• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහේස්ත්‍රාත්වරයා කාමරයේ සිරකර වාහනය අරන් පැන්න හොරා අල්ලයි! කොළඹ ලොකු පාසලක ඉගෙනගත්ත භාෂා 3ක් කතාකරන්න පුලුවන් අයෙක්! මීට කලින් හොරකමේ ගිහින් තියෙන්නේ කවුරුවත් නොකළ විදිහට!

February 14, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
මහේස්ත්‍රාත්වරයා කාමරයේ සිරකර වාහනය අරන් පැන්න හොරා අල්ලයි! කොළඹ ලොකු පාසලක ඉගෙනගත්ත භාෂා 3ක් කතාකරන්න පුලුවන් අයෙක්! මීට කලින් හොරකමේ ගිහින් තියෙන්නේ කවුරුවත් නොකළ විදිහට!
Share on WhatsAppShare on Facebook

කුලියාපිටිය මහේස්ත්‍රාත් සම්පත් ආරියසේන මහතාට අයත් පිළියන්දල මඩපාත, පින්නවල පාරේ නිවෙස කුලියට ගැනීමේ මුවාවෙන් පැමිණ මහේස්ත්‍රාත්වරයා නිවසේ සිර කර නිල මෝටර් රථය කොල්ලකෑ පුද්ගලයා අත්අඩංගුවට ගනිමින් මෝටර් රථය ද සොයා ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

WP KR 2300 අංකය දරන මෝටර් රථය පොලීසිය සොයාගනු ලබන්නේ වත්තල හුණුපිටිය පාරේ නතරකර තිබියදීය. දුරකතන ජාල විශ්ලේෂණයක් ඇතුළු විද්‍යාත්මක විමර්ශනයක් ඔස්සේත් ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේත් කළ දීර්ඝ සහ වෙහෙසකර විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම සැකකරු අවුරුදු 25ක් පමණ වයසැති අයෙකි. අත්අඩංගුවට ගන්නා විට ඔහු තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ වත්තල පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් කුළියට ගෙනය.

මෙම සැකකරු දෙමළ ජාතිකයෙක් වන අතර ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ කතෝලික පාසලකිනි. මෙම සැකකරුගේ පියා රාජ්‍ය බැංකුවක සේවයකර ඇති අයෙක් බවත් සහෝදරයා යුරෝපීය රටක උසස් රැකියාවක නිරතව සිටින්නෙක් බවත් සඳහන්ය.

පියාත් මවත් වෙන්වී ජීවත්වන බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මේ තත්ත්වය මත මෙම සැකකරු වත්තල කුලී නිවසේ පදිංචිව සිටිමින් වංචාවන්වල නිරත වෙමින් ජීවත්වීමට පෙළඹී ඇති බව පෙනී ගොස් තිබේ.

සමාජ මාධ්‍යවල සහ වෙබ් අඩවිවල ඇති දැන්වීම්වලට අනුව ඔහු කෝටි ගානක වංචාවල නිරතව සිට ඇති බවත් මෙම පුද්ගලයා කළ ඇතැම් වංචා කිරීම් ගැන පැමිණිලි පොලිසිවලට ලැබී නැති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

කුළියට සහ බද්දට නිවාස ලබාදෙන බවට පළවී ඇති පුවත්පත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල දැන්වීම්වලට අනුව නිවාස කුළියට ගැනීමේ මුවාවෙන් ගොස් එම නිවාසවල ඇති වටිනා කියන දේවල් සොරා ගැනීම මොහුගේ පුරුද්දක් බවත් මහේස්ත්‍රාත්වරයාගේ නිවස පවා කුළියට ගැනීමේ මුවාවෙන් එහි ගොස් ඇත්තේ ඒ වෙනුවෙන් බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

එහෙත් එම නිවස හිස් නිවසක් ලෙස පැවැති බැවින් ඔහුට සොරා ගැනීමට තිබී ඇති එකම වටිනා කියන දේ බවට පත්ව ඇත්තේ මෝටර් රථය පමණක් බැවින් සැළසුම් සහගතව මෝටර් රථය සොරාගෙන ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මෙසේ ඔහු විසින් කළ වංචා කිරීම් ඇතුළු අපරාධ ගොන්නක්ම මේ වන විට හෙළිවෙමින් ඇති බව කියැවෙති.

ඒ සඳහා ඔහු භාවිතකර ඇත්තේ මිය ගිය කාන්තාවකගේ හැදුණුම්පත් පිටපතකට මිලදී ගත් සිම්කාඩ්පතකි. එම කාන්තාව දෙහිවල පදිංචිකාරියක් බව පොලීසිය සඳහන් කරයි. එම කාන්තාවට පුතෙක් සිටින බවත් ඔහු මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බවත් හෙළිවී තිබේ.

විනිසුරුවරයාගේ නිල මෝටර් රථය මෙම සැකකරු විසින් පැහැරගනු ලබන්නේ පසුගිය 11 වෙනිදා සවස් කාලයේදීය. මෙම සැකකරු පස්සේ පැන්නීමට පොලීසියට තිබුණු එකම හෝඩුවාව වී තිබුණේ ඔහු මහේස්ත්‍රාත්වරයාට ඇමතුමක් දුන් දුරකතන අංකය පමණි.

එම අංකය ඔස්සේ කළ පරීක්ෂාවේදී ඔහු මෑත දින කිහිපය තුළ දිගින් දිගටම ඇමතුම් ලබාගත් අංක 11ක් පොලීසිය හඳුනා ගත්තේය. ඒ එක් අංකයක් වූයේ වත්තල කාන්තාවකගේය. එම කාන්තාව ඇය සතුව තිබුණු අමෙරිකානු ඩොලර් 1000ක් අලෙවි කිරීමට දැන්වීමක් පළකර තිබී ඇත. එම ඩොලර් මිලදී ගැනීමේ මුවාවෙන් එම නිවසට ගොස් ඩොලර් කොල්ලකා පළායාම ඔහුගේ සැළසුම වී තිබී ඇත.

එම කාන්තාව ඔහු අතට ඩොලර් ලබානොදීම හේතුවෙන් ඔහුට එම කොල්ලය සිදුකිරීමට නොහැකි වී ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම නිවසට ගොස් ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් මෙම පුද්ගලයාගේ මුහුණුවර හඳුනා ගැනීමට සමත්ව ඇත. ඊට අමතරව ඔහු මොරටුවේද පුද්ගලයකුගෙන් ඒ ආකාරයටම ඩොලර් කොල්ලකෑමට සූදානම් වී ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ඒ හැරුණු කොට ජංගම දුරකතන අලෙවි කිරීමට ඇතැයි දැන්වීමකට අනුව තවත් ස්ථානයකට ගොස් ජංගම දුරකතන කොල්ලකෑමක්ද ඇති බව හෙළිවී තිබුණි.

මෙම පුද්ගලයාට දෙමළ සිංහල සහ ඉංශ්‍රීසි භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවීමට හැකි බව පෙනී ගොස් ඇත. මෝටර් රථය පැහැරගැනීමෙන් පසු මෙම සැකකරු මෝටර් රථයේ ඇති වටිනා ලියකියවිලි කිහිපයක් ඇතැයි සඳහන්කරමින් එම ලියකියවිලි ලබාදීමට රුපියල් ලක්ෂ 05ක මුදලක්ද මහේස්ත්‍රාත්වරයාට ඇමතුමක් ලබාදී ඉල්ලා තිබේ.

ඒ බව දැනගත් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා විසින් මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයෙක් ලෙස පෙනී සිටිමින් මෙම සැකකරු සමඟ දුරකතනයෙන් කථාකරමින් ලක්ෂ පහක මුදල ලක්ෂ 03 දක්වා අඩුකර එම මුදල් තැන්පත් කිරීමට බැංකු ගිණුම් අංකයක් ඊයේ ඉල්ලා සිට ඇත.

එහිදී ඔහු කෙටි පණිවුඩයක් ඔස්සේ බැංකු ගිණුම් අංකයක්ද ලබාදී තිබේ. එම බැංකු ගිණුම රාජ්‍ය බැංකුවකට අයත් එකකි. එම ගිණුම මෙම සැකකරුගේම ගිණුමක් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඊට අනුව ඔහුගේ පදිංචි ස්ථානය ලෙස සටහන්ව තිබී ඇත්තේ හෝමාගම පැත්තේ ලිපිනයකි.

මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් තිබී ඇත. ඒ අතර වංචා කිරීම් ඇතුළු අපරාධ බොහෝ බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ

මහේස්ත්‍රාත්වරයා උඩ තට්ටුවේ කාමරේක හිරකර හොරෙක් මහේස්ත්‍රාත්වරයාගේ කාර් එක උස්සන් ගිහින්! මහේස්ත්‍රාත්වරයා ජනේලෙන් පැන පොලිසි ගිහින්!
SendShareShare
Previous Post

කිසිම බයක් තියාගන්න එපා! ප්‍රභාකරන් මැරුණා! DNA සාක්ෂිත් තියෙනවා! නෙදුමාරන් උදේ කළ කතාවට යුද හමුදාව හවස උත්තර දෙයි!

Next Post

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සල්ලි නොදුන්නාට සජබය දැඩි තීන්දුවක් ගනී! විපක්ෂයේ බලවේග එකතු කරන්න තීන්දු කරයි! උසාවි යන්නත් සූදානම් වෙයි!

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.