ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ උත්සාහයට එරෙහිව තානාපති කාර්යාල දැනුවත් කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටී.
ඒ අනුව ඊයේ දිනයේදී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් බාරදීමට සජබ මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා කටයුතු කළේය.
මීට අමතරව පෙරේදා දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් බාරදීමටද හෙතෙම පියවර ගෙන තිබිණ.










