මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහි නඩුවක් 2017 වසරේ ගොනු කර තිබුණා. එහි විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී ඇති හෙයින් එම නඩුව කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අද (16) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලා සිටියා. (Sri Lanka Latest News)
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නෑ.ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවා දායකයාට වෛරස් උණ රෝගයක් ආසාදනය වී ඇති බවයි. ඒ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. නඩුව යළි ජුලි මස 17 වනදා කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා විමල් වීරවංශ වෙත නොතීසි නිකුත් කරන ලෙසත් නියම කළා.
මේ අතර මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව පවර ඇති නඩුව ලබන ජූලි 13 දින කැඳවීමට කොළඹ මහාධිකරණය තීන්දු කොට ඇත.










