ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස් අද (29) දහවල් පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරට ලක්වී බරපතල තුවාල සහිතව රෝහල් ගතකර තිබේ.
ඔඩීෂාහි ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ බ්‍රජරාජ්නගර් අසල වැඩසටහනකට සහභාගී විමට යමින් සිටියදී සහකාර උප පොලිස් පරීක්ෂකවරයකු මෙලෙස ඔහුට වෙඩිතබා ඇති බවත්, වෙඩි ප්‍රහාරය ඔහුගේ පපු ප්‍රදේශයට එල්ලවී ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කළේය.
‘සහකාර උප පොලිස් පරීක්ෂක ගෝපාල් දාස් ඇමැතිවරයාට වෙඩිතැබුවා. ඇමැතිවරයා තුවාල ලබා රෝහල්ගත කළා…’ යනුවෙන් බ්‍රජ්‍රාජ්නගර් උප කොට්ඨාස පොලිස් නිලධාරි ගුප්තේස්වර් භෝයි මාධ්‍යයට පවසා තිබිණි.
lankasara










