• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකයේ ආණ්ඩු පෙරළන රැල්ල ලංකාවටත් බෝ වෙයිද I Sri Lanka Latest News

May 25, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හමුදාවයි පොලීසියයි ඉස්සරහට දාගෙන රට කරපු තායිලන්ත ආණ්ඩුව පොඩි කොල්ලෙක් බිමට සමතලා කරයි…

තුර්කිය අවුරුදු 20ක් පාලනය කළ එර්දෝගන්ට යන එන මං නැති වෙයි…

මෝදියේ බලය පෙරළා රාහුල් ගාන්ධි කර්ණාටකයේ බලය අල්ලයි…

මන්ත්‍රීවරුන් 50 දෙනකු තෝරා පත්කර ගැනීම සඳහා 1931 ජුනි මාසයේ පැවැති ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී මෙරට සියලු ජනතාවට මුල් වරට සර්වජන ඡන්ද බලය ලබාදෙන ලදී. ආදි ලංකාවට නිදහස ලැබීමට පෙර සහ වෙනත් බොහෝ රටවලට පෙරද ගැහැනු හා පිරිමි යන දෙපාර්ශ්වයටම සර්වජන ඡන්ද බලය ලබාදුන් ලංකාව, ආසියාවේ පැරැණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස සැලකෙයි.(Sri Lanka Latest News)

එකල ජනතාවට මෙම සුවිශේෂ වරප්‍රසාදය ලබාදුන්නේ මෙරට පාලනය කළ බි්‍රතාන්‍ය පාලකයන් විසිනි. ඒ අනුව වත්මන් ශ්‍රී ලංකාවට දැනට සර්වජන ඡන්දය බලය හිමිවී 2023 ජුනි මාසය වන විට හරියටම වසර 92ක් සපිරෙයි. එදා ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් අපට සර්වජන ඡන්ද බලය හිමිවන විට එය අප ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස ලෝකය විසින් හඳුන්වනු ලැබීය. මේ අනුව මෙම ජනතා පරමාධිපත්‍ය බලයට දැනට සියවසකට ආසන්න කාලයක් ගතව ඇත.

මෙලෙස අපගේ ශ්‍රී ලංකාවේ ජනතාවට ලැබුණු උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදී වරප්‍රසාදය වන සර්වජන ඡන්ද බලයට අද සිදුව ඇත්තේ කුමක්ද? එම වරප්‍රසාදය දැනට වසර ගණනාවක සිට මෙරට පාලනයේ සිටි විවිධ රාජ්‍ය පාලකයන් විසින් විටින් විට උලාකන ආකාරය දක්නට හැකිය. එය ඔවුන් විසින් කලින් කලට සිදුකරනු ලබන්නේ මැතිවරණයන් පැවැත්වීම ප්‍රමාද කිරීම හෝ මැතිවරණයන් නොපැවැත්වීම මගිනි.

මෙම ශෝචනීය තත්ත්වය කිසිදු කාලයක නොවූ තරම් සිදුවෙමින් පවතින්නේ මෙම කාලයේදීය. එදා සිදුවූ විජයබා කොල්ලයටත් වඩා උග්‍ර මෙම මැතිවරණ කොල්ලය මේ වන විට මෙරට වත්මන් රාජ්‍ය පාලකයන් විසින් බොහෝ සාර්ථකව සිදුකරනු ලබයි. අද මෙරට රාජ්‍ය පාලකයෝ උත්තරීතර අධිකරණය පවා ලබාදෙන නියෝග උල්ලංඝනය කරමින් එම කූට ප්‍රයෝගයේ යෙදී සිටිති. මොවුන් ඡන්දය කොල්ලකෑම පමණක් නොව, මුළුමනින්ම උලාකෑමද සිදුකරමින් සිටියි. මෙරට වත්මන් නිගණ්ඨ රාජ්‍ය පාලකයන්ගේ මෙම ක්‍රියාවලිය මේ වන විට මුළුමහත් ලෝකය පුරාම දැඩි ලෙස අප්‍රසාදයට පත්ව ඇත.

අද ඔබට සර්වජන ඡන්ද බලයේ මෙම වගතුග ලියා තැබුවේ ඇයි? සර්වජන ඡන්ද බලය අමු අමුවේ උලාකන අමන මුග්ධ පාලකයන් අද මෙරට සිටියද, මෙම කියන මොහොතේදී එම ඡන්ද බලය තම ජනතාවට ලබාදෙමින් සාර්ථක මැතිවරණ පවත්වනු ලැබූ රටවල් තුනක් ගැන මේ වන විට වාර්තා වෙමින් ඇත. ප්‍රජාතන්ත්‍රවාදීව එම කටයුතු සිදුකළ රටවල් තුනක් ලෙස වාර්තා වන්නේ ඉන්දියාව, තායිලන්තය සහ තුර්කිය වෙයි. මෙම දිනවලදී එම රටවල් තුළ සිදුවූ මහා මැතිවරණ පෙරළියන් ගැන වගතුග සොයා බලමු.

ඉන්දියාව

ඉන්දියාවේ දකුණුදිග කර්ණාටක ප්‍රාන්තයේ පැවැති තීරණාත්මක මැතිවරණයකින් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය විසින් වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය පරාජයට පත්කර තිබේ. පසුගියදා සිදුවූ මෙම සිදුවීම ඉන්දියානු දේශපාලනය උඩු යටිකුරු කර තිබේ. එනම් පසුගිය වසර දෙකක කාලයක සිට ඉන්දීය කොංග්‍රස් පක්ෂය ඉන්දීය දේශපාලනය තුළ දැඩි පසුබෑමකට ලක්ව සිටියේය.

එසේ වූයේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයේ බලවත්කම නිසාය. එහෙත් මෙම නවතම ප්‍රතිඵලය මගින් පෙනීගොස් ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ ජනතා ප්‍රසාදයේ පිරිහීමකි. මෙලෙස දකුණු ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තයක් වන කර්ණාටක ප්‍රාන්තයේ පළාත් මැතිවරණය පවත්වා ඇත. ඉන්දීය මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට අනුව රාහුල් ගාන්ධි නායකත්වයක් දරන ඉන්දීය කොංග්‍රස් පක්ෂය කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රාන්ත සභා ආසන 224කින් ආසන 130කට වඩා වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත. භාරතීය ජනතා පක්ෂයට ලැබී ඇත්තේ ආසන 70කට අඩු සංඛ්‍යාවකි. මෙහිදී තනිව රජයක් පිහිටුවීමට ආසන 113ක සරල බහුතරයක් අවශ්‍ය විය. එය රාහුල් ගාන්ධිගේ පක්ෂයට හිමිව ඇත.

මෙම ජයග්‍රහණයත් සමග කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් පක්ෂයේ කොඩි සහ බැනර ප්‍රදර්ශනය කරමින් ප්‍රීතිඝෝෂා නගන්නට වූහ. ‘වෛරයේ වෙළෙඳපළ වසාදමා ඇති අතර, ආදරයේ සාප්පුව විවෘත කර ඇතැ’යි රාහුල් ගාන්ධි ජනතාව අමතමින් කියන්නට විය. පසුගියදා පැවැති මෙම ප්‍රාන්ත මැතිවරණය සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය කාලයේ අතිවිශාල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක්ද පවත්වනු ලැබුවේය. එහෙත් අවසානයේදී ඔහු නොසිතූ ආකාරයෙන් පරාජයට පත්වන්නට විය. එසේම එය අන්ත පරාජයකි.

දැනට 53 වැනි වියෙහි පසුවන රාහුල් ගාන්ධි ඉන්දියාවේ හිටපු අගමැති මෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් අතින් ඝාතනයට ලක්වූ රජිව් ගාන්ධිගේ පුත්‍රයාය. ඔහුගේ මව සෝනියා ගාන්ධිය. තම මවට පසුව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපතිත්වය දැරූ රාහුල් ගාන්ධි පසුව එම තනතුරෙන් ඉවත් විය. 2004 වසරේ සිට ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන ඔහු 2023 මාර්තු මාසයේදී ඉන් ඉවත් කෙරිණි. එයට හේතු වූයේ ඔහු අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව අපහාසයක් සිදුකළේ යැයි පැවැසෙන නඩුවක් පරාජය වීමය. ඉන්දියානු අධිකරණයකින් ලබාදුන් නඩු තීන්දුවක් හේතුවෙන් එසේ සිදුවිණි.

‘ඉන්දියාවේ පියා’ ලෙසින් සැලකෙන ලොව මහා ජන නායකයකු වූ මහත්මා ගාන්ධිතුමා ආරම්භ කරන ලද ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දැනට වසර 137ක ඉත්හාසයක් ඇත. පසුගිය දශක ගණනාවක් පුරා මෙම පක්ෂයේ ප්‍රධාන තනතුරු හොබවන ලද්දේ ගාන්ධි පරම්පරාවේ සාමාජිකයන් විසිනි. එහෙත් දැනට වසර දෙකක කාලයක සිට ගාන්ධි පරම්පරාවට දේශපාලනික ජනප්‍රියතාවක් එතරම් නොතිබුණේය. එහෙයින් ඔවුහු ප්‍රධාන තනතුරුවලින් ඉවත්වී වෙනත් පිරිස් වෙත එම තනතුරු ලබාදුන්හ. එහෙත් පසුගියදා පැවැති කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රතිඵල මගින් මෙම තත්ත්වය උඩුයටිකුරු වී තිබිණි.

එනම් නැවතත් ගාන්ධි පවුලේ ජනප්‍රියත්වය ඉන්දියාව තුළ හිස ඔසවන ආකාරය එයින් පෙන්නුම් කළේය. එසේම ඉන්දීය පාලක භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය දැඩි ලෙස ගිලිහී යන තත්ත්වයකට පත්ව ඇත. මෙවර කර්ණාටක ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵලයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂය ආසන 135ක්ද, පාලක භාරතීය ජනතා පක්ෂය ආසන 66ක්ද, සෙසු පක්ෂ ආසන 23ක්ද ලබාගෙන තිබිණි මෙම තත්ත්වය යටතේ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය අතිශයින් පහළ තත්ත්වයකට වැටී ඇතැයි දේශපාලන විචාරකයන් කියා සිටියි.

තායිලන්තය

Sri Lanka Latest News

අපගේ ශ්‍රී ලංකාවට සමීප තවත් ආසියාතික රාජ්‍යයක් වන තායිලන්තයේද මේ වන විට සිදුව ඇත්තේ ලෝක දේශපාලනය උඩුයටිකුරු කරන කතාන්දරයකි. මෙයද අතිශය උණුසුම් වූ වගතුගකි. තායිලන්තයේ 2023 මහ මැතිවරණය පසුගිය මැයි 14 වැනිදා පැවැත්විණි. තායිලන්ත පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 500ක් තෝරාගැනීම උදෙසා මෙම මහ මැතිවරණය පවත්වන ලද්දේය. දැනට වසර 09ක පමණ කාලයක සිට තායිලන්තයේ ඇත්තේ හමුදා පාලනයකි. එනම් 2014 වසරේදී එවක තිබුණු රාජ්‍ය පාලනය, හමුදා කුමන්ත්‍රණයක් මගින් ඉවත් කරන ලදී. ඉන් පසුව මේ දක්වා තායිලන්තයේ අගමැති ධුරය දරන්නේ තායිලන්ත යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයා විසිනි. තායිලන්තය තුළ සාම්ප්‍රදායික රාජ්‍ය පාලනයක් තිබෙන අතර රටේ ප්‍රධාන රාජ්‍ය නායකයා වන්නේ රජතුමෙකි. එහෙත් රාජ්‍ය පරිපාලනය අගමැතිවරයකු යටතේ සිදුකෙරෙයි. පසුගියදා පැවැති 2023 තායිලන්ත මහ මැතිවරණයෙන් එරට දේශපාලනය මුළුමනින්ම උඩුයටිකුරු කර ඇත.

කෝටි 07ක ජනතාවක් වාසය කරන තායිලන්තයේ මෙම වගතුගද වාර්තාවක් වී ඇත. තායිලන්තයේ 2023 මැතිවරණය උදෙසා ප්‍රධාන පක්ෂ 03කට අමතරව තවත් පක්ෂ කිහිපයක්ද තරගවැදී තිබිණි. එනම් එම පක්ෂ අපේක්ෂකයන් දෙදෙනකුට අමතරව තායිලන්තයේ වත්මන් අගමැති සහ හිටපු හමුදාපතිගේ පක්ෂයත් තරග වැදී තිබිණි. ඔහු එහිදී ප්‍රධාන අපේක්ෂකයා විය. දින දෙකක් යන විටදී මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන්නට ගත්තේය.

එය අදහාගත නොහැකි තත්ත්වයක් විය. මෙහිදී ප්‍රධාන පක්ෂ දෙකකම නායකත්වයන් ගෙන තිබුණේ තරුණ පරපුර විසිනි. එනම් මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඉහළින්ම සිටින්නේ මෙම තරුණ නායකත්වයන් දැරූ පක්ෂ දෙක විය. තෙවැනියට සිටියේ වත්මන් අගමැතිගේ පක්ෂය විය.

මෙහිදී තවත් සුවිශේෂ වගතුගක්ද හෙළිවන්නට ගත්තේය. එනම් ඉහළින්ම ජයග්‍රහණයන් හිමිකරගෙන සිටින පක්ෂ දෙකෙන් එකක නායකත්වය තරුණයකු විසින් දැරීමත්, අනෙක් පක්ෂයේ නායකත්වය තරුණියක විසින් දැරීමත්ය. අප මෙම පෙරළිකාරයන් දෙදෙනා ගැන තවත් සොයා බලමු.

Pita Limjaroenrat (Move Forward) පිටා ලිම්ජාරොන්රැට් – ‘මූව් ෆෝවර්ඩ්’ පක්ෂය
දැනට 42 වැනි වියෙහි පසුවන මොහුගේ ප්‍රධානත්වයෙන් ඇති පක්ෂය විසින් මහ මැතිවරණයෙහි ආසන 152ක් දිනාගනිමින් ඉහළින්ම සිටියි. ඔහු ජයග්‍රහණය කර ඇති ඡන්ද ප්‍රතිශතය 38.47%කි. තායිලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් වසර 04ක් පුරා දරන ඔහු තායිලන්තයේ තරුණ පරපුර අතර ප්‍රකට දේශපාලකයෙකි. ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු, සාර්ථක ව්‍යාපාරිකයකුද වෙයි. මොහු කිසිදු දේශපාලනික පවුලකට සම්බන්ධ නැති අයෙකි.

Paetongtarn Shinawatra – (Pheu hai) පෙතොන්ග්ටාන් ශිනවත්‍රා – ‘පෙයූ තායි’ පක්ෂය
දැනට 36 වැනි වියෙහි පසුවන ඇය තායිලන්තයේ හිටපු ප්‍රකට අගමැතිවරයකු වූ තක්ෂින් ශිනවත්‍රාගේ දියණියයි. එසේම ඇයගේ නැන්දණිය වන්නේ තායිලන්තයේ අගමැතිවරිය ලෙස වසර තුනක කාලයක් කටයුතු කළ ෂින්ග්ලක් ශිනවත්‍රාය. ඇය දැනට තායිලන්තයේ ‘පෙයූ තායි’ පක්ෂයේ නායිකාව වෙයි. එංගලන්තයේ සරේ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය, මෙවර මැතිවරණයේ ප්‍රතිඵලවලින් දෙවැනි ස්ථානයට පත්ව සිටින්නීය. එනම් ඇය ආසන 141ක් දිනාගනිමින් 29.37%ක ප්‍රතිශතයක් ලබා ඇත. මෙය සුවිශේෂ ජයග්‍රහණයකි.

Prayut Chan-o-cha (United Thai Nation Party) – ප්‍රායුත් චාන්-චා, ‘යුනයිටඩ් තායි නේෂන් පක්ෂය
වත්මන් තායිලන්ත අගමැති සහ හිටපු හමුදාපතිගේ නායකත්වය දරන පක්ෂය මැතිවරණයේ තෙවැනි ස්ථානයට පත්ව ඇත. ඔහුගේ පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 36ක් පමණක් වන අතර ප්‍රතිශතය 12.63%කි. මෙයින් පෙනීයන්නේ ඔහුගේ පක්ෂය අන්ත පරාජයකට පත්ව ඇති ආකාරයයි.

තායිලන්තයේ වත්මන් දේශපාලනික පෙරළිය හරහා ඉතා පැහැදිලිව පෙනීයන්නේ එරට හමුදා පාලනය දැඩි ලෙස බැහැර කිරීමයි. පොදු ජනතාව හමුදා පාලනයට පයින් ගසා තරුණ දේශපාලකයන් සමීප කරගත් ආකාරය එයින් පෙනෙයි. එසේම දැන් හෙළිව ඇත්තේ ඉහත ජයග්‍රහණය කළ ප්‍රධාන තරුණ පක්ෂ දෙකම එකට එක්ව ඉදිරියේදී නව රජයක් පිහිටුවන බවය. මෙය තායිල්නතයේ මෙන්ම ආසියාවේද දේශපාලනය උඩුයටිකරු කිරීමක් නොවේද?

තුර්කිය

Sri Lanka Latest News

මෙම වදන ඇසූ විටම අපගේ සවනට වැටෙන්නේ මහා ඛේදවාචකයක වගතුගය. එනම් මාස කිහිපයකට පෙරදී ලොව ඇතිවූ මහා විනාශයක් වන තුර්කියේ භූ කම්පනයයි. එරට අහිංසක ජනතාව 50,000කට අධික පිරිසක් එමගින් මරණයට පත්වූහ. කෙසේ හෝ මෙවැනි තත්ත්වයකට මුහුණදී තිබියදීත් පසුගියදා තුර්කියේ ජනාධිපතිවරණයක් නිසි වේලාවේදී පවත්වනු ලැබුවේය.

වර්තමානයේ තුර්කියේ ජනාධිපති වන ටායෙප් එර්ඩෝගන්ට 49.48%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ කෙමාල් කිලික්ඩාරෝග්ලු 44.96%ක ප්‍රතිශතයක් ලබා ඇත.

මේ හෙයින් ප්‍රතිවාදියා ඉතා ප්‍රබල සටනක් ලබාදී ඇති අතර, නිසි ප්‍රතිඵල සම්පූර්ණ වූ විට වත්මන් ජනාධිපතිවරයාට තම තනතුර අහිමි වීමටද ඉඩ ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජාතික උරුමයක් කළ දන්නෝ බුදුන් ගීයේ කවුරුත් නොදත් කතාව I Sri Lanka Latest News

Next Post

අපි හොලිවුඩ් චිත්‍රපටවලින් දැක්ක දේ ඇත්ත වෙන්නයි යන්නේ! නිව්යෝක් නගරය ගිලා බහින්න පටන් අරන්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.