• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩිප්ලෝමාධාරීන් 7,342කට ජනපති ගුරු පත්වීම් දෙයි! I Sri Lanka Latest News

June 16, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ඩිප්ලෝමාධාරීන් 7,342කට ජනපති ගුරු පත්වීම් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. Sri Lanka Latest News

ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව සලසන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 2018- 2022 අධ්‍යයන වසර – ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමිනි.

විද්‍යාපීඨ සංකල්පයේ නිර්මාතෘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේදී ජාතික පාසැල් සඳහා ගුරු පත්වීම් 1729ක් සහ බස්නාහිර පළාත සඳහා පත්වීම් 626 ක් ප්‍රදානය කරනු ලැබීය. ඊට සමගාමීව අනෙක් පළාත් 08 සඳහා ද පත්වීම් ප්‍රදානය කිරීම සිදු කළ අතර, ඒ අනුව අද දින පත්වීම් ලැබූ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව 7,342කි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට රජය කැපවී සිටින බවයි.

මෙරට ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන සාධකය මානව සම්පත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මානව සම්පත සූදානම් කිරීමේ වගකීම් ගුරුවරයාට පැවරෙන බව ද පැවසීය.

මේ වන විට රටේ යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන නමුත්, නැවතත් මෙරට ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යාමට නම් අපනයන ආර්ථකය දියුණු කළ යුතු බවත් ඊට ගැළපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමවේදයේ ද වෙනස්කම් සිදුවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

පළමුවෙන්ම අද පත්වීම් ලබන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. කොවිඩ් ව්‍යාප්තිය සහ රටේ ඇති වූ දේශපාලන තත්ත්වය නිසාත් වසර 02ක් වැඩිපුර තම අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඔබට සිදු වුණා. ඔබට එම අධ්‍යාපනය ලබාදුන් පිඨාධිපතිවරුන් ඇතුළු ගුරුවරුන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.
අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කළේ 1985 වසරේ මම අධ්‍යාපන අමාත්‍යවරයාව කටයුතු කරන සමයේදියි. මේ වන විට අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කර අවුරුදු 38ක් ගතව තිබෙනවා. මෙම අවුරුදු 38 තුළ විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුව තිබෙනවා.

එදා ජංගම දුරකථන තිබුණේ නැහැ. පරිගණක යම් ප්‍රමාණයක් පමණයි තිබුණේ. ඒ සියල්ල නිෂ්පාදනය කරනු ලැබුවේ ඇමරිකාව සහ එංගලන්තය. අද එම සමාගම් බංකොළොත් වෙලා. අද මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ චීනය, නැත්නම් ඉන්දියාවයි. මේ රටවල් දෙකේ තමයි පරිගණක නිෂ්පාදන දැනුම තිබෙන්නේ. මෙලෙස විශාල වෙනසක් සිදුව තිබෙනවා. එහි නව දැනුම එකතු වී තිබෙනවා.
අපි අද සිටින්නේ 21 වන ශතවර්ෂයේයි. නමුත් තවමත් අපට තිබෙන්නේ 20 වන ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයයි. අපි රජයක් ලෙස කැපවී කටයුතු කරන්නේ 21 වන ශතවර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීමටයි.
ආර්ථික අර්බුදයකට මුහුණ දී අද අපි ඉන් ගොඩ එමින් සිටින අවස්ථාවක්. රට තුළ ආර්ථික ස්ථාවර බවක් ඇතිව තිබුණත් නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිරියට යනවා නම් වෙළෙඳ ශේෂය දියුණු කළ යුතුයි. ඒ වගේම අපනයනයෙන් මුදල් උපයා ගත යුතුයි. එසේනම් ඊට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් අප ඇති කළයුතුයි.
රටේ ආර්ථිකය ගොඩගන්නවා වගේම රටේ අනාගතය වෙනුවෙන් අපනයන ආර්ථිකයකට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ද සකස් කළ යුතුයි. ආර්ථිකය ගොඩනැගීමේ දී අපට තිබෙන ප්‍රධාන සම්පත මානව සම්පතයි. මෙම මානව සම්පත වර්ධනය කරන්නේ ගුරුවරුන් විසින්. ඒ නිසා ගුරු සම්පත ද අප දියුණු කළයුතුයි.
අධ්‍යාපනය වෙනුවෙන් අද අපි වෙනම අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීම මෙම කමිටුවට පැවරෙනවා. දැනට ජාතික අධ්‍යාපන කොමිසමෙන් ඒ පිළිබඳ අපට වාර්තාවක් ලබා දී තිබෙනවා. ඊට අමතරව අධ්‍යාපන නවීකරණය පිළිබඳ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එක් එක් අංශ නියෝජනය කරන කණ්ඩායමක් පත් කර තිබෙනවා.
මේ වාර්තා සියල්ල අගෝස්තු මාසය අවසන්වන විට අපට ලබාදෙන්න කියලා අපි දැනුම් දී තිබෙනවා. ඒ හරහා 21 වන ශතවර්ෂයට ගැළපෙන, අදට පමණක් නොවෙයි 2050ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා.
08 වසර සමත් වූ නිසා හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් වූ නිසා පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ නිසා හැම දරුවෙකුටම වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම රජය භාරගතයුතුව තිබෙනවා. එය ආණ්ඩුවක් ලෙස අපි භාරගෙන තිබෙනවා. එසේනම් ඊට ගැළපෙන ලෙස පාසල් අධ්‍යාපනය සකස් කළයුතුයි.
සංගීතයට, කලාවට දක්ෂතා දක්වන අය සිටිනවා නම් එම හැකියාවන් වර්ධනය කර ගැනිමට අප අවස්ථාව ලබාදිය යුතුයි. විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවල එම අවස්ථාව තිබෙනවා. අපත් එවන් වැඩපිළිවෙළකට යා යුතුයි. උසස් පෙළ විෂයයන් පමණක් නොවෙයි, ජීවිතයට අවශ්‍ය විෂයයන් හැදෑරීමට එමගින් අවස්ථාව ලැබෙනවා.
වසර 13ක් අධ්‍යාපනය ලබනවා නම් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍යද කියන ගැටළුව තිබෙනවා. ඇතැම් අය කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවශ්‍ය නැති බවයි. ඊට උදාහරණයක් ලෙස පෙන්වන්නේ ලෝකයේ දියුණුම රට වන ඇමරිකාවයි. එහි සාමාන්‍ය පෙළ විභාගයකුත් නැහැ, උසස් පෙළ විභාගයකුත් නැහැ. අපට එය කරන්න පුළුවන් වෙයි කියා මම හිතන්නේ නැහැ . නමුත් අපි සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක් ගත යුතුව තිබෙනවා. එය මීට වඩා වෙනස් විදියකට පවත්වනවද, නැත්නම් සමත්, අසමත් විභාගයක් ලෙස පවත්වනවද යන්න පිළිබඳව.

අපි වසර 13ක අධ්‍යාපනයක් ලබා දෙනවා නම් විභාගයත් ඒ අනුවම පැවැත්වීමේ යුතුකමක් අපට තිබෙනවා. දැන් විභාගවල දින මාරු වෙනවා. ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා විවිධ මාසවල උසස් පෙළ විභාගය පවත්වනවා. එසේනම් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නීතියෙන් නියම කළ යුතුයි. ඒ ආකාරයට විභාග නිසි වේලාවට පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් වෙනවා.
විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා විට මට වයස අවුරුදු 21යි. අඩුම තරමින් වයස අවුරුදු 23දී විශ්වවිද්‍යාලයෙන් පිට විය යුතුයි. ඒ වගේම අද අලුත් විෂයයන් ගණනාවක් තිබෙනවා. අද අපිට ඉංග්‍රීසි භාෂාව ඉතා අත්‍යාවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ කියලා කිසිවෙකුට හැඟවෙන්න බැහැ.
19 සහ 20 වන ශතවර්ෂයේ සිංහල ලේඛකයන්, සාහිත්‍යකරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණයවී සිටිනවා. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ, ඊ.ආර්. සරත්චන්ද්‍ර මැතිතුමා, මාර්ටින් වික්‍රමසිංහ ශූරින් මේ සියලුදෙනා ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණය වූ ලේඛකයන් වූවා.
ඒ නිසා සියලුදෙනාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ එම වැඩසටහන අපි සකස් කළයුතුයි. ඒ සඳහා පළමුව ඉංග්‍රිසි ගුරුවරුන් ලබාදිය යුතුයි. ඉදිරි වසර 05 තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි ඉන්පසුව ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන යා හැකියි. ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව නොවුණත් අපේ ලිපි ගොනු ගණනාවක් තවම ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යනවා. අපි එතනට සීමා නොවිය යුතුයි. චීන භාෂාව, ජපන් භාෂාව, හින්දි, අරාබි මෙම භාෂා ඉගෙන ගැනීමට අපි අවස්ථාව සලසා තිබෙනවා.
ඒ වගේම අපේ විශ්වවිද්‍යාල පද්ධතියත් නවීකරණය කළයුතුයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලසීමාව වසර 03 ද 04 ද කියා තීරණය කළයුතුයි. එසේම මේ රජ්‍ය විශ්වවිද්‍යාල ද නවීකරණය කළ යුතුයි.
මේ වන විට වසරකට සිසුන් 40,000ක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවා. ඒ වගේම පිරිසක් පිට රට යනවා. තවත් පිරිසක් උසස් අධ්‍යාපන ආයතනවල ඉන්නවා. ඒ නිසා රජ්‍ය විශ්වවිද්‍යාල, ජාතික විශ්වවිද්‍යාල වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමටත් අපි අවකාශ සලසා දෙනවා.
එලෙස රජයට අයත් නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඇති කරනවා නම් ඒ ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහන පොළියකට නැත්නම්, පොළී නැතිව ණය ලබාදීමට තීරණය කර තිබෙනවා.
අපේ රටේ විතරයි සිසුවෙකු කළයුතු විෂය ආණ්ඩුව තීරණය කරන්නේ. අනිත් හැම රටකම ශිෂ්‍යයන්ටත් අයිතියක් තිබෙනවා තමන් කැමති විෂය තෝරගන්න. ඒ ක්‍රමවේදය අප සකස් කළයුතුයි.
තවත් වසර 15 – 20කින් තිබෙන පංතිකාමරය මොකක්ද කියා අපි කිසිවෙකුටත් කිව නොහැකියි.. දැන් තිබෙන කෘතිම බුද්ධිය වැනි තාක්ෂණය සමග අපි ඉදිරියට යන්නේ කොහොමද කියා බැලිය යුතුයි. Chat GPT නිසා ඉදිරියේ දී ඉගැන්වීමේ ක්‍රම ද සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපි සිටින්නේ විශාල පරිවර්තනය යුගයක. ඒ නිසා එම තාක්ෂණය සමග අප ඉදිරියට යා යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා –
රටක දියුණුවට, රටේ නව පරම්පරාවේ බලාපොරොත්තු ඉටු කිරීමට ඒ වගේම නව දැනුමෙන් නව පරම්පරාවක් බිහි කිරීමට ඔබ ලබාගත් අධ්‍යාපනික පුහුණුව හා දැනුම දායාද කිරීමට අද සිට ඔබ වගකීමකින් සහ යුතුකමකින් බැඳෙනවා.

වගකීම් හා යුතුකම් කියන දෙකම අපේ අධ්‍යාපනයට අවශ්‍ය වන කාල පරිච්ජේදයක් තමයි මේ ඇතිවෙලා තිබෙන්නේ. එම කර්තව්‍ය ඉටු කිරීමෙහිලා දැනුම සුවිශේෂ වස්තුව බවට පත් වෙලා තිබෙනවා
කෙනෙක් ලබාගත් දැනුම නැමැති වස්තුව කුමන භෞතික දෙයකින්වත් විනාශ කරන්නට බැහැ. විවිධ විෂයයන් තුළ ඔබට ලබාදී තිබෙන සුවිශේෂ වූ පුහුණුව අපේ දරුවන් හා ශිෂ්‍ය පරම්පරාවට ලබාදී ශක්තිමත් අනාගතයට පරම්පරාවක් ඇති කිරීමේ වගකීම ඔබට පැවරෙනවා.
වත්මන් ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියදී විද්‍යා පීඨ ආරම්භ කොට විශේෂ පුහුණුවක් මගින් ගුරු පරම්පරාවක් දැනුමෙන් සන්නද්ධ කරන්න කටයුතු කළා. අද ඔබ බොහෝ දුර ගමනක් ඇවිදින් තිබෙන්නේ ඒ ගමන් මග තුළ. අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ඔබ තැන්පත් කරන දැනුම අනාගත ලංකාවේ ශක්තිමත් පුරවැසියෙකු බිහි කරනවා.
අද දින කුමන ආර්ථික අමාරුකම් පැවතිය ද ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශාල ශක්තිය ලබා දී තිබෙනවා. ඔබ පාසල් හරහා අවශ්‍ය ශක්තිමත්, දැනුමෙන් යුත් දරුවන් සමාජයට දායාද කරන්නට කටයුතු කරන්න. ගුණාත්මක අධ්‍යාපන ක්ෂේත්‍රයේ අප බලාපොරොත්තුවන ඉලක්ක කරා ගමන් කරන්නට ඔබ සියලුදෙනා කැපවී කටයුතු කළයුතුයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා
ගරු ජනාධිපතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස 1985 ජාතික අධ්‍යාපන ආයතන පනත සහ 1986 විද්‍යාපීඨ පනත හඳුන්වා දීමෙන් පසුව තමයි අවුරුදු තුනක පුහුණු පාඨමාලාවකින් පසු විද්‍යාපීඨ ගුරුවරුන් අපේ පාසල් පද්ධතියේ සේවය සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබුණේ.
මේ වන විට අපේ රටේ දෙලක්ෂ පනස් දහසක් පමණ ගුරු පරපුරක් දස දහස් එකසිය තිස් පහක් වන රජයේ පාසල්වල සේවය කරනවා. ලක්ෂ 41ක් දරුවන් රජයේ පාසල්වල අධ්‍යාපනය ලබනවා. පෞද්ගලික හා ජාත්‍යන්තර පාසැල්වල තවත් එක් ලක්ෂ පනස් දහසක් පමණ අධ්‍යාපනය ලබනවා.
පුහුණු හා ගුණාත්මකභාවයෙන් යුතු ගුරුවරු පාසල්වලට ලබා දීම සඳහා තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. මෙම අධ්‍යාපන විද්‍යා පීඨ 19 පවත්වාගෙන යන තුන් අවුරුදු පාඨමාලා, අවුරුදු 04 පාඨමාලා බවට පරිවර්තනය කර ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට පැමිණි යෝජනා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැනට ඩිප්ලෝමාධාරීන් ලෙස පිට වූ අයට ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන ඔස්සේ උපාධිය දක්වා තම සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සළසා දෙනවා. ඉන් ඔබ්බට පශ්චාද් උපාධිය දක්වා අවශ්‍ය පහසුකම් සැපයීමට අප සැලසුම් සකස් කර තිබෙනවා.
අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රමනායක , රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, පියල් නිශාන්ත, සුරේන් රාඝවන්, අරවින්ද් කුමාර් යන මහත්වරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, විද්‍යා පීඨ පීඨාධිපතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-06-16

SendShareShare
Previous Post

මවක් සහ දියණියක් ලොරි රථයකට බිලිවෙයි! IVIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න තවත් ප්‍රතිඵලයක්! ලංකාවේ ජනතාවගෙන් 70%ක් උයන්නේ දර ළිපෙන්! අපි නෙවෙයි කියන්නේ, රජය කියන්නේ! Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.