• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරයො එක්ක ඩීල් දාන අලුගෝසු පෙම් රැල්ල…

January 30, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
මැරයො එක්ක ඩීල් දාන අලුගෝසු පෙම් රැල්ල…
Share on WhatsAppShare on Facebook

ප්‍රේමය නම් වූ සොඳුරු විෂය ගැන කතාකරන්නට කොයි තරම් නම් දේ තියෙනවද? කවියන්, ලේඛක ලේඛිකාවන්, ගී පද රචකයන්, ගායක ගායිකාවන් ප්‍රේමය ගැන තම මුවින්, පෑන් තුඩින් මොන තරම් සොඳුරු දේ ලොවට පවසා ඇතිද? කැන්වසයක් මත තෙල් සායම් තවරමින් ලොව නමක් දිනූ චිත්‍ර ශිල්පීන්ද ප්‍රේමය චිත්‍රයට නඟා ඇති සුන්දරත්වය ගැන ඕනෑ තරම් කතා පතපොතෙහි සඳහන් වේ. වැඩි දුරක යන්නේ නැතිව ඉසුරුමුණි පෙම් යුවල දිහාට හැරෙමු. ඒ විස්මිත ගල් වඩුවාද සිය ගල් කටුව නිර්මාණශීලීව හසුරුවමින් ලොවට කියාපෑවේ ප්‍රේමය කෙතරම් නම් මනරම්දැයි කියන සොඳුරු කතාවය.

ඈත අතීතයේ රජවරු සිහසුන එපා කියමින් රොඩී කෙල්ලන් පසුපස ගිය ප්‍රේමණීය කතා අප අසා සිටියේ චමත්කාරජනක ගැඟීමෙනි. ප්‍රබන්ධ කතා පසෙක තැබුවත් ෂා ජහාන් රජතුමා ටජ්මහල තම සුපෙම්වතිය වෙනුවෙන් තැනූ ආදර අන්දරය අදටත් ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ ප්‍රේමය කෙතරම් පිවිතුරුද කියන හැඟීමට මිනිසුන් තවමත් ආදරය කරන නිසාවෙනි.

ඒ තරම් පාරිශුද්ධ යැයි කියන ප්‍රේමණීය වූ ප්‍රේමයට අද සිදුව ඇත්තේ කුමක්ද? පසුගිය දවසක තරුණ කෙල්ලක් ප්‍රේමය මුල්කොට ගෙන නිකරුණේ තම පෙම්වතාගේ පිහි පහරට ගොදුරු වූවාය. එහි උණුසුම වියැකී යන්නටත් මත්තෙන් උසස් පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින පෙම්වතියට සිය පියා ඉදිරියේම ඇසිඩ් පොවන්නට ගිය පෙම්වතකු ගැන බිහිසුණු පුවතක් පසුගිය අඟහරුවාදා (24) උදෑසන ආරංචි විය.

ඒ සියල්ල මැද බාල වයස්කාර තරුණියක සමග 22 හැවිරිදි තරුණයෙක් තංගල්ල ප්‍රදේශයේ හෝටල් කාමරයකදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. එයද ප්‍රේමය මුල්කොට ගෙන සිදුවූ මරණ දෙකකි.

තංගල්ල හෝටල් කාමරයේ මරණයට හේතු වී තිබුණේ උප්පැන්න සහතිකයක ප්‍රශ්නයකි. ඒ කියන්නේ වයස අවුරුදු 18වත් සම්පූර්ණ නැතිව තිබූ ළාබාල පෙම්වතියට ආදරය කළ 21 හැවිරිදි තරුණ පෙම්වතාට ඔහුගේ අම්මා තාත්තා කවුදැයි, තරාතිරම හෝ ගම් ප්‍රදේශය කොහේදැයි සඳහන් වන උප්පැන්න සහතියකයක් තිබී නැත. ඒ නිසාම මේ ඕපපාතික කොල්ලාට තම දියණියව විවාහ කර දෙන්නට ඇගේ මවුපියන් අකැමැති වූවා වන්නට ඇත. දෙන්නාම එකම හෝටල් කාමරය තුළදී ජීවිතය හැර යෑමට ගිවිසුම් ගැසුවේ ඒකය.

එතැනදී මෙම සිදුවීම දිහා පිටස්තරව ඉඳගෙන බලන්නන් හැටියට අපට බොහෝ දෑ සිතෙන්නේය. ඇත්තටම ඔවුන් නියම විදියට ආලය කළාද?

ඔය තරම් අඩු වයසකදී දෙන්නාම එකට මැරෙනවා කියන්නේ එය අසීමිත ආලයක කදිම සංකේතයක් කියන එකද?

කෙල්ලට තවම අවුරුදු 17ය. කොල්ලාට 21කය. පොතේ හැටියට නම් දෙන්නාටම ගැහැනිය සහ පිරිමියා ලෙස තනි තීරණ ගැනීමේ වයසවත් හරියට සම්පූර්ණ වී නැත.

උප්පැන්නයේ ප්‍රශ්නය විසඳාගෙන ප්‍රේම කතන්දරය ජයගෙන එහි කිරුළු දරා සතුටින් ජීවිතය දිනන්නට ඔවුන්ට තව කොයි තරම් නම් කාලය තිබුණාද?

මේ හැටි ඉක්මනට හේතුපාඨ ලියා දෙන්නාම බෙල්ලට තොණ්ඩුව තද කරගත්තේ ‘ප්‍රේමය නම් මෙයයි’ කියන පණිවුඩයත්, එයට විරුද්ධ වන්නන් හට දඬුවම් දිය යුත්තේ මේ ආකාරයටයි කියන පණිවුඩයත් ලෝකයට දෙන්නට නොවේද?

සත්තකින්ම ඒ පෙම් අවුල ලිහාගන්නට තව කොතෙක් නම් පියවර ඔවුන්ට ගන්නට තිබුණාද? ඉවසිල්ලෙන් බලා සිටින්නට කාලය කොයි තරම් නම් තිබුණාද? තොණ්ඩුව තදවී මරණයට මැදිවූයේ ඔවුන් දෙදෙනාගේ යොවුන් ජීවිතයන්ය. හැබැයි ඔවුන් දෙදෙනා සිතන්නට ඇත්තේ කෙල්ලගේ අම්මටයි තාත්තටයි මෙය යස පාඩමක් වනු ඇතැයි කියාය.

ඔවුන් දෙදෙනා සිතූ විදිය මොන තරම් ලද බොළඳද? ‘ප්‍රේමයේ නියම පරිත්‍යාගය මෙයයි, දැනගනිල්ලා…’ යැයි තම තමන්ගේ මවුපියන්ට සහ ලෝකයාට පාඩමක් උගන්වන නියාවෙන් ඔය විදියට ඉතා අඩු වයසෙන් ජීවිතයට සමුදුන් පෙම්වතුන් පෙම්වතියන් කොතෙක් නම් සිටියාද? එයින් කාට හෝ සිදුවූ යහපතක් තිබේද?

‘සදාතනික වූ පිවිතුරු පෙම මෙයයි’ කියන අදහස දෙමින් ඔවුන් ගන්නා මේ තීරණ තීන්දුවල ඇති හිස් බව ඒ අය වටහා ගන්නේ කෙසේද?

ශ්‍රී ලාංකේය පෙම් පලහිලව් තුළ ප්‍රේමය වෙනුවෙන් ගෙල වැලලාගත්, හුම්මානයට හෝ ලෝකාන්තයට බිලිවුණු, ගඟට මුහුදට පැන්න හෝ කෝච්චියට පැන්න කිසිම පෙම් යුවලක් කිසිම විශේෂණ නාමයක් තුළ අමරණීය වූයේ නම් නැත.

‘කොහොමද අර කපල් එක. මාර ලව් එකක් නේදැ’යි කියා මඟ තොටක කිසිවකු ඔවුනට එහෙම අගයක් දුන් වගක් මතක නැත. ‘පව්කාරයෝ, රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මොනවටද මුං මේ දිවි නහගෙන තියෙන්නේ…?’ වයස් භේදයක් නැතිව හැමෝම වාගේ පෙම් පලහිලව්වක් නිසාවෙන් ජීවිතය නැති කරගත්ත පෙම්වතුන්ට දුන්නේ එහෙම ප්‍රතිචාරයන්ය.

විසිඑක් හැවිරිදි පෙම්වතියට ඇසිඩ් පොවන්නට ගිය පෙම්වතා දිහා බලන්න. මේ ලෝකයට ඒ දියණියව දායාද කළ තාත්තා ළඟ ඉන්නකොට ඇයට ඇසිඩ් පොවන්නට තරම් ඔහුගේ ප්‍රේමණීය සිතුවිල්ලට සාතන් අරක්ගෙන තිබිණි. ප්‍රේමයේ හැඟීම් ඒ තරම් සැහැසිද?

ඔව්, ළඟ ළඟම සිදුවූ සිදුවීම් සියල්ල බලන කල ඒක එහෙමය. වයස අවුරුදු 17ක කෙල්ල සමග බෙල්ලට තොණ්ඩුව දාගන්න තරමට, තමන් ආදරය කළ කෙල්ලගේ දෙතොලට ඇසිඩ් බෝතලය තමා ‘බීපන් දැන් මං කිව්වනේ උඹට මේක වෙයි කියලා…’ කියන තරමට, පේමන්ට් එකේ තුට්ටු දෙකට විකුණන්නට තියෙන කුඩා පිහියකින් පෙම්වතියගේ බෙල්ල කපාදමන තරමට, මේ කාලයේ ප්‍රේමය මෙන්ම එහි හැඟීම්ද සැහැසිය.

මෙතැනදී ප්‍රේමය වෙනුවෙන් මරණ වෙනුවෙන් මරණ එක සහ මැරෙන එක වෙනස්ය. පරස්පරය. කපල් ක්‍රමයට ප්‍රේමය වෙනුවෙන් මැරෙන අය හිතන්නේ තම තමන් රෝමියෝ – ජුලියට්ලා ලෙස කවදා හෝ කා අතරත් කතාබහට ලක්වෙතැයි කියලාය.

ආත්මාර්ථය සහ අළුගෝසු මානසිකත්වය මුල්කොට ගෙන තම ප්‍රේමය මරාදමන පෙම්වතුන් හිතන්නේ තමන් සමාජය හමුවේ සහ මිතුරු මිතුරියන් අතර නියම වීරයකු හෝ පිරිමියකු ලෙස කතාබහට ලක්වනු ඇතැයි කියාය.

රෝමියෝ ජුලියට්, ප්‍රේමය වෙනුවෙන් දිවි නසාගත්තද ඔවුන් එලෙස දිවි නසාගන්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොවූ නිසාය. ඒ නිසා මේ ප්‍රේම කතා රෝමියෝ – ජුලියට්ලාට සමාන නැත. මාක් ඇන්තනී නිසා ක්ලියෝපැට්රා දිවි නසාගත්තද ඒ ප්‍රේමයද මෙයට සමකළ නොහැකිය. ඔවුන්ගේ ප්‍රේමණීය දිවි පිදුම්වල මොකක්දෝ කලාවක් තිබුණේය. ඒ පෙම් කතා සහ දිවි නසාගැනීම් ලෝකය පුරා පතළ වූයේ ඒකය.

කොහොමත්, රේස් කෝස් පිටියේ චතුරිගේ බිහිසුණු මිනීමැරුමත් සමග නැවතත් පෙම්වතුන්ගේ අපරාධ රැල්ල පණගසමින් සිටින බව පෙනේ. එදා පේමන්ට් පිහිය වෙනුවට මෙදා තරුණයා ඇසිඩ් බෝතලය අතට ගෙන ඇත. තව ඉස්සරහට මීට වඩා අපරාධ සහ සැහැසිකම් පෙම් කතා සමග ගොඩනැගෙනු ඇතැයි කිව නොහැක්කේ කාටද?

කොයි ආගමට ධර්මයට අනුව වුවද මිනිස් ආත්මයක් ලැබීම භාග්‍යයකි.

ඉතින් අනේ, මේ කිරිකජු කොල්ලන් කෙල්ලන් අහරක් ඉහිරක් නැතිව මරණයේ ලංසුව තබන්නේ ඒ භාග්‍යවත් ලැබීමට නොවේද?

ප්‍රේමය මුල්කොට ගෙන යැයි කියා කෙල්ලට පිහියෙන් අනින හෝ ඇසිඩ් ගසන කොල්ලාට එයින් මතුවට සැපවත් අනාගතයක් ලැබෙතැයි කිව හැකිද? බොහෝ කෙල්ලන් වළ පල්ලට යන විට සමහර අවස්ථාවල කොල්ලා හිර අඩස්සියේ මැරි මැරී දස දහස් වර ඉපදෙනවා ඇත. එහෙම බලනකොට මේ සිදුවීම්වල ඇති ඵලය කුමක්ද?

මොන විදියට කවුරු කීවත්, මේ ශෝචනීය අපරාධවල අවසානයක් නැති බව නම් පෙනෙන්නේය.
එහෙත් අපි පතන්නෙමු, පෙම් අපරාධ රැල්ල වහා අවසන් වේවා…

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගිය පාර වගේද මේ පාර…! හොඳටම දැනගන්න මෙන්න ඡන්ද ප්‍රතිඵලය…!

Next Post

පැරදි-පැරදි, එහෙට-මෙහෙට, පැන-පැන, නාකි වෙවී නායකයෝ වෙලා ඉන්න, අපේ එවුන්ටයි මේ කියන්නේ අහගන්ඩකො ජෙසින්ඩාගෙන්…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.