මූල්‍ය අරමුදල හමුවට යන්නේ නම් රුපියල පා කිරීමට සිදුවනු ඇති බවට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දෙසැම්බරයේ කී අනාවැකියක් මේ වනවිට සත්‍ය වෙමින් පවතින් ආකාරයක් දැකගන්නට තිබේ.
වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසුගිය 3 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රුපියල සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලබන සතියේ සිට ඉවත් කිරීමට කටයුතු කරන බවකි.










