පක්ෂය දැනුම්වත් නොකොට කිසිදු පිටස්තර පාර්ශ්වයක් සමග සාකච්ඡා පැවැත්වීම අත්හිටුවමින් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් නියෝගයක් නිකුත් කොට ඇත. Sri Lanka Latest News
පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම් දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පක්ෂයේ විනය ආරක්ෂා කිරීමත්, පක්ෂයේ ඉදිරි කටයුතු නිවැරදි ආකාරයෙන් මෙහෙයවීමත් අරමුණු කරගනිමින් මෙම උපදෙස් නිකුත් කොට ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ඉදිරි මැතිවරණයදී පක්ෂය ජයග්‍රහණය තළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දැනගන්නට තිබේ.










