බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සාමාජිකයකුගේ ගිනි අවිය වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් තරුණීයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවු මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණීයක් බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මියගිය තරුණීයගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ ඇතැයි සඳහන් කරන පොලිස් මාධ්‍ය ඒකකය සිද්ධිය සම්බන්ධයෙනන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයිද සඳහන් කළේය.









