ඊයේ (25) සිට අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබෙන බවයි කියන්නේ. ඒ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුවයි. අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් ඊයේ (25) සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමටයි බලධාරීන් එකඟවී ඇත්තේ.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කළ බවත් ඒ සඳහා වැයවන පිරිවැය අයකරගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේ කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ දී ගෙවීමට ප්‍රමුඛතාව දියයුතු යැයි විදුලිබල මණ්ඩලයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම උපදෙස් දුන් බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කළා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මෙම සමථය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධිකරණය හා පහසුකම් සැපයීමට මැදිහත් වියයුතු බවත් එම අවස්ථාවේ සමතයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නිර්දේශ වශයෙන් ඇතුළත් කර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගිතා කොමිසම එකඟ බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඊයේ (25) පස්වරුවේ බලශක්ති අමාතයංශයේ ලේකම්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිග සංස්ථාව, ලංකා සහ මහජන යන බැංකුවල සභාපතිවරු එම කොමිසම හමුවට කැඳවූවා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මානව හිමිකම් කොමිසමට ඊයේ පෙරවරුවේ ද සාකච්ඡාවකට සහභාගි වුණා.
මෙම එකඟතාවන් තිබියදීත් ඊයේ (25) දිනයේත් පැය දෙකක් සහ විනාඩි 20ක් විදුලිය විසන්ධි කළා. මෙම එකඟතාවයට පසුවත් ඊයේ පස්වරුවෙත් විදුලිය විසන්ධි කර තිබුණා.










