දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ආණ්ඩුව විසින් සිකුරාදා දිනට කල් දැමීමට පියවර ගෙන ඇත. Sri Lanka Latest News
ආණ්ඩුව මෙම සති අන්තයේ හදිසියේම පාර්ලිමේන්තුව රැස් කිරීමට ගෙන ඇති තීන්දුව සහ එම දිනවලදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ නායක හමුවක් කැදවන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබිණ.
ඒ අනුව එම පක්ෂ නායක රැස්වීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් අද දින දැනුම් දී ඇත්තේ එය සිකුරාදා දිනයේ පැවැත්වීමට තීරණය කොට ඇති බවකි.











