෙයි. එහෙයින් රුපියල් බිලියන 10.62ක් වූ ඒ මහා වංචාව රාජපක්ෂවරුන්ගේ ශේෂ පත්‍රයට බැරකළ යුතුමුත් අදටද බහුතර ලාංකිකයන් පිරිසක් එසේ සිතන්නේ නැති බව 2020 මහ මැතිවරණයේ ප්‍රතිඵල මගින් තහවුරු වෙයි.

2015 වසරේ යහපාලන රජය සමයේ සිදුකළ බැඳුම්කර වංචාවේ පාඩුව රුපියල් බිලියන 9ක් බව එම විගණන වාර්තාව මගින් ද තහවුරු කර තිබිණි. පාසුකාලීනව මෙරට සිදුවූ සීනි බදු වංචාව, ඇන්ටිජන් වංචාව, කාබනික පොහොර වංචාව වැනි වංචාවන් රැසක් හමුවේ බැඳුම්කර වංචාව රටටම අමතකව යන ලදී.

එවන් රටක් යළිත් මහ බැංකුව ගැන කතා කරන්නට පටන් ගත්තේ මීට මාස කිහිපයකට පෙර එහි සුරක්ෂිතාගාරයේ තිබී රුපියල් මිලියන පහක් අතුරුදන් වීමත් සමගය. එම මුදල පිළිබඳ අදටද කරුණු හෙළිව නැත. එවන් පසුබිමකදී සමගි ජන බලවේගයේ විධායක සභික නිරෝෂන් පාදුක්ක පසුගියදා තවත් බැඳුම්කර වංචාවක් ගැන තොරතුරක් රට හමුවේ තැබුවේය.

එහෙත් 2015 බැඳුම්කරය බදාගෙන වැළපුණු දේශප්‍රේමීහු එක් අයෙක්වත් නිරෝෂන් පාදුක්ක හෙළිකළ මේ මහා බැඳුම්කර වංචාව ගැන තවමත් එකම එක වචනයක් කතාකර නැත. පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැන් තමන් ස්වාධීන මන්ත්‍රීවරුන් යැයි පවසමින් හොටු පෙරමින් ජනතා අනුකම්පාව යදිනා එකදු මන්ත්‍රීවරයෙක් හෝ මේ මහා බැඳුම්කර වංචාව ගැන කාතාකර නැත. මාධ්‍යද එසේමය. ජනතාවද ඊට දෙවැනි නැත.

සමස්ත රටම ‘ඩෝන්ට් කෙයාර්’ න්‍යායෙන් අමතක කරන්නට යන 2023 මැයි – ජුනි බැඳුම්කරයේ අවනඩුව අල්ලස් කොමිසමටවත් කියන්නට නිරෝෂන් පාදුක්ක සහ මුජිබර් රහුමාන් යන සමගි ජන බලවේගයේ ඉදිරිපෙළ සගයන් තීරණය කරන්නේ ඒ අනුවය.

අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවට යන මුජිබර්, නිරෝෂන් දෙදෙනා ඒ පිළිබඳ පැමිණිල්ලක් කරන්නේය. ඒ පිළිබඳ මුජිබර් රහුමාන් මෙසේ පවසන්නේය. ‘පසුගිය මැයි 26 වැනිදා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බැඳුම්කර නිකුතුවක් නිවේදනය කළා.

ඒ රුපියල් බිලියන 160ක් ලබාගන්නට. ඒ සඳහා වෙන්දේසිය තිබ්බේ මැයි 31 වැනිදා. ඒ වෙන්දේසියෙන් බිලියන 160ක් සොයාගන්න පුළුවන් වුණා. ඒ, 25.65%ක පොලී අනුපාතයට. ඒ එක්කම මහ බැංකුව තවත් රුපියල් බිලියන 40ක බැඳුම්කර අලෙවියක් ප්‍රකාශ කරනවා.

ඒක ඊට පස්සෙ දවසේ, ඒ කියන්නෙ ජුනි 01 වැනිදා පවත්වන්න. එතැනදීත් රුපියල් බිලියන 40ක් 25.65% පොලියටම ගන්නවා. ඒත් ඊට පැය කීපයකට පස්සේ ඒ කියන්නෙ එදාම රෑ මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කරනවා 2.5%කින්.’

‘මෙන්න මෙතැන තමයි ප්‍රශ්නය තියෙන්නේ. පොලී අනුපාතය තීරණය කරන්නේ මුදල් මණ්ඩලය. ඒකට මහ බැංකු අධිපතිත් ඇතුළත්. මේ කණ්ඩායමම තමයි බැඳුම්කර වෙන්දේසිය කරන ‘ඔක්ෂන් බෝඩ්’ එකෙත් ඉන්නේ.

එතකොට ඒ ගොල්ලෝ 31 වැනිදා දන්නෙ නැද්ද පළවැනිදා රෑ ඉඳලා පොලී අනුපාතය 2.5%කින් අඩු කරනවා කියලා? ඊට වඩා පළවැනිදා රුපියල් බිලියන 40ක් උදේ ගන්නවා 25.65% පොලියට. හවස පොලිය අඩුකරනවා 2.5%කින්. පොලිය අඩු කරන තීරණය වගේම වැඩි පොලියට බැඳුම්කර ගන්න තීරණයත් දෙකම ගන්නේ එකම නිලධාරීන් පිරිසක්. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ නිලධාරීන්ගේ වෘත්තීයභාවය ගැන…’

මේ පිළිබඳ අදහස් දක්වන නිරෝෂන් පාදුක්ක පවසනුයේ 31 වැනිදා සහ 01 වැනිදා පැවැත්වූ බැඳුම්කර වෙන්දේසිය පැය 48කින් පමාකර ගත්තේ නම් රුපියල් බිලියන 200ක් වූ සමස්ත මුදලින් 2.5%ක් ආරක්ෂා කරගන්නට තිබූ බවය. බිලියන 200කින් 2.5%ක් යනු දළ වශයෙන් රුපියල් බිලියන 30ක් පමණ වන බව මුජිබර් රහුමාන් පවසන්නේය.

‘අනෙක් කාරණය මොකක්ද මේ හදිස්සිය. මහ බැංකුව කියනවා ආර්ථිකය හොඳයි කියලා. එහෙනම් ඇයි පැය 48ක් ඉවසගෙන ඉන්න බැරි වුණේ? අපිට මේ ගැන ලොකු සැකයක් තියෙනවා, මේකෙන් කාටහරි අත යට ගානක් ගියාද කියලා.

අන්න ඒ හින්දා අපි දෙන්නා අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක් කළා මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා. මොකද රුපියල් බිලියන 30ක් කියන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි. මේවා මේ විදියට වංචා කළාම වෙන්නේ පීඩාවට පත්වෙච්ච දුප්පත් මිනිස්සු තවත් දුකට පත්වෙන එකයි’ ඔවුන් දෙදෙනා පවසන්නේය.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

නිවාඩු දවසේ කෝටි 10ක් වියදම් කරලා කිසිම සීමාවකින් තොරව මුදල් ඇමැතිට මුදල් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු අත ඉස්සුවා! මේක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රත්තරන් හොරෙන් ගෙනැල්ලා මාට්ටු වුණු මන්ත්‍රී අලි සබ්‍රි රහීමුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ආණ්ඩුවට ඡන්දය දීලා! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.