මවක්, අවුරුදු එක හමාරක් වයසැති සිය දියණිය ඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලුකර ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ පුවතක් උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
උඩප්පුව, කට්ටකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉස්සන් ගොවිපළක සේවයේ නියුතු අදාළ මව පෙරේදා (02) පස්වරුවේ සිය දැරිය මෙලෙස ඉස්සන් වගාකළ ටැංකියට තල්ලුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
පසුව අදාළ දැරිය ටැංකියෙන් ගොඩගෙන මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකාර මව උඩප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.










