ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබදව අද පෙරවරුවේ නෙත් FM වෙබ් අඩවිය පළ කර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
පොලිසිය පවසන්නේ එවැනි කිසිදු පුවතක් වාර්තා වී නොමැති බවත්, ඒ ආකාරයේ පරීක්ෂණයක් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට නොමැති බවත්ය.
එමෙන්ම අදාළ පුවත සම්බන්ධයෙන් පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කොට ඇති බවද දැනගන්නට ඇත.

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබදව නෙත් fm අද පළ කර තිබූ පුවත!
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන CIDය විමර්ශන අරඹයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.
මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදෙස් රටකදී මීට දින කිහිපයකට පෙර එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී ඇත්තේ.
සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එම පිරිස කුමන්ත්‍රණය කර ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇත්තේ.
ඒ අනුව, මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.










