කාන්තාවකට වට්ස්ඇප් ඔස්සේ තම රහසඟ ඡායාරූප ගතකර යැවූ පුද්ගලයකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියැදුරකු ලෙස සේවය කරන අයකු බව වාර්තා වේ.
සැකකරු එම අමාත්යෘංශයේම සේවය කළ 61 හැවිරිදි පරිපාලන නිලධාරිනියකට මෙලෙස ඡායාරූප යවා ඇති අතර, ඇය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
විශ්‍රාමික පරිපාලන නිලධාරිනිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනැත්තියක් බවත්, සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියකු බවත් වාර්තා වේ.
අදාළ නිලධාරිනිය සේවය කරමින් සිටින කාලය තුළ සැකකරු ඇගේ රියැදුරා වශයෙන් සේවය කර ඇති අතර, එලෙස ඇතිකරගත් හැදුනුම්කම මත ඇගේ දුරකතන අංකය ලබාගෙන ඇත.
කෙසේ වෙතත් සැකකාර රියැදුරා ඇයට දිගින් දිගටම වට්ස්ඇප් ඔස්සේ කෙටි පණිවුඩ යවා ඇති බවත්, ඇතැම් අවස්ථාවල වීඩියෝ ඇමතුම් ලබාගෙන නිරුවත පෙන්වා ඇති බවද හෙළිව තිබේ.
සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
dasathalankanews










