දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 05 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව වාර්තා වේ. (Sri Lanka Latest News)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.
ඒ අනුව එදින පෙත්සම විවෘත අධිකරණයේ කැඳවනු ලබන අතර, එහිදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරුණු දැක්වීමට නියමිත බවද වාර්තා වේ.
lankaleadnews










